Tagged හනා ආරන්ඩ්ට්

‘කළ යුත්තේ කුමක් ද?’ – කුමුදු කුසුම් කුමාර

කළ යුත්තේ කුමක් දැයි වමේ සහෝදරවරු අසති. ඔවුන් මේ ප්‍රශ්නය නගන්නේ මෛත්‍රී-චන්ද්‍රිකා-රනිල් ජාතික ආණ්ඩුව සම්බන්ධයෙන් සහ ඉදිරියේදී අප දේශපාලනය කළ යුතු ආකාරය පිළිබඳ ය. ඇතැමුන් දකින පරිදි වම කළ යුත්තේ බලයේ සිටින රජයේ ප්‍රගතිශීලී බලවේග සමග කටයුතු කිරීමය. ජනවාරි 8 දා ව්‍යාපාරයෙන් ප්‍රකාශිත ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂා වෙනුවෙන් තව දුරටත් පෙනී සිටීම මේ මොහොතේ වමේ දේශපාලන කටයුත්ත…

මේ මාගේ ගමයි (1 කොටස ): රුචිය හා දේශපාලනය – කුමුදු කුසුම් කුමාර

අශෝක හඳගමගේ මේ මාගේ සඳයි සිනමා කෘතිය පිළිබඳ මෙම සාකච්ඡාවට දායක වූ මෙම ලිපි පෙළ බලය සඟරාවේ 2001- 2002 වර්ෂ වල පලවු අතර ඒවා එලෙසින්ම මෙහි පල කරමු. x කණ්ඩායම විසින් අශෝක හඳගමගේ මේ ‘මගේ සඳයි‘ චිත‍්‍රපටය පිළිබඳව ‘අංශක බිංදුවේ සෞන්දර්ය වියමන‘ යන මැයෙන් ප‍්‍රකාශයක් කර තිබිණ (බලය, සැප්තැම්බර් 2001). එම ප‍්‍රකාශයේ හරය මා තේරුම්…

මහගම සේකර, පාරිභෝජනවාදය හා සංස්කෘතිය- කුමුදු කුසුම් කුමාර

“සේකර ලංකාවේ නූතන යුගයේ සිදුවෙමින් පැවතී ඇති විපර්යාසයන් – මිනිසා ගමෙන් නගරයට එන අත්දැකීම, නාගරීකරණය, කාර්මීකරණය, නිලධාරීවාදය හරහා ධනවාදය පැතිරීම, ඒ තුළ ස්වාර්ථ සාධනය, පාරිභෝජනවාදය, වැනි වාණිජ්‍යකරණය තැනී ඒම, බුර්ෂුවා නොහොත් තම සැපත පතාම කටයුතු කරන මැද පන්තික චින්තනය, ජීවන රටාව සමාජය තුළ පැතිරී යාම – යනාදිය පිළිබඳව අතිශයෙන් සංවේදීව ඒ පසුබිම තුළ සමාජීය සත්වයෙකු…

‘සෞඛ්‍යයේ පුරය‘ සහ සුඛෝපභෝගී පුරය: ‘සංවර්ධනය‘ දේශපාලනය යටකොට ගැනීම – ‘කතිකා‘ අධ්‍යයන කවය

පසුගිය රජය තම දේශපාලන නිර්දෝෂීභාවය සඳහා රැකවරණ පැතූ සංවර්ධන සටන් පාඨය පිළිබඳ දේශපාලනය ‘කතිකා’ අධ්‍යයන කවයේ මෙම න්‍යායික විග්‍රයට පසුබිම් විය.අප කතිකා ලංකා kathika.lk අඩවියේ පළමු කලාපයේ පළ කල මෙය එහි වර්තමාන අදාළත්වය නිසා යලි මෙහි පළ කරමු. දැන් පෙනෙන හැටියට අප සලකා බලන්නේ හුදෙක් කවර හෝ පුරයක ආරම්භය නොව, සුඛෝපභෝගී පුරයක ආරම්භයයි … ඉතින්…

යාන්ත්‍රික ප්‍රතිනිෂ්පාදන යුගයේ කලා කෘතිය – වෝල්ට(ර්) බෙන්ජමින් – පරිවර්තනය සුචරිත ගම්ලත්

වෝල්ටර් බෙන්ජමින් සෞන්දර්ය න්‍යාය සහ බටහිර මාක්ස්වාදය සම්බන්ධයෙන් දැඩි බලපෑමක් ඇති කල විචාරකයෙකි, චින්තකයෙකි. ජර්මනියේ ධනවත් යුදෙව් පවුලක උපත ලැබූ ඔහු බර්ලීනයේ හම්බොල්ඩ්ට් විශ්ව විද්‍යාලය,මියුනිච් හි ලුඩ්විග් මැක්ස්මිලන් විශ්ව විද්‍යාලය ආදී ආයතන වල අධ්‍යාපනය ලබා බර්න් විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ගත්තේය. හනා ආරන්ඩ්ට් ඇතුළු යුදෙව් සරණාගතයන් පිිරිසක් සමග ෆ්‍රන්ස-ස්පාඤ්ඤ දේශසීමාවෙන් යුරෝපයට පලා යාමට උත්සාහ ගනිමින් සිටියදී එම දේශ සිීමාව වසා දමනු ලැබී යැයි ලද පුවතක් නිසාවෙන් ඇතිවූ බලාපොරොත්තු කඩවීම මත ඔහු 1940 සැප්තැම්බර් 27 වැනි දා ෆ්‍රන්ස-ස්පාඤ්ඤ දේශසීමාවේ දී දිවි නසාගති. නමුත් අනපේක්ෂිත ලෙස පසුදිනම දේශ සීමාව සරණාගතයන් සඳහා යළි විවෘත වීමෙන් හනා ආරන්ඩට් ඇතුළු පිරිසට යුරෝපයට පළා යා හැකි…

‘සාමාන්‍ය මිනිසුන් ඒකාධිපතිවාදයේ අතකොළු වන්නේ මන්ද?’

‘නපුරෙහි නිස්සාරත්වය’ : ‘හනා ආරන්ඩ්ට්’ චිත‍්‍රපටිය නරඹා සාකච්ඡා කරමු විසිවැනි සියවසේ දේශපාලන චින්තනයට ඉමහත් ලෙස බලපෑ ජර්මානු-යුදෙව් ජාතික දේශපාලන චින්තිකාව වන හනා ආරන්ඩ්ට් ගේ ජීවිතය පදනම් කරගත් ජාත්‍යන්තර අවධානයට පාත‍්‍ර වූ ‘හනා ආරන්ඩ්ට්’ නමැති කලාත්මක චිත‍්‍රපටියේ දර්ශනයක් සහ ඒ පිළිබඳ සාකච්ඡාවක් ජුනි මස 13 වෙනි සිකුරාදා සවස 2.30 ට මරදාන ‘සමාජය හා සාමයික කේන්ද්‍රයේ‘ පැවැත්වෙයි. හිට්ලර් ගේ් නාසි පාලනය යටතේ 1931 දී අත්අඩංගුවට පත්ව රටින් පලායාමට බලකෙරුණු සහ පසුව රඳවා තබා ගැනීමේ කඳවුරක සිරකාරියක්ව සිටි ආරන්ඩ්ට් 1941 දී ඇමෙරිකාවට පළා ගියාය. නාසිවාදී ප‍්‍රධානියෙකු වූ ඇඩොල්ෆ් අයික්මාන් 1961 පැවැති නඩු විභාගය පිළිබඳ ‘ද නිව් යෝර්කර්’ සඟරාව වෙනුවෙන් හනා ආරන්ඞ්ට් ඉදිරිපත් කළ…