පලස්තීනය සමඟ සහයෝගීතාව සඳහා වූ ශ්‍රී ලංකා කමිටුවේ සභාපති – බිමල් රත්නායක වෙත යොමු කෙරෙන ලිපිය/Letter to Chair of SL Committee for Solidarity with Palestine – Bimal Ratnayake
2025 ජූනි 14
හිතවත් රත්නායක මහතාණෙනි,
අපි මෙම ලිපිය ඔබට ලියන්නේ වෘත්තීය සමිතිවාදීන්, විද්වතුන්, ලේඛකයින්, ක්‍රියාකාරීන් සහ මේ රටේ සැලකිලිමත් පුරවැසියන් ලෙසය.
අප ප්‍රකාශ කරන්නේ පැහැදිලිව පෙනෙන දෙයක් වුවද, පලස්තීනය සමඟ සහයෝගීතාව සඳහා වූ ශ්‍රී ලංකා කමිටුවේ සභාපතිවරයා ලෙසත්, නිදහස් පලස්තීන රාජ්‍යයක් සඳහා දිගුකාලීනව පෙනී සිටින්නෙකු ලෙසත්, පලස්තීනය වටලනු ලැබ ඇති බවත්, එහි පැවැත්ම සඳහා ලෝකයෙන් ලබාගත හැකි සෑම සහයෝගයක්ම අවශ්‍ය බවත් ඔබ දන්නා කරුණකි. මේ වසරේ නක්බා දිනයේදී ඔබ මෙසේ ප්‍රකාශ කළේය,: “අපි පලස්තීන ජනතාවගේ අරමුණ වෙනුවෙන් පෙරමුණ ගෙන පලස්තීන ජනතාව විනාශ කිරීම සහ වාෂ්ප කර දැමීමේ සියලු උත්සාහයන් නවත්වන්නෙමු.” දැනටමත් ගෝලීය බලවේගයන්ගේ දැඩි පීඩනයට මුහුණ දී සිටින කුඩා රටක සිට පලස්තීන ජනතාවගේ අරමුණ වෙනුවෙන් නායකත්වය ගැනීම සඳහා අසාමාන්‍ය දේශපාලන අධිෂ්ඨානයක් අවශ්‍ය වේ. එබැවින්, ශ්‍රී ලාංකික ජනතාව වන අපගේ සහාය ඇතිව එම දේශපාලන අධිෂ්ඨානය ක්‍රියාත්මක කරන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු.
දකුණු ආසියාවේ 1970 දශකයේ මුල් භාගයේදීම ඊශ්‍රායලය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා බිඳ දැමූ ප්‍රථම රාජ්‍යයන්ගෙන් එකක් වීමේ ශක්තිමත් සහ ආඩම්බර සම්ප්‍රදායක් ශ්‍රී ලංකා රාජ්‍යයට ඇත. 1988 දී නිදහස ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පලස්තීන රාජ්‍යය පිළිගත් පළමු රාජ්‍යයන්ගෙන් එකක් වූයේද ශ්‍රී ලංකාවයි. එක්සත් රාජධානිය වැනි යටත්විජිත බලවතුන්ගෙන් සම්බාධක පැනවීමේ තර්ජන නොතකා, ශ්‍රී ලංකාව පලස්තීන රාජ්‍යය සමඟ සිටිමින් අපගේ සහයෝගීතාවය ලබා දී ඇත.
කෙසේ වෙතත්, දෙමළ ජනතාවට එරෙහි යුද්ධය ඉදිරියට ගෙන යාම සඳහා, අනුප්‍රාප්තික ආණ්ඩු අවි ආයුධ සහ හමුදා පුහුණුව ලැබීම ඇතුළුව ඊශ්‍රායලය සමඟ භයානක සබඳතා ගොඩනඟා ගැනීමට පටන් ගත්හ. උතුරේ සහ නැගෙනහිර සිංහල ජනපදකරණ යෝජනා ක්‍රම, වධ කඳවුරු, දෙමළ සිවිල් වැසියන් ඉලක්ක කරගත් අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් සහ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්, උතුරේ දෙමළ සිවිල් වැසියන්ට අමානුෂික ලෙස බෝම්බ හෙලීම, ආහාර සහ අත්‍යවශ්‍ය සැපයුම් කපා හැරීම වැනි ශ්‍රී ලංකා රාජ්‍යයේ ඉතිහාසය, ඊශ්‍රායලය විසින් පලස්තීන ජනතාවට එරෙහිව ක්‍රියාත්මක කරන පීඩාකාරී සහ යුද ක්‍රමවේදයන්ට බොහෝ සමානකම් දරයි. පසුගිය වසර කිහිපය තුළ, නැගෙනහිර පළාත ඇතුළුව ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල සියොන්වාදය මුල් බැසගන්නා බවක් ද අපට පෙනෙන්නට පටන් ගෙන තිබේ. ආරූගම්බේහිදී සියොන්වාදී ඊශ්‍රායල ජාතිකයින් විසින් දේශීය ජනතාව කොන් කරනු ලබන සහ හිරිහැර කරනු ලබන බවට කනස්සල්ල දනවන වාර්තා අපට අසන්නට ලැබේ. පලස්තීනයේ ජනතාව ඝාතනය කිරීමෙන් පසු ඊශ්‍රායල ආරක්ෂක හමුද (IDF ) සෙබළුන් ‘විවේකය සහ විනෝදය’ සඳහා අපේ භූමියට පා තබන බවට විශ්වසනීය වාර්තා අපට අසන්නට ලැබේ. රට පුරා උපායමාර්ගික ස්ථානවල ‘හබාඩ්’ (Chabads) මධ්‍යස්ථාන ඉදිකිරීම අහිංසක ක්‍රියාවක් නොව, ඊශ්‍රායලයේ අධිරාජ්‍යවාදී ජාතිවාදී පියවරයන්ට යටින් පවතින පුළුල් ආක්‍රමණශීලී සියොන්වාදී වැඩපිළිවෙලේ කොටසකි. ගාසා තීරයේ පලස්තීනුවන්ට එරෙහිව මුදා හැර ඇති ත්‍රස්තය දෙස සියලු දෙනාගේම අවධානය යොමු වී ඇති විට, අනෙකුත් ඊශ්‍රායල සංචාරකයින් අතර ඊශ්‍රායල ආරක්ෂක හමුදා සෙබළුන්ට සත්කාර කරන හබාඩ් ගැන අපට නොසැලකිලිමත්ව සිටිය නොහැක. මෙය යුද්ධය ශ්‍රී ලංකාවට ගෙන ඒමේ සංස්කෘතික හා දේශපාලන පියවරකි.
2023 ඔක්තෝබර් 7 වන දිනෙන් පසු ඊශ්‍රායලයේ ජීවනෝපාය අහිමි වූ පලස්තීන කම්කරුවන් වෙනුවට ශ්‍රී ලාංකික කම්කරුවන් යැවීමේ රනිල් වික්‍රමසිංහ පාලනයේ දෝෂ සහිත ප්‍රතිපත්ති ඔබගේ රජය විසින් අඛණ්ඩව කරගෙන යාමට එරෙහිව අපි දැනටමත් අපගේ දැඩි විරෝධය පළ කර ඇත්තෙමු. ඔබගේ රජය එම කම්කරු අපනයන ගිවිසුම් දිගටම පවත්වාගෙන යාම පමණක් නොව, නව ගිවිසුම් ද අත්සන් කර ඇත. එබැවින්, ඔබ නිදහස් පලස්තීනයක් වෙනුවෙන් පෙනී සිටින බව පවසන අතරම ඊශ්‍රායලය සමඟ රාජ්‍ය තාන්ත්‍රික හා ආර්ථික සබඳතා අඛණ්ඩව පවත්වාගෙන යාම දරුණු විරුද්ධාභසයකි. ඊශ්‍රායලයට පලස්තීනය ‘වාෂ්ප කර’ දැමිය හැක්කේ තෙවන ලෝකයේ රාජ්‍යයන් ඊශ්‍රායලය සමඟ පවත්වන අඛණ්ඩ රාජ්‍ය තාන්ත්‍රික හා ආර්ථික සබඳතා නිසාය. අප ඊශ්‍රායලය සමඟ වෙළඳාම් කරන විට සහ ගනුදෙනු කරන විට, අපි සියොන්වාදී රාජ්‍යයකට ඔක්සිජන් ලබා දෙන අතර එයට ජීවය ද දෙන්නෙමු.
අපි බලයට සත්‍යය කථා නොකරන්නෙමු. අප ඊශ්‍රායලය සමඟ අඛණ්ඩව ගනුදෙනු කරන විට, පලස්තීන ජනතාවගේ ජන සංහාරයට අප ද හවුල් වන බව ඔබ දැනටමත් දන්නා සත්‍යයකි. අපි ඔබට මතක් කර දෙන්නේ ඔබ දන්නා සත්‍යය වන අතර, වචනයෙන් නොව ක්‍රියාවෙන් ඒ වෙනුවෙන් සහ පලස්තීන ජනතාව වෙනුවෙන් පෙනී සිටින ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු.
ඊශ්‍රායලය සමඟ සියලු ආර්ථික හා වෙළඳ සබඳතා කපා හැරීමෙන් පලස්තීන ජනතාව සමඟ සහයෝගයෙන් සිටින්න. ඊශ්‍රායල ආරක්ෂක හමුදා සෙබළුන්ට වීසා ප්‍රතික්ෂේප කිරීමෙන් පලස්තීන ජනතාව සමඟ සහයෝගයෙන් සිටින්න. පලස්තීන ජනතාව සහ අපේම කම්කරුවන් සමඟ සහයෝගයෙන් සිට ඔවුන් නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්න. මෙම ක්‍රියාවන් තුළින් චීනය සහ රුසියාව වැනි බලවත් රාජ්‍යයන්ට පවා මතක් කර දෙමු, ජන සංහාරක රාජ්‍යයන් දිගටම පවතින්නේ සෙසු ලෝකය විසින් ලබා දෙන දේශපාලන හා ආර්ථික සහයෝගය නිසා බව. අප ඊශ්‍රායලය සමඟ වෙළඳාම් කරන තාක් කල්, අපි පලස්තීන ජනතාව සමඟ සහයෝගයෙන් නොසිටිමු. අපි ඔවුන්ගේ විනාශයට හවුල් වන්නෙමු.
2023 දී COP28 සමුළුවේදී කොලොම්බියානු ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝගේ කතාවේ වචන සිහිපත් කරමින් මෙම ලියුම අවසන් කිරීමට අපි කැමැත්තෙමු: “ගාසා තීරයේ අප දකින දෙය අනාගතයේ පෙරහුරුවකි.” ගාසා තීරයේ අප දකින්නේ අපගේ සාමූහික අනාගතයේ, තෙවන ලෝකයේ අප සියලු දෙනාගේම අනාගතයේ පෙරහුරුවයි. දැන් ක්‍රියාත්මක වී ඊශ්‍රායලය සමඟ සියලු රාජ්‍ය තාන්ත්‍රික හා ආර්ථික සබඳතා කපා හැර පලස්තීනය සමඟ සිටගන්න. කරුණාකර එය පලස්තීන ජනතාව වෙනුවෙන් කරන්න. ශ්‍රී ලාංකික ජනතාවගේ අනාගතය වෙනුවෙන් එය කරන්න.
මෙයට, විශ්වාසි,
14th June, 2025
Dear Mr. Rathnayake,
We are writing to you as trade unionists, academics, writers, activists and concerned
citizens of this country.
We are stating the obvious, but you are aware that, as the Chairman of the Sri Lanka
Committee for Solidarity with Palestine, as a long-standing champion for a free State of Palestine, Palestine is under siege and needs every ounce of support it can draw from the world for its survival. On Nakba Day this year, you said, “We will take the leadership in championing the cause of the Palestinian people and stop the annihilation of and all attempts to vaporise the Palestinian people.” Taking leadership in championing the cause of the Palestine people from a small country already facing the crushing might of global forces takes extraordinary political will. So, we are appealing to you to exercise that political will backed by us, the Sri Lankan people.
The Sri Lankan State has a strong and proud tradition of being one of the first States in South Asia to break diplomatic ties with Israel as early as the 1970s. It was one of the first States to recognise the State of Palestine after its declaration of independence in 1988. Despite threats of sanctions from colonial powers such as the UK, Sri Lanka has stood with and extended our Solidarity to the Palestinian State.
However, in order to advance the war against the Tamil people, consecutive Governments started forging dangerous ties with Israel, including by receiving weapons and military training. The Sri Lankan State’s history of Sinhala colonisation schemes in the North and East, torture camps, arbitrary arrests and enforced disappearances targeting Tamil civilians, indiscriminately bombing Tamil civilians in the North, and cutting off food and essential supplies all bear many similarities to the methods of oppression and warfare practised by Israel against the Palestinian people. In the last few years, we have also started to visibly notice Zionism rooting in various parts of Sri Lanka, including the Eastern province. We are hearing worrying reports of locals being sidelined and bullied in Arugam Bay by Zionist Israelis. We are hearing credible reports that IDF soldiers are setting foot on our land for ‘rest and recreation’ after murdering people in Palestine. The construction of Chabads in strategic places around the country are not an innocent gesture, but is a part of the larger aggressive Zionist programme that underlies Israel’s imperialist chauvinist moves. When all eyes are turned upon the terror unleashed on Palestinians in Gaza, we cannot wait unconcerned about the Chabads, catering to IDF soldiers among other Israeli tourists.
This is a cultural and political move to bring the war to Sri Lanka. We have already raised our strong opposition to your Government continuing the flawed policies of the Ranil Wickremesinghe regime in sending Sri Lankan workers to replace Palestinian workers who were denied a right to livelihood in Israel post-October 7th, 2023. Not only has your Government continued those labour export agreements, but it has also signed new ones. Hence, it is a sinister paradox when you claim you stand for a Free Palestine but continue to forge diplomatic and economic ties with Israel. Israel is able to ‘vaporise’ Palestine because of the continuing diplomatic and economic relations the Third World states maintain with it. We are both giving a Zionist State oxygen and breathing life to it when we trade and when we engage with it.
We are not speaking truth to power. You already know the truth that when we continue to engage with Israel, we are complicit in the genocide of the Palestinian people. We are reminding you of the truth you are aware of and demanding that you stand by it and stand by the Palestinian people, not in words but through actions. Stand in Solidarity with the Palestine people by cutting all economic and trade ties with Israel. Stand in Solidarity with the Palestine people by refusing visas for IDF soldiers. Stand in Solidarity with Palestinian people and with our own workers and bring them back to Sri Lanka. Through these actions, let us remind even powerful States such as China and Russia that genocidal states only continue to exist because of the political and economic support extended by the rest of the world. As long as we trade with Israel, we are not in Solidarity with the Palestine people. We are complicit in their
destruction.
We want to end by recalling Colombian President Gustavo Petro’s words in his speech at COP28 in 2023: “What we are seeing in Gaza is a rehearsal of the future.” What we are seeing in Gaza is the rehearsal of our collective future, the future of all of us in the Third World. Act now and stand with Palestine by cutting all diplomatic and economic ties with Israel. Please do it for the Palestinian people. Do it for the future of the Sri Lankan people.
Sincerely,
-1. A. Sornalingam
2. Abirami Sivaloganathan
3. Akshaya Maheswaran
4. Amali Wedagedara
5. Amalini De Sayrah
6. Amara Hapuarachchi
7. Andrew Devadason, Church of Ceylon (Anglican Church), Diocese of Colombo
8. Angelica Chandrasekeran – Holistic Health Practitioner
9. Anithra Varia
10. Anupa Nandula
11. Arjuna Parakrama
12. Asela Bandara Ihagama
13. Ashila Dandeniya, Stand Up Movement
14. Asma Edris
15. B. Gowthaman
16. Balasingham Skanthakumar
17. Bishop Duleep de Chickera
18. Bishop Kumara Illangasinghe, Bishop Emeritus of Kurunagala
19. Chamila Thushari, Dabindu Collective.
20. Chameera Perera
21. Champika Samaranayake
22. Chandra Devanarayana, RED Organisation
23. Channaka Jayasinghe
24. Christine Perera, Activist
25. Chulani Kodikara
26. D. F. Suren Krishanth
27. Dhammika Priyadarshanie
28. Dhanusha Gihan Pathirana
29. Dharmasiri Lankapeli
30. Dileepa Manawadu, Kinder Republic
31. Dr. Maas Misha’ari Weerabangsa, Co-Lead Programmes, Delete Nothing
32. Dr. Ranil D. Guneratne
33. Dr. Upul Wickramasinghe – University of Edinburgh
34. Dulwin Thisaru Guruge
35. Ermiza Tegal
36. Father Lionel Peiris
37. Fathima Nabeela Iqbal
38. Fazeer Mohomed
39. Fr. Jeevantha Peiris
40. Fr. Terrence Fernando
41. Gunathilakage Melani Rasanga Premasiri
42. H. Prasanna Sanjeeva Peiris
43. Hana Ibrahim
44. Hans BIllimoria
45. Harith Ariyawansa
46. Hiranyada Dewasiri
47. Imran Rajabdeen
48. J. A. Aruna Premathilake
49. J.A Anura Patrick Gregory Perera
50. J.A. Anura Patrick Gregory Perera
51. J.A. Jude Milan Premathilake
52. Jade Jayawardena
53. Janakie Seneviratne
54. Jansila majeed, Activist
55. Jayanthi Kuru Udumpola
56. Jeyabalan Croos, Mannar
57. Jeyakumar Jathusan
58. Kalpa Rajapakse
59. Kamil Asmi Mohamed Shabeer
60. Kanaka Abeygunawardana
61. Kasumi Ranasinghe Arachchige
62. Kirupaimalar Hoole
63. Krishantha Fredricks
64. Kumudhini Samuel
65. Kumudu Kusum Kumara
66. Lakpriya Nanayakkara
67. Latheef Farook-Senior Journalist
68. Madurapperumage Sachini Sewwandi
69. Mahbooba Refaideen
70. Mahbooba Rifaideen
71. Mahendran Thiruvarangan, University of Jaffna
72. Mario Gomez – International Centre for Ethnic Studies
73. Marisa de Silva
74. Megara Tegal
75. MHF Haseeba
76. Minoli de Soysa
77. Mohamed Aathif Halaldeen
78. Nagulan Nesiah
79. Natasha Van Hoff
80. Nicola Perera
81. Nirmal Ranjith Dewasiri
82. Pamodi Hewawaravita
83. Pasan Jayasinghe
84. Priyanthi Fernando
85. Prof. Harendra De Silva
86. Prof. S. Ratnajeevan H. Hoole
87. Puni Selvaratnam
88. Rajan Hoole
89. Rajitha Rathnayake
90. Prof. Ranjini Obeyesekere
91. Rasika Saman Piyasinghe
92. Renuka Senanayake
93. Rohini Hensman
94. Ronashi Perera
95. Ruki Fernando
96. Ruwanthie de Chickera – playwright
97. Sadique Mohamed Salih
98. Sakuna Gamage
99. Sakuntala Kadirgamar
100. Saman Pushpakumara
101. Sandun Thudugala
102. Sathya Charith Amaratunge
103. Shalika Wimalasena
104. Shelani Palihawadana, AAL, Co-Lead Operations, Delete Nothing
105. Shilpa Amerynth Samaratunge
106. Shreen Saroor
107. Sifaan Zavahir, Kinder Republic
108. Sr. Nichola Emmanuel
109. Stella Phillips
110. Sugath Rajapaksha, Shramabhimani kendraya
111. Suhaina Razaq
112. Sumathy Sivamohan, University of Peradeniya
113. Sunanda Deshapriya, Editor, Sri Lanka Brief
114. Sundaram Sasidaran
115. Suranjaya Amarasinghe
116. Swasthika Arulingam, United Federation of Labour
117. Sylvester Jayakody
118. Tehani Ariyaratne
119. Thanujah Nagarajah
120. Tharanga de Silva
121. Tharindu Jayawardhane
122. Tharindu Uduveragedara
123. Tharushi Dishara Fernando AAL
124. Thasneema Dahlan
125. Themal Ellawela
126. Thirimadura Anuka Vimukthi De Silva
127. Thushara Kulatunga
128. Tisaranee Gunasekara
129. Udaya Kalupathirana
130. Wijepala Weerakone
131. Yasantha Chamara Jayasooriya
132 .Zainab Hassen
133. Buwanaka Sagindra Perera

An excellent letter. Thanks very much.
මේ ලිපිය,
ශ්‍රී ලංකාව හා එහි සමස්ත ජනතාවගේ ඉල්ලීමක් නොවන බව පැහැදිලි ය. පෞද්ගලිකව මම මේ ලිපිය විශ්වාස නොකරමි. මේ වෙනුවෙන් පෙනී සිටින්නේද නැත.
1. අද ලෝකයේ දේශපාලන හැසිරීම අනුව අප වැනි කුඩා ආර්ථික වශයෙන් බිඳුනු රාජ්‍යයකට දැරිය නොහැකි යෝජනා මෙහි ඇතුළත් වීම.
2. මේ රට තුළ වාසය කරමින් රට තුළ සාමයට හානි පමුණුවන්නා සුළු ප්‍රකාශ ඇතුලත් වීම.
3.සමාජ බැඳියාව හා විකාශනය වෙනුවට බෙදීම අර්ථ ගන්වන ලිපියක් වීම.
4. නොබැඳි ප්‍රතිපත්තිය වෙනුවට නව්‍ය වූ කඳවුරක සාමාජිකයන් වන ලෙස ආරාධනා කිරීම.
5. වත්මන් අර්බුදය රාජ්‍ය තාන්ත්‍රික සාමකාමී ක්‍රියාවලියක් හරහා වෙනුවට අන්තගාමී ක්‍රමවේදයක් තුළින් නිමා කිරීමට අනුබලය ලබා දීම
දීම
ඉහත කරුණු හේතුවෙන් මෙසේ මේ ලිපියට මාගේ විරෝධය පළ කරමි.
සාමකාමී ක්‍රියාමාර්ග ගැනීමටත් එම දෙජාතිය අතර සහයෝගිතාවය වර්ධනයටත් අනුබල දෙන ප්‍රතිපත්තියක මා පෞද්ගලිකව සිටිනා බැවින් මෙසේ මෙම විරෝධය පළ කරමි.
ස්තූතියි.