By kathika

අධ්‍යාපනය පිළිබඳ රාජ්‍ය ප‍්‍රතිපත්තිය ප‍්‍රශ්ණ කරන සරසවි ඇදුරු අරගලය

අධ්‍යාපනය පිළිබඳ රාජ්‍ය ප‍්‍රතිපත්තිය ප‍්‍රශ්ණ කරන සරසවි ඇදුරු අරගලය මහාචාර්ය ඒ. එම්. නවරත්න බන්ඩාර, දේශපාලන විද්‍යා අංශය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය 2011 දී සිය රාජකාරියට බාහිරවන පරිපාලන තනතුරු අත්හරිමින් අරඹන ලද සරසවි ඇදුරන්ගේ වෘත්තීය අරගලය මෙම වසරේදී අඛන්ඩ වැඩ වර්ජනයක් ලෙස යලි කරලියට පැමිණ දැන් දින 50 කට අධික කාලයක් ගතව ඇත. විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයට අයත් වෘත්තීය සමිති 38ක් සහභාගීව සිටින මෙම ක‍්‍රියා මාර්ගය මෙරට විශ්ව විද්‍යාල ඉතිහාසයේ දී ආචාර්යවරු විසින් සිදුකල ප‍්‍රථම අඛන්ඩ වැඩ වර්ජනය වෙයි. ආචාර්ය සංගම් මෙම ක‍්‍රියා මාර්ගයට එළඹුනේ තමන් විසින් ගිය වසරේ අත්හිටවූ වෘත්තීය ක‍්‍රියාමාර්ගය යලි ආරම්භ කරන්නට සිදුවන බවට වසරකට අධික කාලයක් කල…

වම් ඉවුරෙන් දකුණු ඉවුරට ගොඩවූ චන්ද්‍රප්‍රේම ට පිළිතුරක්

වම් ඉවුරෙන් දකුණු ඉවුරට ගොඩවූ චන්ද්‍රප්‍රේම ට පිළිතුරක් රුහුණ විශ්වවිද්‍යාලයේ ලාල් පන්නිල සමග නන්දසිරි කීඹියහෙට්ටි 2012 අගෝස්තු මස 06 වන දින දිවයින පුවත්පතේ වම් ඉවුර විශේෂාංගයට සී. ඒ. චන්ද්‍රප්‍රේම මහතා විසින් “විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ගේ වර්ජනය සාධාරණද ? මැයෙන් ලියන ලද ලිපිය කියවීමෙන් දැඩි මවිතයට හා කලකිරීමට පත්වීමු. එම ලිපිය වම් ඉවුර විශේෂාංගයේ පළවුවත් දකුණු ඉවුරට ආවඩමින් පොදුජන පාඨකයා නොමඟ යැවීමට දැරූ කුහක උත්සාහයක් ලෙස හැඟී ගිය බැවින් එයට පිළිතුරක් සැපයීමට අදහස් කළෙමු. එම විශේෂාංගය දිවයින පුවත්පතට ලියන සී. ඒ. චන්ද්‍රප්‍රේම මහතා වෘත්තීය පුවත්පත් කලාවේදියෙකු ලෙස කලක් කේෂ්ත්‍රයේ රැඳී සිටිය ද ඔහු වඩාත් ජනප්‍රිය වන්නේ පසුගිය දා “Gota’s War” නමින් ශ්‍රී…

ඉතින් කියව මහරජ බිහිරි ද හඬට

සිත් සිත් නදන සිත් කළ නෙත් නෙත් පහන් නෙත් කළ අත් අත් එකට එක් කළ ලත් යුත් සද් මිනිස් කැළ පවුරක්ව නැගෙන නොබිඳෙන ගඟුලක්ව නැගෙන නොසිඳෙන වැස්සක්ව නිවන සරතැස සුළඟක්ව හමන සිව්දෙස රුදුරු මුසා බස් බිඳලූ ජන ගඟය සියලු සතුරු කඳවුරු ඇස ඉඳිකටුය රටට හිතැති ජන ඇස ලෑ අඳුන’රුය මෙබඳු සොඳුරු සටනට නැති අය වඳය ඇදුරු, දෙගුරු, සිසු, කම්කරු එක පෙළට උතුම් සඟන සෙත්සිරි ලැබ පෙළහරට නැගෙන අයුරු බල සිදු රළ ලෙස යසට ඉතින් කියව මහරජ බිහිරි ද හඬට http://sieruwensitin.blogspot.in/2012/08/blog-post_23.html

කාලෙකට පස්සෙ හයිඩ්පාක් එන්න ! අගෝස්තු 23 වෙනිදා මහජන රැළියට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිතිසම්මේලනයෙන් ආරාධනා

කාලෙකට පස්සෙ හයිඩ්පාක් එන්න ! අගෝස්තු 23 වෙනිදා ප්‍රසිද්ධ මහජන රැළියට ආරාධනා රාජ්‍ය විශ්වවිද්‍යාල ආරක්ෂා කරනු ! අධ්‍යාපනය වෙනුවෙන් 6%ක් වෙන් කරනු !! ඔබ දන්නා පරිදි, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිතිසම්මේලනය දින පනහක පමණ කාලයක් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නියැලී සිටියි. මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ කොටසක් ලෙසත්, මෙම ව්‍යාපාරය පළල් පදනමක් ඇති ජාතික ව්‍යාපාරයක් බවට පත් කිරීමේ අප සමිති සම්මේලනය ගන්නා උත්සාහයට සහාය දැක්වීමක් ලෙසත් අගෝස්තු 23 වෙනිදා අප සංවිධානය කරන මහා රැලියට ඔබට ගෞරවයෙන් ආරාධනා කරමු. හයිඞ් පාර්ක් පිටියේදී හවස 4ට ඇරඹෙන මහජන රැලිය හවස 6 දක්වා පැවැත්වෙනු ඇත. විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ නියෝජිතයන් සේම අනෙකුත් වෘත්තීය සමිති හා සිවිල් සංවිධානවල නියෝජිතයන්ද…

The Role of Education in Taking Care of the World : The Value of the Liberal Arts and Humanities

The Role of Education in Taking Care of the World : The Value of the Liberal Arts and Humanities by Kumudu Kusum Kumara History has come to a stage when the moral man, the complete man, is more and more giving way, almost without knowing it, to make room for the …commercial man, the man of limited purpose. This process, aided by the wonderful progress in science, is assuming gigantic proportion and power, causing the upset of man’s moral balance, obscuring his human side under the shadow of soul-less organization. Rabindranath Tagore, Natioanlism 1917, cited in Martha Nussbaum, 2010 …….for…

ලොව රැකගැනීමෙහිදී අධ්‍යාපනයේ භූමිකාව: ලිබරල් කලාවන්ගේ සහ මානව ශාස්‌ත්‍රයන්ගේ වැදගත්කම – 2 වැනි කොටස

ලොව රැකගැනීමෙහිදී අධ්‍යාපනයේ භූමිකාව: ලිබරල් කලාවන්ගේ සහ මානව ශාස්‌ත්‍රයන්ගේ වැදගත්කම – 2 වැනි කොටස කුමුදු කුසුම් කුමාර අනුවර්තනය – චමත්කා දේවසිරි මෙම ලිපියේ මුල් කොටස පසුගිය සතියේ පළවිය.. 4. ලිබරල් කලාවන් : ආවශ්‍යක අගයප්‍රජාතන්ත්‍රය පවත්වා ගැනීමට මානව හැකියාවන් වර්ධනය මෙම ලිපියේ මූලික තර්කය නම් ලිබරල් කලා අධ්‍යාපනයේ වැදගත්කම රඳා පවතින්නේ, නවෝත්පාදන කිරීම සඳහා හෝ ව්‍යවසායකත්වයට හෝ කළමණාකරණයේ ආචාධර්මය තීරණ ගැනීමේ දී අදාළ හැකියාවන් වර්ධනය කිරීමට හෝ එහි ඇති හැකියාවට එහා ගිය, වඩා වැදගත් හේතු තුළ බව යි. මීළඟ කොටසේ දී, නූතන ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදය පවත්වා ගැනීමට මානව හැකියාවන් වර්ධනය යනුවෙන් මාර්තා නුස්‌බවුම් සඳහන් කරන, ලංකාවට ද අදාළ කර ගත හැකි, කරුණන්…