By kathika

මෙරට දේශපාලනයට ප්‍රබල විපක්ෂයක් අවශ්‍යයි

එජාප නායකත්ව සටන: මෙරට දේශපාලනයට ප්‍රබල විපක්ෂයක් අවශ්‍යයි එජාප නායකත්ව සටන මූලිකවම පෙන්නුම් කළේ දිගින් දිගටම විපක්ෂයේ සිටීම පිළිබඳ එජාපයේ කොටස් තුළ ඇති බලවත් අප්‍රසාදය යැයි සිතමි. එජාපයේ වත්මන් නායකත්වය වෙනස් වී නම් එජාපයට තමන්ටම හිමි අනන්‍යතාවක් ඇති පක්ෂයක් වශයෙන් තවදුරටත් පැවැතීමට ඇති හැකියාව නැතිවන්නට ඉඩ තිබුණු බව මගේ අදහසයි. මන්ද යත්, එබඳු වෙනසක් ඇති වීම මෙතෙක් කල් එජාප නායකත්වයෙන් නියෝජනය කළ සමාජ ස්ථරයට තම පාරම්පරික දේශපාලන සංවිධානය අහිමි කරනු ඇතිව තිබුණු හෙයිනි. යටත් විජිත සමයේ ලංකාවේ බිහිවූ බටහිරට විවෘත වූ මනසක් සහිත ධනහිමි ගතානුගතික සමාජ පංතියේ නායකත්වය ලද එජාපයේ පහළ සාමාජිකත්වය සැදුනේ නාගරික මැද පංතියෙන් සහ මැද පංතික ගොවි…

‘අධිවේගී මාර්ගය සාර්ථකයැයි කිව හැක්කේ ඇතුළත පිහිටි නගර සංවර්ධනය වුවහොත් පමණයි‘

“මට හිතෙන්නේ කොළඹ තිබෙන තදබදයට පිළියම වෙන්නේ අධිවේගී මාර්ගවත් ගුවන් පාලම්වත් නෙමෙයි. පොදු ප‍්‍රවාහන සේවාව දියුණු කිරීමයි. අවශ්‍ය නවීන තාක්ෂණයෙන් යුක්ත, හැමෝටම යන්න පුළුවන්, කොළඹට වැඩි ප‍්‍රමාණයක් ගෙනෙන්න පුළුවන් මිල මුදලක් අඩුකරන පරිසරයක් රකින පොදු ප‍්‍රවාහන සේවාවකුයි අවශ්‍ය වන්නේ.“ “තදබදය ඇතිවෙලා තියෙන්නේ, පෞද්ගලික වාහනවලින් එන නිසා. පෞද්ගලික වාහන අයිතිකාරයන්වත් පාවිච්චිකරන්නවත් එපා කියලා කියන්න අපිට බැහැ. නමුත් අපිට විකල්පයක් දෙන්න පුළුවන් ඔවුන්ට වාහනයක් තිබුණ වුණත් ඒක ගෙදර තියලා පොදු ප‍්‍රවාහනයෙන් එන්න. ඒ සඳහා ඉතා හොඳ පොදු ප‍්‍රවාහන සේවයක් තිබිය යුතුයි. ආකර්ෂණශීලී පොදුප‍්‍රවාහනයක් තිබිය යුතුයි. මේ වෙනකොට ඉන්දියාවේ නගර 6කට වඩා බස්වලට ප‍්‍රමුඛතාව දීලා ඉතා හොඳ තත්ත්වයේ බස් සේවාවකට ගැළපෙන මාර්ග නිර්මාණය…

මරණ සහතික නැති, නීතිය හමුදාව අතැති, අධිකරණයට අපහාස කළ හැකි අමුතු රටක්

මරණ සහතික නොලැබුණු මරණ, දකුණේ අලූත් දෙයක් නොවුනි. හේතු නැති මරණ ද අලූත් නැත. වෙනසකට ඇත්තේ එවැනි වූ තත්ත්වය දකුණේ දිගටම නොපැවතීම ය. එය වසරක් හමාරක් ඇතුළත සාමාන්‍ය, පිළිගත් සමාජ පැවැත්මකට මාරු විය. ඒ ව්‍යසනයෙහි එක් පංගුකාරයෙකු වූ ජනතා විමුක්ති පෙරමුණ ද ශිෂ්ඨ දේශපාලනයට පිවිස, පළාත් සභා මැතිවරණ වලට පවා ඉදිරිපත් වූහ. මේ එවැනි කිසිදු සාමාන්‍යකරණයකට ඉඩ නොතැබෙන රටකි. වසර දෙකකුත් හමාරක් ගත වී, එහි තවමත් මරණ සහතික ගැන කතා නැත. අධිකරණ කි‍්‍රයාවලියට පිටින් කටයුතු කිරීමේ බලයක් හමුදාවට ඇත. එනිසා අධිකරණයට නීතිපති ලබා දෙන පොරොන්දු, හමුදාවට අදාල නැත. පවතින නීතියට පිටින්, සුද්දන් ‘‘මුඩු බිම් පණත’’ කි‍්‍රයාත්මක කළ අයුරු, ඉඩම් කොමසාරිස්…

විපක්ෂය හොර ගල් අහුලද්දී සිංහලෙන් උතුර ගිලින ආණ්ඩුව

උතුරු-නැගෙනහිර තත්ත්වය ගැන පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලීමට විපක්ෂයේ ඉන්නා දකුණේ සිංහල පක්ෂ දෙකටම තවමත් අවශ්‍ය නැත. ද්‍රවිඩ සන්ධානයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර සුමන්තිරන් මහතා උතුරු-නැගෙනහිර ප‍්‍රදේශවල යුද්ධයෙන් පසුව පවත්වා ගෙන යන මේ රාජපක්ෂ පාලනය පිලිබඳව දෙවන වරටත් ඉතා විස්තරාත්මක වාර්තාවක් පාර්ලිමේන්තුවෙහි සභාගත කළ පසු, ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව උත්තර බඳින්නට සූදානම් නැති නම්, විවාදයක් ඉල්ලීමේ වගකීම ඇත්තේ විපක්ෂයේ අනෙක් පක්ෂ නායකයින්ට ය. විශේෂයෙන් විපක්ෂ නායකයාට ය. පසු ගිය සතියේ මෙහි දෙවන කොටස පළ කිරීමට කලින් විපක්ෂයේ මන්තී‍්‍රවරුන් දෙදෙනකුට ඒ බැව් මතක් කිරීමක් ද කළෙමි. එනමුත් එවැනි විවාදයක් ඉල්ලීමේ වුවමනාවක් මේ සිංහල යු.ඇන්.පියට නැත. ඔවුන් බොහෝ විට මේ වාර්තාව ගැන කතා කිරීම මග හරින්නේ, විපක්ෂය…

උතුරේ ධීවර කර්මාන්තයත් සිංහල ධීවරයින්ට දෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදයක්

උතුරු නැගෙනහිර ජනතාවගේ දෛනික ජීවිතයට අවශ්‍ය මූලික කාරණා කිසිවක්ම ඔවුන් ගේ ඕනෑ එපාකම් මත තීන්දු නොවෙන බව, ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර එම්. ඒ. සුමන්තිරන් විසින් පාර්ලිමේන්තුවෙහි සභාගත කළ උතුරු නැගෙනහිර පවත්නා තත්ත්වය පැහිදිලි කරන, ඔහුගේ දෙවන වාර්තාවෙන් පෙන්වා දෙයි. එහි සඳහන් අයුරු, ධීවර කර්මාන්තයට ආණ්ඩුවේ කියුම් කෙරුම් නොතකා, හමුදාව විසින් තවමත් සීමා තහංචි පනවන අතර, ඇතැම් ප‍්‍රදේශයන් හි දෙමළ ධීවර ජනතාව ඉවත් කර, එම ප‍්‍රදේශයන් හි ධීවර කටයුතු සඳහා දකුණේ සිංහල ධීවරයින් පදිංචි කර ඇත. කුච්චවේලිහි ආරම්භ කර ඇති රයිගම් ලූනු කර්මාන්තය සම්බන්ධයෙන් 2009 අග දී ද්‍රවිඩ ජාතික සන්ධානයේ ආර්. සම්පන්දන් මන්තී‍්‍ර විසින් ඊට එරෙහිව ජනාධිපතිට හා ආර්ථික සංවර්ධන…

ශාස්තී‍්‍රය සංගීතයයි ජන සංගීතයයි පටලවා ගත යුතු ද? අනිල් මිහිරිපැන්න

ශාස්තී‍්‍රය සංගීතයයි ජන සංගීතයයි පටලවා ගත යුතු ද? ශාස්ත්‍රපති අනිල් මිහිරිපැන්න මෙම මාතෘකාව පිළිබඳව සාකච්ඡා කිරීමේදී බොහෝ කල්පනාකාරීව විචක්ෂණව අදහස් ප්‍රකාශ කළ යුතු බව මගේ හැඟීමයි. විශේෂයෙන් විශ්වවිද්‍යාලයීය සංගීත පාඨමාලාවන් පිළිබඳව ඇගැයීමක් ද පාඨශාලයීය සංගීතය පිළිබඳව ඇගැයීමක් ද කළ යුතුව ඇත. මේ අතර නිතර අපට ඇසෙන හර සුන් ගීත පිළිබඳව ද කතා කළ යුතුව ඇත. බොහෝ දෙනාගේ මතය ශාස්ත්‍රීය සංගීතය භාරතයෙන් සංක්‍රමණය වූ විෂයක් නිසා එය බැහැර කළ යුතු බවය. එම නිසාම මෙයට ඉන්දියානු ශාස්ත්‍රීය සංගීතය යනුවෙන් භාවිත කරනු විටෙක දක්නට ලැබේ. එසේනම් උත්තරීතර බුදුදහම ද ඉන්දියාවෙන් ලංකාවට පැමිණි බව ඔවුන් අමතක කර ඇති බවක් පෙනේ. බුද්ධ ධර්මයට අප කිසි…