ඔටුන්නක බර බලාපල්ලා – බර්ටොල්ට් බ්‍රෙෂ්ට්

UNEASY LIES THE HEAD

Bertolt Brecht

අප පහත පළ කරන බර්ටොල්ට් බ්‍රෙෂ්ට් ගේ කවිය (ස්වෙන්ඩ්බොර්ග් කවි එකතුව)  සිංහලට පරිවර්ථනය කරනු ලැබ මුල් වරට පළ කරනු ලැබුවේ මාවත, ප්‍රගතිශීලී කලා, සාහිත්‍ය හා සංස්කෘතික ප්‍රකාශනය, අංක 6, 1978 අප්‍රේල්-ජූනි කලාපයෙහි ය.එම කවියේ කාලීන වැදගත්කම සළකා එම පරිවර්ථනය ‘මාවත’ සඟරාවෙන් උපුටා එලෙසම මෙහි පළ කරන්නෙමු. එහි ඉංග්‍රීසි පිටපත ද අන්තර්ජාලයෙන් ලබා ගෙන පහත පළ කරමු. අපට මෙම කවිය හඳුන්වා දෙනු ලැබුවේ එකළ කැළණිය විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි අධ්‍යයන අංශයේ ගුරුවරයෙකුව සිටිමින් එහි ශිෂ්‍යයන්ට අනෙකුත් මාතෘකා අතර බර්ටොල්ට් බ්‍රෙෂ්ට් පිළිබඳව දේශන පැවැත්වූ ගාමිණී හත්තොට්ටුවේගම විසිනි.ඔහු මෙම කවිය පාදක කොට ගෙන ඉංග්‍රීසි අධ්‍යයන අංශයේ සහ ඉන් පරිභාහිර අධ්‍යයන අංශ වල ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමගින් “ වීදි නාට්‍යයක් ” නිශ්පාදනය කළ අතර එය කැළණිය සරසවියේත්, පේරාදෙණිය සරසවියේත්, යාපනය සාන්ත ජෝන් විද්‍යාලයේ සහ චුන්ඩුකුලි බාලිකා විද්‍යාලයේත් රඟ දක්වනු ලැබිණි.පසුව,එහි කොළඹ ප්‍රසිද්ධ දර්ශණය ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථානයේ දී සංවිධානය කරනු ලැබූ විට එකළ ජනාධිපති ජේ.ආර්,ජයවර්ධන ගේ අණින් එය තහනම් කරනු ලැබුණු අතර ගාමිණී හත්තොට්ටුවේගම ට එරෙහිව රහස් පොලිස් පරීක්ෂණයක් ද ආරම්භ කෙරුණි. – කුමුදු

ඔටුන්නක බර බලාපල්ලා

බර්ටොල්ට් බ්‍රෙෂ්ට්

පාලනේ ගෙනියන එක ලේසි-පාසු වැඩක් නෙවෙයි
ආණ්ඩුව හැම තිස්සෙම ජනතාවට කියා සිටියි.
ඇමතිවරු නැත්තං වී කුරහන් පලගන්නේ
පොළොව පල්ලට මිසක් එයින් මත්තට නොවෙයි.
කර්මාන්ත ඇමතිගේ නැණනුවන නොතිබෙන්න
යපස් කෑල්ලක්වත් ලැබේවිද පතලකින් ආයුබොවං.
පාප් තැන නොහිටින්න බඩවේවිද ගෑණු දරුවො.
නොහිටින්න යුද ඇමැත්තා
යුද්දයක්වත් සිද්ද වේවිද.
අගමැතිගෙ අණඥාවෙන් තොරව
පාන්දරට ඉර පායාවිද කියන එකත්
ප්‍රශනයක් උත්තරයක් ලැබිලා නැති.
පෑව්වත් ඉර එහෙම අවසර නැතුව
සැකයක් නෑ
පායාවි එය වැරදි පැත්තෙන්.

පැක්ටේරියක් දුවවන එක ඒ වගේම අසීරු බව
නිලධාරි මහත්තුරු කියා දෙනවා අපට.
අයිතිකාරයන් නොහිටින්න පැක්ටේරියේ
බිත්ති පෙරළෙයිලු-යන්ත්‍ර මලකඩ කයිලු!
හැදුවත් නගුල්, ප්‍රාතිහාර්යයකින් වගේ
කවදාවත් කුඹුරු වලට ඒවානම් ලැබෙන්නෙ නෑ
දැන්වීම් කොම්පැණිකාරයන් ලියන
අපබ්‍රංස නිසා නොවෙයි නම්.
ඔවුන් නොහිටින්න කවුද දැනුම් දෙන්නේ
තියෙන බව ලෝකේ නඟුල් කියලා දෙයක්?
නොහිටියා නම් කුඹුරු අයිතිකාරයන්
මොනවා වෙයිද කුඹුරු වලට -හේන්වලට?
දැනටමත් බතල වැල් දුවාපු හේනවල,
වපුරනු නැතිවද තල, මෙනේරි, මුං.

පාලනේ කරන එක ලේසි පාසු වුණා නං
උවමනා වෙන්නෙ නැහැ,
අපේ මේ නායකයන් වැනි
දැන උගත් කණ්ඩායම්.
දන්නවානම් කම්කරුවන්
දුවවන හැටි තමන්ගේ යන්තර සූත්තර,
ගොවියන්ට පුළුවනි නං
කුඹුරෙයි-හේනෙයි වෙනස කියන්නට,
කෙහෙල්මලකටද කොම්පැනි කාරයන්
අහවල් කජ්ජකටද කුඹුරු අයිතිකාරයන්.
අපි ඔක්කොම ගොළුවන් වෙච්ච නිසයි ආයුබොවං
කපටියන් ටික දෙනෙකු අපට ඕනෑ කරන්නෙ.

එහෙම නැත්නම්,
ආණඩුකරන එක ඔය තරම්ම අමාරු
සූරා කන්නත්, බොරු ඇදබාන්නත්
උගතුන් වෙන්නට ඕනෑ හින්දද?

මාවත, ප්‍රගතිශීලී කලා, සාහිත්‍ය හා සංස්කෘතික ප්‍රකාශනය, අංක 6, 1978 අප්‍රේල්-ජූනි

UNEASY LIES THE HEAD

Bertolt Brecht

The Government constantly informs the people 
How difficult it is to rule. Without Ministers 
Corn would grow down into the earth not from it, 
Not one lump of coal would come out of the mines
 If the Minister of Fuel were not so wise. 
Without the Pope no woman would get pregnant. 
Without the Minister of Defence 
There would be no war. And whether the sun 
Would rise early without the Prime Minister’s permission 
Is open to question-and if it did, it would 
Probably be in the wrong place.

It is equally difficult, the technocrats tell us,
To run a factory. Without the shareholders
The walls would fall down and the machines
Would simply rust away, they say. 
And even if by some miracle ploughs could still 
Be manufactured, they would never find their ways to the farms 
Without the subtle words which the advertising agencies 
Write for the farmers: who
Would inform them that ploughs exist? 
And what would 
Happen to the farms if there were no landowners? Surely 
Rye would be sown where potatoes 
Had already been planted.

If ruling were simple 
Enlightened Parties like our present leaders would be unnecessary. 
If workers knew how to run their machines 
And farmers could tell the difference between 
Their land and a breadboard 
One would need neither shareholders 
Nor landowners. 
Only because all of us are dumb
 Do we need a few who are shrewd.

Or, might it be that 
Government is so difficult only 
Because exploitation and lies take some learning too?

Bertholt Brecht (Svendborger Gedichte)
‘Svendborg Poems’)

Freely translated by George Gross and Elizabeth Merrington. 

Leave a comment