By kathika

ඒකාධිපති ජනාධිපති වියරුව පරදවමු – මහාචාර්ය නවරත්න බණ්ඩාර

පේරාදෙණිය විශ්ව විද්‍යාලය මෙරටට විධායකජනාධිපතිවරයකු ප‍්‍රථමයෙන් පත් වන්නේ 1978 පෙබරවාරි 4 වන දිනය. අදට වසර 37 කට පෙර 1972 ආන්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ගෙන එන ලද දෙවන සංශෝධනය මගින් මෙම ධුරය හඳුන්වා දෙන විට පැවතියේ අගමැතිවරයකුගේ නායකත්වයෙන් යුත් කැබිනට් මංඩල පාලන ක‍්‍රමයකි. විධායක බලතල සහිත ජනාධිපති ධුරයක් එම පාලන ක‍්‍රමයට එකතු කිරීම එම අවස්ථාවේ දී සිදුකරන ලදි. එහි ප‍්‍රතිඵලය වූයේ අගමැති සහ ඇමති මංඩලය සතුව තිබූ විධායක බලය ජනාධුපති ධුරය වෙතට පවරා ගැනීමය. එමගින් නාමික සහ දේශපාලන යනුවෙන් පැවති විධායක ආයතන දෙක එකක් බවට පත්කරන ලදි. නව ක‍්‍රමය යටතේ අගමැති ධුරය හුදු තනතුරු නාමයක් පමණක් බවට පත් විය. ඒ මගින් අගමැතිවරයා ජනාධිපති…

ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශ: භින්නෝන්මාදය ජනතාවටද? රෙජීමයටද? – කුමුදු කුසුම් කුමාර

රාජපක්ෂ රෙජීමයේ ඒකාධිපති වියරුවට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීම සඳහා වන පුළුල් පොදු ජන සටනක් බවට වත්මන් ජනාධිපතිවරණය හැරී තිබේ. මේ අවස්ථාව මඟ හැරුණහොත් නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජ සාධාරණය දිගු කලකට අපට අහිමි වනු ඇතැයි දැඩි විශ්වාසයට මැදහත් බොහෝ දෙනා ස්වාධීනව එළඹ සිටිති. පසුගිය සමයේ රෙජීමයට එළිපිට සහයෝගය දුන් බොහෝ දෙනා මේ අතර වෙති. ඔවුන්ගෙන් සමහරු රෙජීමයට සහයෝගය පළනොකොට නිශ්ශබ්ද වීමෙන් රෙජීමය පරාජය කිරීමට අනියමින් කැමැත්ත දක්වා සිටිති. මේ ජනරැල්ල දැක රජය සහ අනුගාමිකයන් කුපිත වී වියරුවෙන් ක්‍රියා කරන්නට පටන් ගෙන ඇත. රජයේ මැරයන් දේශපාලනයේ යෙදෙන ජනයාට පහර දෙද්දී, වේදිකා ගිනි තබද්දී, වෙඩි තියද්දී පොලීසිය එක්කෝ මඟහැර යති, නැතහොත් නීතිය හකුලා…

ජාතික ආරක්ෂක රාජ්‍යයක් ගොඩ නැංවීම නවතාලිය යුතුය – කුමුදු කුසුම් කුමාර

විපක්ෂයේ පොදු අපේක්ෂකයාගේ වැඩ පිළිවෙල තුලින් මතුවන ගැටලු දෙකක් කෙටියෙන් මතු කරමින් මෙම ලිපිය අරඹමි. පළමුව, විපක්ෂය විසින් අත්සන් කළ පොදු මහජන න්‍යාය පත්‍ර යේ සඳහන් වන වසර දෙකකට නොඅඩු කාලයක් සඳහා සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමේ යෝජනාව රාජපක්ෂ රෙජීමය යටතේ පැවතියාක් මෙන් විපක්ෂ දේශපාලනය මර්ධනය කිරීමේ වැඩ පිළිවෙලක් නොවන්නේ කෙසේද යන්න පොදු අපේක්ෂක ව්‍යාපාරය විසින් පැහැදිළි කළ යුතුය. ජාතික ඒකාබද්ධතාව ගොඩ නැංවීමේ යහපත් අරමුණ වෙනුවෙන් හෝ වුව දේශපාලනය විසම්මුතිය, විවේචනය සහ විරෝධය යටපත් කිරීම සිදු නොවිය යුතුය. එසේ වුව හොත් එය පොදු අපේක්ෂක ව්‍යාපාරයේ මූලික අරමුණ වන බහු පක්ෂ දේශපාලනය අත්‍යවශ්‍ය අංගයක් වන පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපිත කිරීමේ අපේක්ෂාවට එරෙහිව…

ආයෙමත් යුද්ධය ඇති වෙයිද? කුමුදු කුසුම් කුමාර

ජනාධිපති මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමග උදා වූ දේශපාලන නිදහසේ අවකාශය ලංකාවේ සමාජයට නව ජීවයක් ගෙන දුන්නා වැනිය. යහපත් වෙනසක් පිළිබඳ බලාපොරොත්තුවෙන් මුලු සමාජයම පිබිදී ඇළලී ගොස් ඇත. හැමතැනම හැමෝගේම දවසේ ප්‍රධාන මාතෘකාව දේශපාලන යයි. පසුගිය දිනවල උණුසුම් කතා බහ වූයේ ‘කවුද අලුතෙන් පැන්නෙ?‘ යන්නයි. නමුත් දැන් වන විට එය දේශපාලනඥයන්ගේ මිල ගණන් වලින් අදහස් වලට ප්‍රතිපත්තිවලට පුරවැසි සාකච්ඡාවට මාරු වී තිබේ. මේ සාමාන්‍ය පුරවැසියා දේශපාලනයට සක්‍රීයව යොමුවන මොහොතයි. ඡන්දදායකයන් විසින් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන අනාගත ජනාධිපතිවරයා ලෙස බැරෑරුම්ව සළකා බැලීම දැන් ඇරඹී තිබේ. ප්‍රචණ්ඩත්වයෙන් බිය වැදී ගොස් තිබුණු අප සමාජය මත ජාතික නායකයෙක් ලෙසින් මෛත්‍රීපාල සිරිසේන ගේ ආගමනය ඇති…

எதிர்கால சந்ததியினருக்காக நாம் தீர்க்கமான செயற்பாட்டாலர்களாவோம் 2015ஆம் ஆண்டு ஜனாதிபதி தேர்தல் தொடர்பான பல்கலைக்கழக விரிவூரையாளர்களின் விஞ்ஞாபனம்

எதிர்கால சந்ததியினருக்காக நாம் தீர்க்கமான செயற்பாட்டாலர்களாவோம் 2015ஆம் ஆண்டு ஜனாதிபதி தேர்தல் தொடர்பான பல்கலைக்கழக விரிவூரையாளர்களின் விஞ்ஞாபனம் ஜனாதிபதித் தேர்தல் அறிவிக்கப்பட்டுள்ளது. இதனால் அனைவரும் இந்நாட்டு மக்கள் என்ற வகையில் எமது வாக்குகளை ஜனவரி 8ஆம் திகதி தேர்தலில் பாவிக்க வேண்டியூள்ளது. எல்லா விடயங்களையூம் ஆழமாக ஆராய்ந்து நாம் எடுத்துள்ள தீர்மானம்இ எமது நாடு எதிர்கால சந்ததியினர் தொடர்பில் காத்திரமான பாதிப்பை ஏற்படுத்தக்கூடிய வரலாற்று முக்கியத்துவம் வாய்ந்த ஓர் இக்கட்டான சந்தர்ப்பத்தை எதிர் நோக்கியூள்ளது. குறிப்பாக நாம் எதிர்பார்க்கின்ற எல்லா மாற்றங்களையூம் ஒரே இரவிலோ அல்லது ஆட்சி மாற்றமொன்றால் மட்டுமோ பெற்றுக் கொள்ள முடியாது என்பதை நன்கு அறிந்துள்ளோம். எதிர்வரும் ஜனாதிபதித் தேர்தலானது ஜனநாயம்இ சட்டவாட்சிஇ நல்லாட்சி மற்றும் சமூக நீதி; தொடர்பான சிக்கல்களை வெளிக் கொண்டு வருவதற்கான சந்தர்ப்பம் ஒன்றை ஏற்படுத்தியூள்ளது. கடந்த தசாப்தத்தில் சட்டவட்சிஇ ஜனநாயம் மற்றும் நல்லாட்சி போன்றவற்றின் தரம் மற்றும் தன்மையில் பாதிப்பு ஏற்பட்டுள்ளதையூம் அரசியல்…

Let us act decisively in the name of generations to come: declaration by university academics on the 2015 Presidential election

The presidential election has been announced and each of us will be called upon to exercise our vote as citizens of this country on the 8th of January 2015. It is our considered view that our country is at a historically important juncture at this moment and our decision at this election will have crucial implications for future generations. While we do not believe that all the changes we desire can be achieved overnight, or simply through a regime change, we believe strongly that this presidential election offers a window of opportunity to re-establish democracy, the rule of law and…