දෙවියන් හැර ගිය දෙවොලක සිට කැත්ලීන් ජයවරර්ධන සෝවියට් පුවත්පත්, සඟරා දැන් මිය ගිය ලේඛකයාගේ තවමත් උණුසුම් රූපකාය මත අසීමිත කීර්ති ප්‍රශංසා කඳු ගසයි. ඒවායෙහි ඔහු වර්ණනා කෙරෙන්නේ ‘ශ්‍රේෂ්ඨතම සුධීමතා’ ලෙස ය. මේ වර්ගයේ කිත් පැසසුම් තම ජීවිත කාලයේදී තමාට කෙරුණේ නම් ගොර්කි ඒවා දෙස රවා බලන්ට බොහෝ සෙයින් ඉඩ තිබිණි. (මාක්‌ස්‌වාදය හා සාහිත්‍යකලා – 202, 203 පිටු – මහාචාර්ය සුචරිත ගම්ලත්) රුසියානු මහා ලේඛක මැක්‌සිම් ගෝර්කිගේ අභාවයෙන් පසු සෝවියට් ජනමාධ්‍ය හැසිරුණු ආකාරය පිළිබඳව වසර 5 කට ඉහතදී මහාචාර්ය සුචරිත ගම්ලතුන් තැබූ මේ සටහන ආකස්‌මිකව අපගේ සිතට නැගෙන මොහොතකි මේ. ඒ, ඉතිහාසයේ කාල පරිච්ඡේදයක් තුළ සිය මුද්‍රdව තැබූ ගම්ලතුන් ඉකුත් කාල…
'kathika' social, cultural and political review
By kathika
මහාචාර්ය සුචරිත ගම්ලත් ගුණ සමර
වදනිසුරු ගම්ලත්හු මහාචාර්ය කේ.එන්.ඕ. ධර්මදාස මහාචාර්ය සුචරිත ගම්ලත් වනාහි මෑත කාලයේ සිංහලයෙහි පහළ වූ ලේඛකයන් අතර විස්‌මයජනක භාෂා නෛපුණ්‍යයක් හා නිර්මාණ කාර්යශූරභාවයක් ප්‍රකට කළ විද්වතෙකි. ඔහුගේ අභිලාෂයෝ විවිධාංගික වූහ. සාහිත්‍යාදී කලා, සම්භාව්‍ය සාහිත්‍යය, නූතන සාහිත්‍යය, පාලි හා සංස්‌කෘත භාෂා සාහිත්‍යයන් ආදී වූ මානව ශාස්‌ත්‍ර විෂයයන් මෙන්ම සමාජවාදය, මාක්‌ස්‌වාදී මූලධර්ම හා මූලකෘති හා සමග සමාජවාදී භාවිතාවන්ද සමකාලීන දේශපාලනය ආදිය ඇතුළත් සමාජීය විද්‍යා ක්‍ෂේත්‍රයෙහිද ඔහු සිය ප්‍රවීණතාව පතුරුවාගෙන සිටියේය. සිංහල ලේඛකයකු වශයෙන් ඔහු විදහා දැක්‌වූ අසහාය නිපුණතාවට පදනම වූයේ පාලි හා සංස්‌කෘත භාෂා සාහිත්‍යයන් පිළිබඳව ඔහු තුළ වූ ප්‍රාමාණික දැනුම බව නොරහසකි. එම ප්‍රාචීන භාෂාවන්ට අමතරව ඉංග්‍රීසි හා තවත් භාෂා ගණනාවක් ඔහු…
මිනෙත් ද සිල්වා ලංකාවේ පුරෝගාමී වාස්‌තු විද්‍යාඥවරිය
ශ්‍රී ලංකා වාස්‌තු විද්‍යාවේ කාන්තා මුද්‍රාව ආචාර්ය නිශාන් රසාංග විඡේතුංග, වරලත් ගෘහ නිර්මාණ ශිල්පී මිනෙත් ද සිල්වා ලංකාවේ පුරෝගාමී වාස්‌තු විද්‍යාඥවරිය – දෙවැනි කොටස ඇයගේ ව්‍යාපෘතීන් විශ්ලේෂණයට ලක් කිරීමේදී කොළඹ ග්‍රෙගරි පෙදෙසෙහි නිර්මාණය කරන්නට යෙදුණ සේනානායක නේවාසික තට්‌ටු ගොඩනැඟිල්ල (Flats) 1954-57) සහ ප්‍රංශයේ මාර්සේ (Marseille) ප්‍රදේශයේ ලෙ කෝර්බ්‍රසියර් අතින් නිර්මාණය වූ Unite d Habitation යන එම ගණයේම ගොඩනැඟිල්ල අතර සමානකම් එමටය. ඒකකය (unit) පුනරාවර්තනය ඔස්‌සේ නිර්මිත මෙම කොන්ක්‍රීට් ගොඩනැඟිලි ද්විත්වයම කණු ශ්‍රේණීන් (Piloti) මත පිහිටුවා ඇත්තේ බිම් මට්‌ටම නිදහස් ලෙස තබා ගැනීමේ අරමුණෙනි. මීට අමතරව ඇය අතින් බිහිවුණ තවත් නේවාසික ගොඩනැඟිල්ලකි කොළඹ බගතලේ පාරේ අයිවෝ ප්‍රනාන්දු ගොඩනැඟිල්ල (1956). කෙසේ වෙතත්…
පාරිභෝජනවාදයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණය රැක ගත හැකිද?
පාරිභෝජනවාදයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණය රැක ගත හැකිද? කුමුදු කුසුම් කුමාර තමිල්නාඩු මහ ඇමැතිනිය ජයලලිතා කළ නියෝගයක් මත ඉන්ඩියා ප්‍රිමියර් ලීග් (අයි පී එල්) ක්‍රිකට් තරඟාවලියේ පාලක මණ්ඩලය ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයන් චෙන්නායි හි පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරඟ වලට සහභාගීවීම වළකාලමින් තහනමක් පනවා තිබීම ඉමහත් ආන්දෝලනයකට තුඩු දී ඇත. ජයලලිතා තම නියෝගයට හේතුව වශයෙන් දක්වන්නේ ශ්‍රී ලංකා රජය එරට පැවති යුද්ධ සමය තුළ දෙමළ ජනතාවගේ මානව අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම පිළිබඳ දකුණු ඉන්දියාවේ මතුවී ඇති උණුසුම් සහගත තත්ත්වය මෙයින් උග්‍ර වී ජනයා තුළ කෝපය වැඩි කරනු ඇති හෙයින් මෙම තහනම පනවන බවයි. මෙම තීරණය පිළිබඳ තම ශෝකය පළ කරමින් ලාංකේය ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා…
කැප වූ බුද්ධිමතෙකුගේ නික්ම යාම
කැප වූ බුද්ධිමතෙකුගේ නික්ම යාම සහෘද විසිනි සුචරිත ගම්ලත් ශූරීන් ගේ අභාවයෙන් අපේ යුගයේ කැප වූ බුද්ධිමතෙකු අපට අහිමි වීය. මතවාදීව ට්‍රොට්ස්කිවාදියෙකු වූ සුචරිත ගම්ලත් සාහිත්‍යය සහ කලාව පිළිබඳ ට්‍රොට්ස්කිවාදී විචාරය වෙනුවෙන් නිරතුරුව පෙනී සිටිමින් වෙනස් මත දරන්නන් විවාදයට කැඳවන ලෙසින් ප්‍රබල මත ඉදිරිපත් කරමින්, අප සමාජයේ සාහිත්‍යය, කලාව සහ භාෂාව පිළිබඳ කතිකාව නිරතුරුව අවදි කෙළේය, පවත්වා ගෙන යාමට ඉමහත් දායකත්වයක් සැපයීය. ඔහු තමා දරන මතය වෙනුවෙන් දැඩිව සහ අඛණ්ඩව සමාජයේ පෙනී සිටි අතර අවස්ථාවාදී ලෙස තම ප්‍රතිපත්ති පාවා නොදුන්නේය. සමාජ යුක්තිය සහ සාධාරණය පිළිබඳ කරුණු වලදී ඔහු හැමවිටමත් නොසැලී පීඩිතයාගේ පස ගත්තේය. ඒ හේතුවෙන් කොතෙක් ජිවන දුශ්කරතා වලට මුහුණ…
සුචරිත ගම්ලත් මාක්ස්වාදියෙක් වී ද?
සුචරිත ගම්ලත් මාක්ස්වාදියෙක් වී ද? දිමුතු සමන් වෙත්තසිංහ එවකට නව යොවුන් වියේදී සිංහලෙන් පමණක් කියවීමට හැකිවූ අප තරණය කරමින් සිටි විශාලම මහද්වීපය මාර්ටින් වික්‍රමසිංහ වූ කලෙක ගම්ලතුන්ගේ මාක්ස්වාදී විචාරය හමුවීමෙන් අප තුළ ඇති කලේ තිගැස්මකි.බුද්ධිමය උද්දීපනයකි, ආශ්වාදයකි. වික්‍රමසිංහගේ බෞද්ධ මානව වාදී දෘෂ්ටිය කෙරෙහි වූ ඔහුගේ නිර්දය මාක්ස්වාදී විචාරය වික්‍රමසිංහයන්ට ඇළුම් කළ අප කෙරේ ඇති කලේ බුද්ධි ශෝධනීය ආනුභාවයකි.වරක් ගුවන් විදුලි සංවාදයකදී ඓතිහාසික භෞතිකවාදී දෘෂ්ටියෙන් නිර්මල බෞද්ධ සංස්කෘතිය සම්බන්ධයෙන් මාර්ටින් වික්‍රමසිංහ දෘඩ ප්‍රහාරයකට ලක්කළ විට එහි සිටි “සාහිත්‍යය, සමාජවාදය හා කලා විචාරය” යනුවෙන් මාක්ස්වාදී කලා විචාරය ගැන පොතක් පවා ලියු සයිමන් නවගත්තේගම ට කරගත හැකි වූයේ තමාට ආවේණික මෘදු යටහත් ස්වරයෙන්…