By kathika

සත්‍යය ගවේෂණයේ ලා කාව්‍යයේ දායකත්වය – හාන්ස් ජෝර්ජ් ගැඩමර්

කතිකා.ලංකා වෙබ් අඩවියේ පළ වූවකි. හාන්ස් ජෝර්ජ් ගැඩමර් (1900-2002) දාර්ශනික අර්ථකතනවේදයේ පුරෝගාමියාය. විවාදපාත්‍ර ජර්මන් දාර්ශනික මාර්ටීන් හෛඩගර්ගේ ශිෂ්‍යයෙකු මෙන්ම සමීපතමයෙකු වූ ඔහු හෛඩගර් නාගරීකරණය කළ පුද්ගලයා වශයෙන් වරක් යුගර්න් හබර්මාස් පැවසීය.“සත්‍යය සහ ක්‍රමය” වශයෙන් පළවු ඔහුගේ විශිෂ්ට කෘතිය සත්‍යය ගවේෂණයේ ලා නුතන විද්‍යාත්මක ක්‍රමය සතු වු අනගිභවනීය කියපෑම අභියෝගයට ලක් කලේය. එමෙන්ම කලාව පිළිබඳ ඔහුගේ…

බටහිර සම්භාව්‍ය සංගීතය සහ එහි ඉතිහාසය, සත්‍යජිත් විජේරත්න අන්ද්‍රාදි ගේ කෘති ඇසුරින් – චමත්කා දේවසිරි

කතිකා.ලංකා වෙබ් අඩවියේ පළ වූවකි. “බටහිර සංගීතය යනු න්‍යායික පදනමක් මත ගොඩනැගුණ සූක්ෂ්ම කලාවකි. එය අපරදිග සභ්‍යත්වයේ කිසිසේත් අමතක කළ නොහැකි විශිෂ්ට අංගයකි.” – සත්‍යජිත් අන්ද්‍රාදි බටහිර සම්භාව්‍ය සංගීතයට අප බොහෝ දෙන ඇලුම් කළ ද ඉහත උද්ධෘතයෙන් ඇඟවෙන එහි න්‍යායික ගොඩනැංම පිළිබඳව සිංහලෙන් ලියැවී ඇත්තේ ඉතා අල්ප වශයෙනි. සංගීතය සම්බන්ධ සාහිත්‍යයේ මෙම අඩුව පිරීමට සත්‍යජිත්…

ඩුෂාම්ප්ගේ කැසිකිළි බඳුන කලාව සෝදා හැරියේ ද? – රෝයි ටර්නර්

කතිකා.ලංකා වෙබ් අඩවියේ පළවූවකි. රෝයි ටර්නර් ඩුෂාම්ප් ට පසුව කලාව නිශ්චය කිරීමේ එකම නිශ්චායකය ‘නම් කරනු ලැබීම’ බවට පත් කරමින් විචාරකයන් ‘සම්ප්‍රදායික’ කලාවේ තරාතිරම ප්‍රශ්න කර තිබීම අවඥාවට ලක් කරයි. තරුණ මෝට්සාට්ගේ සංගීතය අසා දහඅටවන සියවසේ අප්‍රකට, සංගීත රචකයකු මෙසේ පැවසූ බව වාර්තා වී ඇත: “මේ තරුණයා අප සියලුදෙනා අමතක කරවීමට සලසනු ඇත”. පීඨිකාවක් මත…

සොක‍්‍රටික ශික්ෂණ විද්‍යාව: තර්ක කිරීමේ වැදගත්කම – මාර්තා නස්බෝම්

කතිකා. ලංකා වෙබ් අඩවියේ පළ වූවකි පරිවර්තනය: ලියනගේ අමරකීර්ති මම ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙත දෙවියන් විසින් දෙන ලද ඇට මැස්සෙක් වෙමි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු විශාල, උතුම් අශ්වයෙකු වන අතර ඌ චලනයෙහි අලස නිසා ඌට දෂ්ට කර ජීවිතය වෙත ඇහැරවීම අවශ්‍ය වේ. – සොක‍්‍රටීස්. ප්ලේටෝගේ ඇපොලොජි. දැනුම සඳහා අමුද්‍රව්‍ය අත්පත් කර ගැනීමෙන් හෝ අනෙක් අයගේ අදහස් අයිති කර ගැනීමෙන්…

ජාතික චින්තනවාදීන් සහ ‘දේශ හිතෛෂීන්‘ නව ලිබරල්වාදය වැළඳ ගැනීම

ජාතික චින්තනවාදීන් සහ ‘දේශ හිතෛෂීන්‘ නව ලිබරල්වාදය වැළඳ ගැනීම කුමුදු කුසුම් කුමාර විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ වැඩ වර්ජනය දින සියය සපුරද්දී නිමාවට පත් වීය. තම ඉල්ලීම් පිළිබඳ රජයෙන් ලැබුණු ප්‍රතිචාරය පිළිබඳ සෑහීමකට පත් නොවන බව ආචාර්ය සමිති සම්මේලනය කියා සිටියාය. මෙම ප්‍රශ්නය විශ්ව විද්‍යාල ආචාර්යවරුනට හෝ රජයට ජයක් හෝ පරාජයක් නොමැතිව රටටත් ජනතාවටත් ජයග්‍රහණය හිමිවන ආකාරයට විසඳීමට තමන් සමත් වූ බව එහිලා මැදිහත්කරු ලෙසින් ක්‍රියාකළ ඇමති බැසිල් රාජපක්ෂ පසුව ප්‍රකාශ කොට තිබුණි. එයින් කියැවෙන්නේ ආරම්භයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ පිරිනැමූ ‘දෙගොල්ලම-දිනුම් විසඳුම‘ මෙය බවද? තම අමාත්‍ය ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ අනුමතිය සහිතව ආචාර්ය සමිති සම්මේලනය සමග සාකච්ඡාවට බට මුදල් අමාත්‍යංශ…

ජනපතිගේ ‘දෙගොල්ලම-දිනුම් විසඳුම‘ ක්‍රියාවට නැඟීමට කාලය යි

ජනපතිගේ ‘දෙගොල්ලම-දිනුම් විසඳුම‘ ක්‍රියාවට නැඟීමට කාලය යි කුමුදු කුසුම් කුමාර විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ ජූලි 04 වැඩ වර්ජනය ආරම්භ වීමට ඉතා ආසන්නව තිබියදී, එයට විසඳුම් සෙවීමට උසස් අධ්‍යාපන ඇමති එස්. බී. දිසානායක උනන්දුවක් නොදක්වන බව වටහාගත් බව පෙන්නුම් කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග ආචාර්ය සමිති සම්මේලනය සමග සාකච්ඡාවට යොමුකළේ ඔවුන් ගේ ඉල්ලීම්වලට ‘දෙගොල්ලම දිනුම්‘ විසඳුමක් ඉදිරිපත් කරන බව ප්‍රකාශ කරමිනි. අද වනවිට වැඩ වර්ජනය පටන් ගෙන මාස තුනක් ඉක්ම ගොස් ඇති නමුදු ඊට විසඳුමක් දීමට ජනාධිපති දුන් පොරොන්දුව ඉටු වී නැතිවා පමණක් නොව රජයේ සමස්ත යාන්ත්‍රණයම ආචාර්ය සමිති වැඩ වර්ජනය මර්ධනය කිරීම සඳහා යොමුකොට තිබීම මුළු…