By kathika

පුනර්ප්‍රකාශනය – ජනාධිපති මැතිවරණය සහ ඉන් ඔබ්බට: නව-ලිබරල්වාදය, ජාතික චින්තනය සහ පුරවැසිභාවය

‘කතිකා‘ අධ්‍යයන කවය 2005 සහ 2010 ජනාධිපතිවරණයන් හිදී ඒ පිළිබඳ අපගේ විශලේෂණය ඉදිරිපත් කළෙමු. අප ඉදිරිපත් කළ එම අදහස් පිළිබඳ අදත් පුරවරයේ මහජන වේදිකාවේ අදහස් දැක්වෙමින් පවතී. එම සාකච්ඡාව ගැඹුරු කරනු වස් දේශපාලනය පිළිබඳ උනන්දුවක් දක්වන ඔබේ අදහස් සඳහා විවෘත කරමින් අපි එම ප්‍රකාශ යලිත් මෙහි පළ කරන්නෙමු. නම් අඬ ගැසීම් සහ පදනම් විරහිත ලේබල් ඇලවීම් සඳහා නොව අදහස් විවේචනය සඳහා මෙම ප්‍රකාශ විවෘත යි. ජනාධිපති මැතිවරණය සහ ඉන් ඔබ්බට: නව-ලිබරල්වාදය, ජාතික චින්තනය සහ පුරවැසිභාවය – අර්ථවිවරණයක් – කතිකා අධ්‍යයන කවය 2005 ජනාධිපති මැතිවරණය නව-ලිබරල්වාදය සහ ජාතික චින්තනය යන මතවාදයන් දෙක අතර කෙරෙන තීරණාත්මක සටනක් ලෙස, ජාතික ඌරුවක (national ethos)…

සරසවි ඇදුරු වැඩ වැරුම හෙළි කළ මහින්ද චින්තනයේ බුද්ධි විරෝධී පිළිවෙත

සරසවි ඇදුරු වැඩ වැරුම හෙළි කළ මහින්ද චින්තනයේ බුද්ධි විරෝධී පිළිවෙත – කුමුදු කුසුම් කුමාර විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය දියත් කොට ඇති වැඩ වර්ජනය දින 50 සපුරද්දී සරසවි ඇදුරන් කොළඹ නගරයේ වීදි දිගේ පෙළපාලි ගොස් හයිඩ් පාක් හි පැවැත්වූ සාර්ථක මහජන රැළියත් සමගින් එම සටන ගුණාත්මක පිම්මක් පැන්නේය. එම රැළියේදී ජ්‍යෙෂ්ඨ වෘත්තීය සමිති නායක බාලා තම්පෝ, පූජ්‍ය මාදුලුවාවේ සෝභිත හිමි, සහ ජාතික මට්ටමේ විවිධ වෘත්තීය සමිති නායකයන් සියලු දෙන දිගින් දිගටම අවධාරණය කළ රාජ්‍ය අංශයේ අධ්‍යාපනය රැක ගැනීමේ අවශ්‍යතාව ජාතික මට්ටමේ මාතෘකාවක් බවට පත් කරන්නට මෙම අරගලය සමත් වී ඇති බව මෙම රැළිය සටහන් කළේය. එපමණක් නොව මෙම රැළිය…

අධ්‍යාපනය පිළිබඳ රාජ්‍ය ප‍්‍රතිපත්තිය ප‍්‍රශ්ණ කරන සරසවි ඇදුරු අරගලය

අධ්‍යාපනය පිළිබඳ රාජ්‍ය ප‍්‍රතිපත්තිය ප‍්‍රශ්ණ කරන සරසවි ඇදුරු අරගලය මහාචාර්ය ඒ. එම්. නවරත්න බන්ඩාර, දේශපාලන විද්‍යා අංශය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය 2011 දී සිය රාජකාරියට බාහිරවන පරිපාලන තනතුරු අත්හරිමින් අරඹන ලද සරසවි ඇදුරන්ගේ වෘත්තීය අරගලය මෙම වසරේදී අඛන්ඩ වැඩ වර්ජනයක් ලෙස යලි කරලියට පැමිණ දැන් දින 50 කට අධික කාලයක් ගතව ඇත. විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයට අයත් වෘත්තීය සමිති 38ක් සහභාගීව සිටින මෙම ක‍්‍රියා මාර්ගය මෙරට විශ්ව විද්‍යාල ඉතිහාසයේ දී ආචාර්යවරු විසින් සිදුකල ප‍්‍රථම අඛන්ඩ වැඩ වර්ජනය වෙයි. ආචාර්ය සංගම් මෙම ක‍්‍රියා මාර්ගයට එළඹුනේ තමන් විසින් ගිය වසරේ අත්හිටවූ වෘත්තීය ක‍්‍රියාමාර්ගය යලි ආරම්භ කරන්නට සිදුවන බවට වසරකට අධික කාලයක් කල…

වම් ඉවුරෙන් දකුණු ඉවුරට ගොඩවූ චන්ද්‍රප්‍රේම ට පිළිතුරක්

වම් ඉවුරෙන් දකුණු ඉවුරට ගොඩවූ චන්ද්‍රප්‍රේම ට පිළිතුරක් රුහුණ විශ්වවිද්‍යාලයේ ලාල් පන්නිල සමග නන්දසිරි කීඹියහෙට්ටි 2012 අගෝස්තු මස 06 වන දින දිවයින පුවත්පතේ වම් ඉවුර විශේෂාංගයට සී. ඒ. චන්ද්‍රප්‍රේම මහතා විසින් “විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ගේ වර්ජනය සාධාරණද ? මැයෙන් ලියන ලද ලිපිය කියවීමෙන් දැඩි මවිතයට හා කලකිරීමට පත්වීමු. එම ලිපිය වම් ඉවුර විශේෂාංගයේ පළවුවත් දකුණු ඉවුරට ආවඩමින් පොදුජන පාඨකයා නොමඟ යැවීමට දැරූ කුහක උත්සාහයක් ලෙස හැඟී ගිය බැවින් එයට පිළිතුරක් සැපයීමට අදහස් කළෙමු. එම විශේෂාංගය දිවයින පුවත්පතට ලියන සී. ඒ. චන්ද්‍රප්‍රේම මහතා වෘත්තීය පුවත්පත් කලාවේදියෙකු ලෙස කලක් කේෂ්ත්‍රයේ රැඳී සිටිය ද ඔහු වඩාත් ජනප්‍රිය වන්නේ පසුගිය දා “Gota’s War” නමින් ශ්‍රී…

ඉතින් කියව මහරජ බිහිරි ද හඬට

සිත් සිත් නදන සිත් කළ නෙත් නෙත් පහන් නෙත් කළ අත් අත් එකට එක් කළ ලත් යුත් සද් මිනිස් කැළ පවුරක්ව නැගෙන නොබිඳෙන ගඟුලක්ව නැගෙන නොසිඳෙන වැස්සක්ව නිවන සරතැස සුළඟක්ව හමන සිව්දෙස රුදුරු මුසා බස් බිඳලූ ජන ගඟය සියලු සතුරු කඳවුරු ඇස ඉඳිකටුය රටට හිතැති ජන ඇස ලෑ අඳුන’රුය මෙබඳු සොඳුරු සටනට නැති අය වඳය ඇදුරු, දෙගුරු, සිසු, කම්කරු එක පෙළට උතුම් සඟන සෙත්සිරි ලැබ පෙළහරට නැගෙන අයුරු බල සිදු රළ ලෙස යසට ඉතින් කියව මහරජ බිහිරි ද හඬට http://sieruwensitin.blogspot.in/2012/08/blog-post_23.html