By kathika

ශ‍්‍රී ලංකාවේ පාසැල් හා විශ්වවිද්‍යාල විශ්වවිද්‍යාල බේරාගනිමු!

ශ‍්‍රී ලංකාවේ පාසැල් හා විශ්වවිද්‍යාල බේරාගනිමු! – විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අධ්‍යාපනය යනු අද වන විට සියලූ මානව සමාජවල මූලික අංගයකි. එය අපේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මූලික මිනිස් අයිතියක්ද මූලික අංගයක්ද වේ. සෑම දෙනාටම අධ්‍යාපනයට හා අධ්‍යාපනය වෙත ප‍්‍රවේශවීමට අයිතිය තිබේ(26 වෙනි වගන්තිය- විශ්ව මානව හිමිකම් ප‍්‍රකාශනය 1948). අධ්‍යාපනය යනු කුලය, වර්ගය, ස්ත‍්‍රී-පුරුෂභාවය, භාෂාව හා ආගම කුමක් වුවත් කාටත් නොමිලේ දෙන නිදහස් සේවයක් ලෙස 1945 වර්ෂයේදී ස්ථාපිත කරන ලදී. එය මේ රටේ සම්පූර්ණ යැයි කිවහැකි තරම් සමාජ විප්ලවයක් ඇති කළේය. නිදහස් අධ්‍යාපනය රටේ විවිධ පලාත්වල සාමාන්‍ය මනුෂ්‍යයන්ට සමාජ චලතාව හෙවත් සමාජයේ ඉහළට යාමේ හැකියාව ලබා දුන්නේය. ඒ නිසා අප කාගේත් දරුවන් සඳහා…

පරපුරෙන් පරපුරට දායාද වන ලංකාවේ නිදහස් අධ්‍යාපනය රැකගැනීමේ සටන පිළිබඳ පණිවුඩය අන්තර්ජාලයට …..

පරපුරෙන් පරපුරට දායාද වන ලංකාවේ නිදහස් අධ්‍යාපනය රැකගැනීමේ සටන පිළිබඳ පණිවුඩය අන්තර්ජාලයට මුදා හරිමින්…. මහාචාර්ය මයිකල් ප්‍රනාන්දු (අසුන් ගෙන), මහාචාර්ය නවරත්න බණ්ඩා (පේරාදෙණිය විශ්ව විද්‍යාලය), මහාචාර්ය හේ. ශ්‍රියානන්ද (විවෘත විශ්ව විද්‍යාලය), මහාචාර්ය අසංග තිලකරත්න (කොළඹ විශ්ව විද්‍යාලය) විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ වෙබ් අඩවිය විවෘත කිරීමේ උත්සවයේදී.

මාධ්‍යය හිමිකාරිත්වය සහ තොරතුරු දැනගැනීමේ හා අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස

මාධ්‍යය හිමිකාරිත්වය සහ තොරතුරු දැනගැනීමේ හා අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස – නිර්මාල් රංජිත් දේවසිරි පසුගිය සතිය වනතෙක්ම මම මෙම තීරුලිපිය රචනා කරන ලද්දේ ඉරිදා ලක්බිම පුවත්පතටයි. ඒ අනුව ගියවර රාවය පුවත්පතේ පුවත්පතේ පලවූ කොටස ද නියමිත කාලයට ලක්බිම කර්තෘ මණ්ඩලය වෙත ලැබීමට සැලැස්සුවෙමි. නමුත් නියමිත පරිදි එම තීරුලිපිය අදාල පුවත්පතේ පළවූයේ නැත. මම ඒ සම්බන්ධයෙන් ලක්බිම කර්තෘ මණ්ඩලයෙන් විමසීමක් කළවිට ඔවුන්ගෙන් ඉදිරිපත්වූ කරුණු දැක්වීමෙන් මට හැඟී ගියේ එය පළ නොවීමට හේතුව එහි අඩංගුව බවය. විශේෂයෙන්ම පුවත්පතේ හිමිකාරිත්වයේ අභිලාෂ සහ මගේ ලිපියේ අඩංගුව අතර පරස්පරයක් ඇතිබව කර්තෘ මණ්ඩලය තීරණය කිරීම මගේ ලිපිය පළනොවීමට බලපෑ බව මට වැටහිණි. මගේ අදහස වන්නේ මේ…

මහින්ද චින්තනයට උසස් අධ්‍යාපන අර්බුදයට සවදේශීය විසඳුමක් තිබේද? – කුමුදු කුසුම් කුමාර

සරසවි ඇදුරු සංගම් – ජනාධිපති ලේකම් හමුව: මහින්ද චින්තනයට උසස් අධ්‍යාපන අර්බුදයට සවදේශීය විසඳුමක් තිබේද? – කුමුදු කුසුම් කුමාර ක්‍රමයෙන් උග්‍ර වෙමින් පවතින උසස් අධ්‍යාපන අර්බුදයට විසඳුමක් සෙවීම සඳහා ඉදිරි පියවරක් තබමින් ජනාධිපතිලේකම් වරයා සරසවි ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සමග සාකච්ඡාවට පිවිසීම දූරදර්ශී පියවරකි. මෙම සාකච්ඡාවේදී ජනාධිපතිලේකම් වරයා ගත් සුහදශීලී එළඹුම රජයක් තමන් බලයට පත්කළ පුරවැසියන්ට සැළකිය යුතු ආකාරය ගැන කදිම නිදසුනකි. සරසවි ආචාර්යවරුන් තම ඉල්ලීම් වල පසුබිම ඉදිරිපත් කරමින් වත්මන් උසස් අධ්‍යාපන අර්බුදයේ ලක්ෂණ පැහැදිළි කරද්දී ජනාධිපතිලේකම් වරයා ඊට සවන් දුන් ආකාරය දේශපාලනඥයන්ට ආදර්ශයක් සපයයි. මෙහිදී සරසවි ආචාර්යවරුන් ජනාධිපතිලේකම් වරයාට අවධාරණය කොට සිටියේ තම ගැටලු සම්බන්ධයෙන් රජය විසින් පසුගිය වසර…

උසස් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ: මහින්ද චින්තනයට එරෙහිව ‘එස්.බී.චින්තනය‘!

උසස් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ: මහින්ද චින්තනයට එරෙහිව ‘එස්.බී.චින්තනය‘! – කුමුදු කුසුම් කුමාර විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය යලිත් වරක් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට අවතීර්ණ වීමට තීරණය කොට තිබේ. උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඊට එරෙහිව සටන් ප්‍රකාශ කොට තිබේ. පසුගිය වසරේ විශ්ව විද්‍යාල ආචාර්යවරු දියත් කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සහ නොබෝදා අවසන් වූ අනධ්‍යන සේවකයන්ගේ ගේ වර්ජනය ද සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය දැක්වූ ප්‍රතිචාරය සළකා බලන කළ මෙවරද තම සටනට අමාත්‍යාංශය තෝරා ගන්නා මග වනු ඇත්තේ මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සදාචාරාත්මකභාවයක් නොමැති බව මහජනයා හමුවේ පෙන්වන අතර ඊට විසඳුමක් නොදී එය දිග්ගස්සා මෙම අරගලය කෙසේ හෝ පරාජය කිරීම ට…