‘56 පෙරළියට වසර 56යි ඒත් අපි තාම බිම! – ආචාර්ය මයිකල් ප‍්‍රනාන්දු සාකච්ඡාව: විමලනාත් වීරරත්න ‘ 56 පෙරළිය නමින් අපි හඳුන්වන තත්ත්වය ඇත්තටම දේශපාලන පෙරළියක්ද? එක අතකින් මේක දේශපාලන පෙරළියක් ලෙස හැඳින්විය හැකියි. මොකද බි‍්‍රතාන්‍ය පාලකයන් ගියේ ඔවුන්ගේ නියෝජිතයන්ට මේ රටේ පාලනය භාරදීලයි. විශේෂයෙන්ම ඔවුන් සමාජවාදී රටවල් සමඟ සබඳතා නොපැවැත්වීමට වගබලා ගත්තා. ‘56 පෙරළිය කියන එකෙන් ඒ තත්ත්වය වෙනස් කැරුණක්. අන්තර්ජාතික වශයෙන් ලංකාවේ තත්ත්වය ඉන්පසු වෙනස් වුණා. එමෙන් අභ්‍යන්තරික වශයෙන්ද ධනවාදී ආර්ථිකය වෙනුවට මධ්‍යම ප‍්‍රතිපදාවක්යැ’යි ‘56 නිර්මාතෘවරුන් හඳුන්වපු එක්තරා සංවෘත ආර්ථික වැඩපිළිවෙලක් රට තුළ ක‍්‍රියාවට නැගුණා. බස් ජනසතුව, පාසල් රජයට ගැනීම හා ඊටත් පසුව කුඹුරු ඉඩම් පනත් වැනි දේවල් හරහා…
'kathika' social, cultural and political review
Tagged සංස්කෘතිය
කලාව, සෞන්දර්යය හා සංස්‌කෘතිය අසුරනවල බහා විකිණීම
කලාව, සෞන්දර්යය හා සංස්‌කෘතිය අසුරනවල බහා විකිණීම ආචාර්ය සාලිය කුලරත්න පේරාදෙණිය විශ්වවිද්‍යාලය අප උත්සුක විය යුත්තේ, දැන් දැන් සරසවිය යන ආයතනය, විද්යුත් මාධ්‍ය සඳහා පිටපත් ලියන්නවුන් පුහුණු කිරීම, රූපලාවන්‍ය ශිල්පීන් පුහුණු කිරීම, රහස් පරීක්‍ෂකයන් හෝ ශරීරාරක්‍ෂකයන් පුහුණු කර ඩිප්ලෝමා දීම වැනි ශාස්‌ත්‍රය වේශ්‍යා වෘත්තියෙහි නොයොදවන ගරු කටයුතු බුද්ධි කෝෂ්ඨාගාරයක් ලෙස ආරක්‍ෂා කරගැනීම කෙරෙහිය. මහැදුරු ආර්. ඩී. ගුණරත්නගේ “සරච්චන්ද්‍ර දාර්ශනිකයා හා කලාකරුවා” කෘතියෙහි එක් තැනක මහාචාර්ය සරච්චන්ද්‍ර ලියා ඇති එදාටත් වඩා වත්මනට උචිත ප්‍රකාශයක් උපුටා දක්‌වා ඇත”. “කලාව මෙන්ම ශාස්‌ත්‍රඥානයද වෙළෙඳපොළට දමා ඉල්ලීම හා සැපයීම යන න්‍යායෙන් තක්‌සේරු කිරීම, ඒ දෙකම බාල්දුවන කාර්යයකි.” වර්තමානයේදී විශ්වවිද්‍යාලවල වෙළෙඳපොළ වටිනාකම් සහිත විෂයයන් ඉගැන්වීම හෝ…
උගතුන්ගේ සංස්‌කෘතියට එරෙහි තර්ජනය
උගතුන්ගේ සංස්‌කෘතියට එරෙහි තර්ජනය ආචාර්ය සාලිය කුලරත්න පේරාදෙණිය විශ්වවිද්‍යාලය විශ්වවිද්‍යාල සමාජයෙහි වූ බුද්ධි සංස්‌කෘතිය, කිසිවකුගේ බලයකට වැරදි අර්ථ දීමකට හෝ තර්ජනයකට යටපත් විය යුත්තක් නොවේ. අවශ්‍යතන්හි වැදගත් සම්පත් දායකත්වයක් සේ එහි ශක්‌තිය අවංකව යොදා ගැනීම රජයකද වගකීම වේ. විශ්වවිද්‍යාල සංස්‌කෘතියක ඇති ස්‌වාධීන බව සටහන් කරන ලද්දේ විදේශික උගතකු විසිනි. ඒත් අපේ රටේ ඇතැම් බලවේග, එහි වූ ස්‌වාධීන බව අකාමකා දැමීමට කටයුතු කළහොත් සිදුවන්නේ, මාකට් සංස්‌කෘතියක් බිහිවීමය. රටක තාක්‍ෂණය හා මානව ශාස්‌ත්‍ර හා සෞන්දර්යය සමබර විය යුතුය. මානව ශාස්‌ත්‍ර භාෂා, දර්ශන වලින් එක්‌වරම වෙළෙඳපළ වටිනාකම් සෙවිය යුතු නැත. එබඳු විෂයයන්ගෙන් ඉතා සුගැඹුරු හා බහුශ්‍රැත ඥන සම්පත් බිහිකිරීම සිදුවේ. එහි ඵලප්‍රයෝජනය දීර්ඝ…
නාට්‍යයේ පෙළ හා එහි රංගනය එදිරිවීර සරච්චන්ද්‍ර
නාට්‍යයේ පෙළ හා එහි රංගනය එදිරිවීර සරච්චන්ද්‍ර නාට්‍ය කලාව වෙනත් කලාවක් වගේ ම වාණිජ බැමිවලින් හසු වී ඇති මේ කාලයේ මම මේ දේශනයෙන් දැක් වූ ලක්ෂණ නොවෙනස් ව පවතිනවා යැයි කියන්න අමාරු යි. මක්නිසාද කියතොත් මුදල් ඉපැයීම ප‍්‍රධාන අංශ වුණු විට තමා ගේ නිර්මාණය ඉතා නාඹුල් රුචිකත්වයෙන් යුත් පේ‍්‍රක්ෂකයා ජනයා පිනවීම සඳහා නාට්‍ය නිර්මාණය කරන්ට, නාට්‍ය සාදන්ට පෙළඹීම පුදුමයක් නොවෙයි. මෙයින් පේ‍්‍රක්ෂකයන්ට ගැඹුරු වින්දනයක් ජීවිතයේ අනිත්‍යතාව, දුක ගැන සිත තුළට කාවැද්දවීමක් සිදු නොවේ. ජීවිතය පිළිබඳ සත්‍යය අමතක කොට සැහැල්ලූ විනෝදයක් දීම පමණක් සිදු වේ. ඒ විනෝදයේත් නොයෙක් වර්ග විද්‍යමාන වෙනවා. බුද්ධියෙන් ලබන විනෝදයත් අංග විකාරයෙන් ලබන විනෝදයත් යන මේ දෙවර්ගය.…
ආණ්ඩුව මිනි ගවුම තහනම් කළොත්, පොලීසියෙ රාජකාරිය කුමක් වෙයිද?
2011 ජනවාරි 06, The Island පුවත් පතෙනි.
මිනි ගවුම් තහනම් කරයි? – පුවතක්
ඩේලි මිරර් කාටුනය 2010 ජනවාරි 06 වැනිදා