භාෂාමය සංඥාවේ ස්වභාවය – ෆර්ඩිනැන්ඩ් ඩි සොසුයියෝ මෙම විශේෂාංගය කැපවන්නේ මානව ශාස්ත්‍ර සහ සමාජීය විද්‍යා විෂයයන් හදාරන විද්‍යර්ථීන්හට ප්‍රයොජනවත් විය හැකි මූලික ලිපි ලේඛන සමහරක් සිංහලෙන් ඉදිරිපත් කිරීමටය. අප මෙහි පළමු ලිපිය වශයෙන් ෆර්ඩ්නැන්ඩ් ඩි සොසුයියෝ ගේ ව්‍යුහවාදය පිළිබඳ මූලික අදහස් කැටිකොට ගත් “භාෂාමය සංඥාවේ ස්වභාවය” නම් ලිපියේ, සංක්ෂිප්ත කළ, අනුවාදයක් ඉදිරිපත් කරන්නේ කිසියම් සුවිශේෂ හේතුවක් නිසා නොවේ. අපි ව්‍යුහවාදීන් ද නොවෙමු. ශාස්ත්‍රාලීය අධ්‍යයන කටයුතු සඳහා යොදාගැනීමේ හේතුවෙන් මෙම පිටපත දැනටමත් අප අත තිබුණි. රෝලන්ඩ් බාත, ලෙවි සට්‍රාවුස්, ලකාන් යනාදී ශාස්ත්‍රඥයන් ව්‍යුහවාදයට පිවිසෙන්නේ සොසුයියෝ ගේ ව්‍යුහවාදී වාග්විද්‍යාව තුළිනි. 1916 ෆර්ඩිනැන්ඩ් ඩි සොසුයියෝ සංක්ෂිප්ත සිංහල අනුවර්තනය: ‘කතිකා’ අධ්‍යයන කවය 1. භාෂාව,…
'kathika' social, cultural and political review
By kathika
ගාන්ධි පසුපස ගාන්ධි
ඡායාරූපය මුකේෂ් පර්පියානි අනුවර්තනය: විදුර ප්‍රභාත් මුණසිංහ ගාන්ධි වූ කලී යටත් විජිත සමයේ ආසියාවෙන් බටහිර නූතනත්වයට එල්ල වූ බරපතලම අභියෝගය යැයි කිවහැකිය. එහෙයින් ගාන්ධි ගේ ප්‍රතිරූපය ලොව දේශපාලන ප්‍රචණ්ඩත්වය පවත්නා සියළු තන්හි ජනයාගේ පරිකල්පනය තුළ නැවත නැවතත් ජීවමාන වනු දැකිය හැකිය. ලංකාවේ ද ගාන්ධි පිළිබඳ උනන්දුවක් විශේෂයෙන්ම පසුගිය යුද සමයේ අවදි වනු දක්නට ලැබුණි. ඉන්දියාවේ නම් ගාන්ධි හැමදාමත් ජීවමානය. ඒ ගාන්ධි ප්‍රභූ පවුලේ අතින් නොගිලිහෙන ජාතික දේශපාලන නායකත්වය නිසා ම නොවේ. ගාන්ධි ගේ ප්‍රතිරූපය කොතරම් සරු අරුත් දනවන්නේදැයි කියතහොත් ගාන්ධි ඉන්දියාවේ නම් විවිධ දේශපාලන අපේක්ෂා තුළ විවිධ වෙසින් ජීවමාන වන බව අෂීස් නන්දි ගේ අර්ථ විවරණයයි. ඔහු එබඳු ගාන්ධිවරු හතර…
අප භාෂාවට ප්‍රබල සාහිත්‍යයක් ද නොමැතියි. අප රටට ප්‍රබල සංස්කෘතියක්ද නොමැතියි
‘අප භාෂාවට ප්‍රබල සාහිත්‍යයක් ද නොමැතියි. අප රටට ප්‍රබල සංස්කෘතියක්ද නොමැතියි.’ මහාචාර්ය ආරිය රාජකරුණා ගේ පැමිණිල්ල “සිංහල භාෂාවේ අනාගතය අවිනිශ්චිතයි” යන මැයෙන් මහාචාර්ය ආරිය රාජකරුණා ලියූ ලිපියක් 2009 ජූනි 07 වැනිදා රාවය පුවත් පතේ පළවී තිබුණි. මහාචාර්ය රාජකරුණා දකින පරිදි, අධ්‍යාපනය ප්‍රයෝජ්‍යතාවාදී අරමුණුවලට යටවීමේ හේතුවෙන් ඉංග්‍රීසි බසට මුල් තැන ලැබී, ස්වභාෂා මාධ්‍යයෙන් ලබන අධ්‍යාපනය සමාජයේ ඉතා නොවැදගත් තත්ත්වයකට පත්ව තිබේ. විශ්ව විද්‍යාලවල සිංහල අංශ එහි අධ්‍යයන කටයුතු වලට පරිභාහිර විෂයයන් බද්ධ කිරීමෙන් සිංහල භාෂාව සහ සාහිත්‍යය අධ්‍යයනයට තිබූ මුල් තැන ඊට අහිමි වී ඇත. විශ්ව විද්‍යාල තුළ සිංහල බස නැසීමේ මෙම ක්‍රියාවලිය ඇරඹුණේ සිංහල අධ්‍යයන අංශයට ජන සන්නිවේදනය ඈඳීමෙන් ජයවර්ධනපුර…
(පශ්චාත්) නූතන’ දෘෂ්ටියෙන් ‘සම්ප්‍රදායික සිංහල ගම’ බැලීම – සමකාලීන සිංහල සිනමාව පිළිබඳ කියැවීමක්
කතිකා.ලංකා වෙබ් අඩවියේ පළ වූවකි. සමකාලීන සිංහල සිනමාව පිළිබඳ කියැවීමක් සමකාලීන සිංහල සිනමාවේ ආන්දෝලනයට තුඩුදුන් චිත්‍රපට (මේ මගේ සඳයි, පුරහඳ කළුවර, සුළඟ එනු පිණිස) තුනක් නිර්මාණය කළ අශෝක හඳගම, ප්‍රසන්න විතානගේ සහ විමුක්ති ජයසුන්දර යන අධ්‍යක්ෂවරුන් තිදෙනාම එම චිත්‍රපට වලට පසුබිම කර ගත්තේ ‘සිංහල ගම’යි. එහෙයින් මෙම චිත්‍රපට සිංහල ගම පිළිබඳ කතාබහක් සමාජය තුළ ඇති කළේය. මෙම කතාබහට මුල් වූ අදහසක් වූයේ, ඇතමුන් කියන පරිදි යහපත් ගති පැවතුම් ඇති හැදියාවක් ඇති මිනිසුන් ගැහැණුන් වසනා සිංහල ගමක් ලංකාවේ නැති බව මේ චිත්‍රපට වලින් පෙන්වා දෙන බවයි. සිංහල ගම පිළිබඳ පවතින සම්ප්‍රදායික චිත්‍රය මිථ්‍යාවක් බවයි. මේ අදහස පිළිබඳ දීර්ඝ විග්‍රහයක් අපි මීට…
සංවාද
නව-ලිබරල් ජාතිකවාදයක් කතිකා.ලංකා වෙබ් අඩවියේ පළ වූවකි. කතිකා අධ්‍යයන කවය අප මෙම ලිපිය ලියන අවස්ථාව වනවිට යුද්ධය අවසන් වී නොතිබුණි. යුද්ධයෙන් පසු තත්ත්වය සැලකිල්ලට ගන්නේ නම්, මෙහි එන ඇතැම් අදහස් වෙනස් අයුරකින් ලියැවෙන්නට ඉඩ තිබුණි. 2005 ජනාධිපතිවරණය ආසන්නයේ “කතිකා” අධ්‍යයන කවය නිකුත් කළ ප්‍රකාශයක එම මැතිවරණය නව-ලිබරල්වාදය සහ ජාතික චින්තනය අතර අධිපතිභාවය සඳහා කෙරෙන තීරණාත්මක සටනක් ලෙස හැඳින්වූ අපි, මෙම සටන හුදු කතිකාවන් දෙකක් අතර පමණක් නොව, ජීවන ආකාරයන් දෙකක් අතරද, ඒනිසා එම කතිකාවන් මත පදනම් වූ විශ්වාස පද්ධතීන් දෙකක් අතර ද සටනක් වන්නේ යැයි කියා සිටියෙමු.
කේමදාස පශ්චාත්-නූතනවාදීයෙකු නොවීය.
ප්‍රේමසිරි කේමදාසයන්ගේ අභාවයෙන් සිංහල සංගීතය පිළිබඳ මතුවූ කතාබහ ප්‍රේමසිරි කේමදාසයන්ගේ අභාවය සිංහල කියවන සමාජයේ අදහස් මහා ඕඝයක් මුදා හැරියේය. හැම කෙනෙකුටම පාහේ කියන්නට යමක් තිබුණා මෙනි. දැන් ඒ අදහස් පිළිබඳ විග්‍රහයක් කරන්නට සුදුසු කාලයයි. මෙම ලිපිය කේමදාසයන්ගේ සංගීතය පිළිබඳ ශාස්ත්‍රීය විග්‍රහයක් නොවේ. එය සංගීතඥවරියක් හෝ ගාන්ධර්වවේදියකු විසින් තවමත් කළ යුතුව තිබෙන්නකි. අපගේ මෙම උත්සාහය කේමදාසයන්ගේ අභාවයත් සමග සිංහල සමාජයේ පළවුණු අදහස් සමුදායේ හරය වටහා ගන්නට සහ ඒ පිළිබඳ සමාජ විචාරයක් සම්පාදනය කරන්නටය. ඡායාරූපය ‘රාවය‘ පුවත් පතිනි.