Tagged ප්‍රජාමූල ඉතුරුම් සහ ණය සම්පාදනය

Featured

ජාතික ජන බලවේග ආණ්ඩුවේ ක්‍ෂුද්‍රමූල්‍ය සහ ණය නියාමන පනත ගැන ආණ්ඩු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු දන්නේ නැහැ -පනත ගෙනෙන්න ආසියානු සංවර්ධන අරමුදලෙන් ආණ්ඩුවට තවත් ණයක්

පනත විවාදයට ගන්නවා මාර්තු 04. ලබන සතියේ. අපගේ යෝජනා ඒ විවාදයට ගන්න පනතට අඩංගු කරලද අපි දන්නේ නැහැ. බොහෝ විට එහෙම නොවෙන්න පුළුවන්. අපි පනත ගැන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දැනුවත් කරන්න ඔවුන් හමු වුනාම – ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු වගේම විපක්ෂ මන්ත්‍රීවරු පනත ගැන දන්නේ නැහැ.

ඉතින් අපිට ඉතාම පැහැදිලියි ලබන සතියේ පනත විවාදයට ගන්නේ සැලකිය ලෙස හැම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ම පනත ගැන දැනුවත්ව නොවේ. ක්‍රමය වෙනස් කරන්න ආපු ආණ්ඩුවේත් පනත් සම්මත වෙන්නේ එහෙම. දන්නේ නැති පනතකට අත උස්සනවා. අතිබහුතරයක් තිබෙන නිසා ජනතාවට හානිකරන පනත් සම්මත කරන්න ආණ්ඩුව පසුබට වන්නේත් නැහැ