මේ අතුරුදහන් කිරීම් ප්‍රජාතන්ත්‍රවාදයට අභියෝගයක් ! – විද්වත්තු කියති සමාජවාදී පෙරටුගාමී පක්ෂයේ නායකත්වයට යෝජනා වී සිටින ප්‍රේම්කුමාර් ගුණරත්නම් සහ එම පක්ෂයේ ජාත්‍යන්තර සහ කාන්තා කටයුතු ලේකම්වරිය වන දිමුතු ආටිගල යන දේශපාලන ක්‍රියාකාරීන් පැහැරගැනීමට ලක්වීම තරයේ හෙළා දකින බවත්, එය දේශපාලනය කිරීමේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහසට එල්ල වී ඇති අහියෝගයක් ලෙස තමන් භාරගන්නා බවත් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, කලාකරුවන් , මාධ්‍ය සහ දේශපාලන ක්‍රියාකාරිකයින් ගණනාවක්ම අද(8) කොළඹ දී මාධ්‍ය හමුවකට එක් වෙමින් පැවසීය. පාතාල නායකයින් පැහැරගනිමින් ද, ඔවුන් මරා දමමින් ද ඇරඹුණු මෙම පැහැරගැනීම් සහ අතුරුදන් කිරීම් ප්‍රවණතාව අද ප්‍රසිද්ධියේ දේශපාලන කටයුතු වල නියැලෙන දේශපාලන ක්‍රියාකාරීන් පැහැරගැනීම දක්වා වර්ධනය වීම සාමාන්‍ය තත්වයක් සේ නොගත…
'kathika' social, cultural and political review
By kathika
සිදුවීමට ඉඩ ඇතැයි අප බියපත් වූ දෙය දැන් සිදු වී තිබේ
සිදුවීමට ඉඩ ඇතැයි අප බියපත් වූ දෙය දැන් සිදු වී තිබේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය ප්‍රසිද්ධ පක්ෂ සම්මේලනයක් පවත්වා මහජන තලයේ දේශපාලනයට නිල වශයෙන් පිවිසීමට දින දෙකකට පෙර එම පක්ෂයේ නායකයන් වන කුමාර් ගුණරත්නම් සහ දිමුතු ආටිගල පැහැර ගැනීම පශ්චාත් යුද ලංකාවේ සාමකාමී සහ ස්ථායී දේශපාලන සහ සමාජීය පසුබිමක් ගොඩ නඟාගැනීමට ලාංකේය ජනයා තුළ ඇති අභිලාෂයට බලවත් පහරකි. අලුතින් දේශපාලන පක්ෂ සහ සංවිධාන බිහිවීම අප සමාජයේ දේශපාලන සාකච්ඡාව පුළුල් සහ ගැඹුරු කරන්නට හේතු විය හැකිය. දකුණේ හෝ උතුරේ වුව ජනයාට, විශේෂයෙන් තරුණ ජනයාට විවෘත දේශපාලනයේ යෙදීමට අවකාශය සකසා දීමෙන් දේශපාලන අභිලාෂයන් පාතාලභූමි ගත වීම වළක්වා අප සමාජය යහපත් එකක් බවට පත්…
කුමාර් ගුණරත්නම් හා දිමුතු ආටිගල ඉන්නේ ආරක්ෂක අංශ අත්අඩංගුවේ – සේනාධීර ගුණතිලක
කුමාර් ගුණරත්නම් හා දිමුතු ආටිගල ඉන්නේ ආරක්ෂක අංශ අත්අඩංගුවේ – සේනාධීර ගුණතිලක කුමාර් ගුණරත්නම් මහතා සහ දිමුතු ආටිගල මෙනවිය අත්අඩංගුවට ගෙන තිබෙන්නේ ආරක්ෂක අංශවලින් බව පැහැදිලි යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජික සේනාධීර ගුණතිලක මහතා පැවසීය. ප්‍රේමකුමාර් ගුණරත්නම් මහතා පසුපස හා පක්ෂය පිටුපස මර්දනය හඹා ආ බවත් ඒ නිසා ඔහු කිසියම් ආරක්ෂක වැඩපිළිවෙළක් සහිතව දේශපාලනය කළ බවත් පැවසූ සේනාධීර ගුණතිලක මහතා ඔහුගේ බිරිඳ හා දරුවන් දිවයිනට පැමිණි අවස්ථාවේදී ඔවුන් ගුවන් තොටුපලේ රඳවාගෙන ප්‍රශ්න කිරීමෙන් හා ඔවුන් යන එන තැන් හඹා යාමෙන් ඒ බව පැහැදිලි වන්නේ යැයිද පැවසීය. සේනාධීර ගුණතිලක මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය. ඉතිරිය බලන්න
පෙරටුගාමී සමාජවාදී පක්ෂයට අභියෝගයක් වන සරසවි නවක වධය
පෙරටුගාමී සමාජවාදී පක්ෂයට අභියෝගයක් වන සරසවි නවක වධය ජනතා විමුක්ති පෙරමුණෙ (ජවිපෙ) න් කැඩී ‘ජන අරගල කණ්ඩායම‘ ලෙස මෙතෙක් කටයුතු කළ පිරිස පෙරටුගාමී සමාජවාදී පක්ෂය නමින් මෙම සතියේ මහජන දේශපාලනයට පිවිසීම පිළිබඳ මෙරට වාමාංශික ජනයාගේ සුභාශිංසන හිමිවනු නිසැකය. සමාජයට අලුත්, සාධනීය දේශපාලන හඬක් එකතුවීම හැම විටමත් යහපත් දෙයකි. පෙරටුගාමී සමාජවාදී පක්ෂයට ලංකාවේ අප පසු කරමින් සිටින මෙම අවස්ථාව ට කළ හැකි දායකත්වය පිළිබඳ ලංකාවේ වාමාංශික ජනයා, විශේෂයෙන්ම තරුණ කොටස් බලාපොරොත්තු සහගතව සිටිති. ’71 ජීව ගුණය යළි පුබුදු කිරීම පැරණි වාමාංශික පක්ෂ ගිය පාරේම යමින් ජවිපෙ ත් තවත් එක් සම්ප්‍රදායික පාර්ලිමේන්තුවාදී දේශපාලන පක්‍ෂයක් බවට විපරිණාමය වී ඇති අවස්ථාවෙක ’71 ජීව ගුණය…
අධිකරණය විසින්ම අධිකරණයේ ස්වාධිපත්‍ය නැති කරලා
අධිකරණය විසින්ම අධිකරණයේ ස්වාධිපත්‍ය නැති කරලා නීතිපති දෙපාර්තමේන්තුව දේශපාලනීකරණය වී ඇතැයි හිටපු මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්.එම්.පී. වරාවැව පවසයි. ඔහු ඒ බව පැවසුවේ ජීවිතයට යුක්තිය සම්මන්ත්‍රණ මාලාවේ තෙවැනි අදියරට එක් වෙමිනි. එය පැවැත්වුණේ මහනුවර ඊ.එල්.සේනානායක පුස්තකාල ශ්‍රවණාගාරයේදීය. එහිදී අදහස් දක්වමින් හිටපු මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්.එම්.පී. වරාවැව මෙසේ පැවසීය. http://www.newsfirst.lk/sinhala-news/?view=news_more&id=6522
අවුන් සාන් සූ චී අපේ කාලයේ වීරවරියකි! ථෙරවාදී බුරුමය ප්‍රජාතන්ත්‍රවාදී මඟ ගනියි!!
අවුන් සාන් සූ චී අපේ කාලයේ වීරවරියකි! ථෙරවාදී බුරුමය ප්‍රජාතන්ත්‍රවාදී මඟ ගනියි!! බුරුමයේ නැතහොත් මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ලීගයේ නායිකා නෝබෙල් ත්‍යාගලාභී අවුන් සාන් සූ චී (Aung San Suu Kyi) අවුරුදු 20 ක් පුරා ඇය ගත කළ නිවාස අඩස්සියෙන් නිදහස්ව එරට පාර්ලිමේන්තු මැතිවරණයකට සහභාගී වී ජය ලබා සිටින්නීය. 1990 දී ඇගේ පක්ෂය ලැබූ මැතිවරණ ජයග්‍රහණය තුවක්කුවේ බලයෙන් පාගා දමමින් හමුදා කුමන්ත්‍රණයකින් බලය පැහැර ගෙන අවුරුදු 20 ක් පුරා බුරුම ජනතාව ඒකාධිපති පාලනයට යටත් කොට ගෙන සිටි එරට මිලිටරි ජුන්ටාවට අවුන් සාන් සූ චී ගේ අප්‍රතිහත අධිෂ්ඨානය සහ ලොව ප්‍රජාතන්ත්‍රහිතකාමී ජනතාවන්ගේ විරෝධය මැද යළිත් ප්‍රජාතන්ත්‍රවාදයට එරට විවෘත කරන්නට සිදුවීම අපේ යුගයේ…