By kathika

සමකාලීන සිංහල සිනමාව පිළිබඳ කියැවීමක්

සමකාලීන සිංහල සිනමාව පිළිබඳ කියැවීමක් සමකාලීන සිංහල සිනමාවේ ආන්දෝලනයට තුඩුදුන් චිත්‍රපට (මේ මගේ සඳයි, පුරහඳ කළුවර, සුළඟ එනු පිණිස) තුනක් නිර්මාණය කළ අශෝක හඳගම, ප්‍රසන්න විතානගේ සහ විමුක්ති ජයසුන්දර යන අධ්‍යක්ෂවරුන් තිදෙනාම එම චිත්‍රපට වලට පසුබිම කර ගත්තේ ‘සිංහල ගම’යි. එහෙයින් මෙම චිත්‍රපට සිංහල ගම පිළිබඳ කතාබහක් සමාජය තුළ ඇති කළේය. මෙම කතාබහට මුල් වූ අදහසක් වූයේ, ඇතමුන් කියන පරිදි යහපත් ගති පැවතුම් ඇති හැදියාවක් ඇති මිනිසුන් ගැහැණුන් වසනා සිංහල ගමක් ලංකාවේ නැති බව මේ චිත්‍රපට වලින් පෙන්වා දෙන බවයි. සිංහල ගම පිළිබඳ පවතින සම්ප්‍රදායික චිත්‍රය මිථ්‍යාවක් බවයි. මේ අදහස පිළිබඳ දීර්ඝ විග්‍රහයක් අපි මීට පෙර ‘මේ මගේ සඳයි’ මුල්…

‘ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50’- සිවුවැනි ලිපිය : සියක් වසක හුදෙකලාව

Globe and Mail අප්‍රේල් 25, 2008 සියක් වසක හුදෙකලාව ඉලන් ස්ටවාන්ස් පරිවර්තනය පියල් කුමාර ජයරත්න, අනූෂ‍යා කොල්ලුරේ PDF මාදිලියෙන් කියවන්න Download PDF එවකට එතරම් ජනප්‍රියත්වයක් ලබා නොසිටි කොළොම්බියානු ජාතික ජනමාධ්‍යවේදියෙකු වූ ගාබ්‍රියෙල් ගර්ෂියා මාකේස්, මාස දහ අටක් තිස්සේ මෙක්සිකෝවේ හුදෙකලාවේ වසමින් සියක් වසක හුදෙකලාව ලිවීය. ලතින් අමරිකානු කලාපයෙන් මතුව ආ නව සාහිත්‍ය රැල්ලක පෙරගමන්කරු වෙමින්…

‘ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50’ – තෙවැනි ලිපිය :ලොලීටා

Globe and Mail ජූනි 14, 2008 ලොලීටා: නොමිහිරියි, මේ බලන්න ලෝරා පෙනී පරිවර්තනය: කෙ‍්. කේ. සමන් කුමාර PDF මාදිලියෙන් කියවන්න Download PDF මේ පෙබරවාරියේ එක්සත් රාජධානියේ වූල්වර්ත් සමාගම “ලොලීටා අතරමැදනිදන බහුකාර්ය නිදන කාමර කට්ටලය (The Lolita Midsleeper Combi)” යනුවෙන් අයෝග්‍ය ලෙස බාලිකා නිදන කාමර කට්ටලයක් නම් කිරීමෙන් මව්පිය කෝපය ඇවිස්සුවා. ප්‍රකාශකයෙකු කීවා: “අපේ කාර්ය මණ්ඩලය…

ප්ලේටෝ පිළිබඳ තව දුරටත්….

ප්ලේටෝ පිළිබඳ තව දුරටත්…. “ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50” විශේෂාංගය යටතේ එහි එන තෝරාගත් පොතක් පිළිබඳ පළමු ලිපිය වශයෙන් ප්ලේටෝ ගේ ජනරජය ගැන සයිමන් බ්ලැක්බර්න් ලියූ, හේමරත්න ලියනආරච්චි විසින් පරිවර්තනය කළ ලිපිය පසුගිය වතාවක ඉදිරිපත් කළෙමු. අද අප පහත පළකරන්නේ, සාහිත්‍යධරයෙකු වන හේමරත්න ලියනආරච්චි ප්ලේටෝ පිළිබඳව ලියූ අදහස් කිහිපයකි. මේ අදහස් දෙකොටස, බටහිර සාහිත්‍ය විචාරයේ ඉතිහාසය නමින් ලියනආරච්චි මහතා, පළකිරීම සඳහා සංස්කරණය කරමින් සිටින, කෘතියෙන් දෙපළකින් උපුටා ගැණුනු ඒවාය. I බුඬිය මිත්‍රයෙකැයි සිතා කාව්‍ය දෙවියන් මරා හෙළීම (ක්‍රි.පූ.427-347) පූර්ව ප්ලේටෝ අවධියේ දී ක්‍රමයෙන් මෝදු වෙමින් පැවති බටහිර සාහිත්‍ය විචාර ක්ෂේත්‍රයට නිශ්චිත රූපයක්, ස්ථායී භාවයක් හා දිශාවක් ද දෙනු ලබන මුහුන් වෙසෙසක්…

‘ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50’ – දෙවැනි ලිපිය: සිහින පිළිබඳ අර්ථකතනය

මානව මන‍සේ මහා අභිරහස්   ‘ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50’ – සිහින පිළිබඳ අර්ථකතනය ජෙෆ්රි මුසෙයින් ‍ මැසොන් පරිවර්තනය: ක්‍රිෂාන්ත ෆෙඩ්රික්ස් Globe and Mail අප්‍රේල් 12, 2008 ‘ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50’ පිළිබඳ විශේෂාංගයේ එන ග්‍රන්ථ නාමාවලියට අයත් පොතක් පිළිබඳ ‍‍දෙවැනි ලිපිය සිග්මන් ෆ්‍රොයිඩ් ගේ සිහින පිළිබඳ අර්ථකතනය පිළිබඳ පහත පළ කරන්නෙමු. 1990 දි සිග්මන් ෆ්‍රොයිඩ් ගේ…

‘ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50’ – ජනරජය

සයිමන් බ්ලැක්බර්න් – Globe and Mail පෙබරවාරි 9, 2008 පරිවර්තනය : හේමරත්න ලියනආරච්චි ‘ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50’ පිළිබඳ විශේෂාංගයේ අප මෙතෙක් පළ කළේ ශ්‍රේෂ්ඨතම කෘතීන් තේරීම පිළිබඳ Globe and Mail පුවත්පතේ පාඨකයන් පළ කළ අදහස් ඇසුරින් සකස් කළ ලිපි කිහිපයකි. එම ග්‍රන්ථ නාමාවලියට අයත් පොතක් පිළිබඳ පළමු ලිපිය ප්ලේටෝ ගේ ජනරජය පිළිබඳ අප පහත පළ…