විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ගේ වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගය ස්වෙච්ඡා බේරුම්කරණයට යොමුකිරීම 2012 සැප්තැම්බර් 10 වන දින විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය කම්කරු අමාත්‍යාංශයේ රැස්වීමක් සඳහා කැඳවනු ලැබීය. මෙම රැස්වීමේදී වි.වි.ආ.ස.ස.ය හා විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම අතර ඇතැයි කියන ඊනියා ‘‘කාර්මික ආරවුල’’ බේරුම්කරණ ක‍්‍රියාවලියක් හරහා නිරාකරණය කිරීමට යන බව සඳහන් ලිපියක් වි.වි.ආ.ස.ස.ය වෙත භාරදෙන ලදී. මේ ක‍්‍රියාවලිය සඳහා වි.වි.ආ.ස.ස.ය වෙනුවෙන් බේරුම්කරුවෙකු පිළිබඳව නාම යෝජනාකරන මෙන් මෙම ලිපිය මගින් ඉල්ලා තිබේ. වි.වි.ආ.ස.ස.යේ ස්ථිරසාර අදහස වන්නේ ඒ මගින් මෙම වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගය හරහා මතුකරනු ලැබ ඇති කරුණු පදනම් කරගෙන ඇතිවී ඇති තත්වය වි.වි.ආ.ස.ය හා විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම අතර ‘‘කාර්මික ආරවුලක්’’ ලෙස නම් කරනු ලැබිය නොහැකි…
'kathika' social, cultural and political review
By kathika
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට එරෙහිව උසස් අධ්‍යාපන අමාත්‍යවරයාගේ වාචික ප‍්‍රහාර පිළිබඳ
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට එරෙහිව උසස් අධ්‍යාපන අමාත්‍යවරයාගේ වාචික ප‍්‍රහාර පිළිබඳ බොහෝ රටවල්වල අධ්‍යාපන ක්‍ෂේත‍්‍රය සඳහා ඉහළ අධ්‍යාපනයක් සහිත ආදර්ශමත් ඇමතිවරු පත් කිරීම සාමාන්‍යයෙන් දක්නට ලැබෙන තත්වයයි. කෙසේවෙතත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගය අතරතුරදී කිසිදු සැකයකින් තොරව පෙන්නුම් කෙරී ඇත්තේ මේ ගුණාංග කිසිවක් පෙන්නුම් නොකරන ඇමතිවරයෙක් අපට ලැබී ඇති බව පමණක් නොව මෙම ඇමතිවරයා රටේ සමස්ත අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයට යහපතක් වියහැකි ක‍්‍රියාමාර්ග වෙත යොමුවීම ඉතාම තදබල ලෙස නොතකා හරිමින් සිටින බවයි. අපගේ වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගයට මාස දෙකක් ගතවී තිබියදීත් ඇමතිවරයා සිය ප‍්‍රකාශ මඟින් පෙන්නුම් කරනු ලැබ ඇත්තේ ඔහු සතුව අපගේ ඉල්ලීම් පිළිබඳව දැනුමක් නොමැති බව හෝ එසේ නොමැති බව ව්‍යාජ…
පුනර්ප්‍රකාශනය – 2010 ජනාධිපතිවරණය: ජාතිකවාදයද නැතහොත් ලිබරල්වාදයද? දෙකම!
‘කතිකා‘ අධ්‍යයන කවය 2005 සහ 2010 ජනාධිපතිවරණයන් හිදී ඒ පිළිබඳ අපගේ විශලේෂණය ඉදිරිපත් කළෙමු. අප ඉදිරිපත් කළ එම අදහස් පිළිබඳ අදත් පුරවරයේ මහජන වේදිකාවේ අදහස් දැක්වෙමින් පවතී. එම සාකච්ඡාව ගැඹුරු කරනු වස් දේශපාලනය පිළිබඳ උනන්දුවක් දක්වන ඔබේ අදහස් සඳහා විවෘත කරමින් අපි එම ප්‍රකාශ යලිත් මෙහි පළ කරන්නෙමු. නම් අඬ ගැසීම් සහ පදනම් විරහිත ලේබල් ඇලවීම් සඳහා නොව අදහස් විවේචනය සඳහා මෙම ප්‍රකාශ විවෘත යි. 2010 ජනාධිපතිවරණය: ජාතිකවාදයද නැතහොත් ලිබරල්වාදයද? දෙකම! – කතිකා අධ්‍යයන කවය 2010 ජනාධිපතිවරණය, ලංකාව එහි අනාගත ගමන් මග සම්බන්ධයෙන් අතිශයින් තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ ඇති බව සළකුණු කරන්නේය යන්න අපගේ අදහසයි. මේ බව මෙරට මහජනයාද වටහා ගෙන…
පුනර්ප්‍රකාශනය – ජනාධිපති මැතිවරණය සහ ඉන් ඔබ්බට: නව-ලිබරල්වාදය, ජාතික චින්තනය සහ පුරවැසිභාවය
‘කතිකා‘ අධ්‍යයන කවය 2005 සහ 2010 ජනාධිපතිවරණයන් හිදී ඒ පිළිබඳ අපගේ විශලේෂණය ඉදිරිපත් කළෙමු. අප ඉදිරිපත් කළ එම අදහස් පිළිබඳ අදත් පුරවරයේ මහජන වේදිකාවේ අදහස් දැක්වෙමින් පවතී. එම සාකච්ඡාව ගැඹුරු කරනු වස් දේශපාලනය පිළිබඳ උනන්දුවක් දක්වන ඔබේ අදහස් සඳහා විවෘත කරමින් අපි එම ප්‍රකාශ යලිත් මෙහි පළ කරන්නෙමු. නම් අඬ ගැසීම් සහ පදනම් විරහිත ලේබල් ඇලවීම් සඳහා නොව අදහස් විවේචනය සඳහා මෙම ප්‍රකාශ විවෘත යි. ජනාධිපති මැතිවරණය සහ ඉන් ඔබ්බට: නව-ලිබරල්වාදය, ජාතික චින්තනය සහ පුරවැසිභාවය – අර්ථවිවරණයක් – කතිකා අධ්‍යයන කවය 2005 ජනාධිපති මැතිවරණය නව-ලිබරල්වාදය සහ ජාතික චින්තනය යන මතවාදයන් දෙක අතර කෙරෙන තීරණාත්මක සටනක් ලෙස, ජාතික ඌරුවක (national ethos)…
සරසවි ඇදුරු වැඩ වැරුම හෙළි කළ මහින්ද චින්තනයේ බුද්ධි විරෝධී පිළිවෙත
සරසවි ඇදුරු වැඩ වැරුම හෙළි කළ මහින්ද චින්තනයේ බුද්ධි විරෝධී පිළිවෙත – කුමුදු කුසුම් කුමාර විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය දියත් කොට ඇති වැඩ වර්ජනය දින 50 සපුරද්දී සරසවි ඇදුරන් කොළඹ නගරයේ වීදි දිගේ පෙළපාලි ගොස් හයිඩ් පාක් හි පැවැත්වූ සාර්ථක මහජන රැළියත් සමගින් එම සටන ගුණාත්මක පිම්මක් පැන්නේය. එම රැළියේදී ජ්‍යෙෂ්ඨ වෘත්තීය සමිති නායක බාලා තම්පෝ, පූජ්‍ය මාදුලුවාවේ සෝභිත හිමි, සහ ජාතික මට්ටමේ විවිධ වෘත්තීය සමිති නායකයන් සියලු දෙන දිගින් දිගටම අවධාරණය කළ රාජ්‍ය අංශයේ අධ්‍යාපනය රැක ගැනීමේ අවශ්‍යතාව ජාතික මට්ටමේ මාතෘකාවක් බවට පත් කරන්නට මෙම අරගලය සමත් වී ඇති බව මෙම රැළිය සටහන් කළේය. එපමණක් නොව මෙම රැළිය…