‘56 පෙරළියට වසර 56යි ඒත් අපි තාම බිම! – ආචාර්ය මයිකල් ප‍්‍රනාන්දු සාකච්ඡාව: විමලනාත් වීරරත්න ‘ 56 පෙරළිය නමින් අපි හඳුන්වන තත්ත්වය ඇත්තටම දේශපාලන පෙරළියක්ද? එක අතකින් මේක දේශපාලන පෙරළියක් ලෙස හැඳින්විය හැකියි. මොකද බි‍්‍රතාන්‍ය පාලකයන් ගියේ ඔවුන්ගේ නියෝජිතයන්ට මේ රටේ පාලනය භාරදීලයි. විශේෂයෙන්ම ඔවුන් සමාජවාදී රටවල් සමඟ සබඳතා නොපැවැත්වීමට වගබලා ගත්තා. ‘56 පෙරළිය කියන එකෙන් ඒ තත්ත්වය වෙනස් කැරුණක්. අන්තර්ජාතික වශයෙන් ලංකාවේ තත්ත්වය ඉන්පසු වෙනස් වුණා. එමෙන් අභ්‍යන්තරික වශයෙන්ද ධනවාදී ආර්ථිකය වෙනුවට මධ්‍යම ප‍්‍රතිපදාවක්යැ’යි ‘56 නිර්මාතෘවරුන් හඳුන්වපු එක්තරා සංවෘත ආර්ථික වැඩපිළිවෙලක් රට තුළ ක‍්‍රියාවට නැගුණා. බස් ජනසතුව, පාසල් රජයට ගැනීම හා ඊටත් පසුව කුඹුරු ඉඩම් පනත් වැනි දේවල් හරහා…
'kathika' social, cultural and political review
By kathika
විනිසුරුවරයා නොපැකිලව සාධාරණත්වය වෙනුවෙන් ක්‍රියා කළ යුතුයි
විනිසුරුවරයා නොපැකිලව සාධාරණත්වය වෙනුවෙන් ක්‍රියා කළ යුතුයි හිටපු මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්. ටී. එම්. පී. බී. වරාවැව මෙයට ඇති හොඳ නිදසුනක් නම් ජයවර්ධන ජනාධිපතිවරයාගේ පාලන සමයේදී නෙවිල් සමරකෝන් මහතා අගවිනිසුරු ලෙස පත් කිරීම දැක්‌විය හැකියි. සමරකෝන් මහතාව පත් කළ විධායකයේ ඕනෑ එපාකම් ඉටු කිරීමට ඔහු ගියේ නෑ. සමරකෝන් අගවිනිසුරුවරුන්ගේ අභිමානය රැකගත් විනිසුරුවරයෙක් ලෙස අදටත් ඒ පිළිබඳව දන්නා ජනතාව ගෞරවයෙන් සිහිපත් කරනවා. ඉතිහාසයේ බොහෝ රටවල පැවතියේ රාජාණ්‌ඩු පාලන ක්‍රමයන්, සෑම බලයක්‌ම රජු වෙත පැවරී තිබුණා. සියල්ලේම අවසානය තීරණය කරනු ලැබුයේ රජතුමා විසිනුයි. ලෝකය පුරා ඇතිවූ විවිධ විප්ලවයන් ලිබරල්වාදී ප්‍රජාතන්ත්‍ර පාලන ක්‍රමයන් ව්‍යාප්ත වීමට බලපානු ලැබුවා. එහිදී රජු වෙත හිමිව තිබූ අධිකරණ බලතල…
මේ ’56 පරපුරේ දරුවන් ධනය සහ සමාජ තත්වය උපයා ගන්නා කාලය යි
ව්‍යවස්ථාදායක ඒකාධිපතිත්වය, සහ දේශපාලන ප්‍රතිසංස්කරණ: මේ ’56 පරපුරේ දරුවන් ධනය සහ සමාජ තත්වය උපයා ගන්නා කාලය යි ‘රාවය‘ විසිපස්වැනි සංවත්සර උළෙල නම් කොට තිබුණේ ‘විසිපස් වසරක පටිසෝතගාමී අභිචාරිකාව‘ යනුවෙනි. එම උළෙලෙන් පසු ‘රාවය‘ කර්තෘ වික්ටර් අයිවන් ලියූ ලිපියක සිරස්තලය ‘පටිසෝතගාමී සහ විප්ලවකාරී ළදරු වලිප්පුව‘ විය. වික්ටර් මෙලෙස සඳහන් කරන්නේ සංවත්සර උළෙල සම්බන්ධව පැණනැඟී ඇති ආන්දෝලනයට පිළිතුරු දෙමිනි. මෙම ආන්දෝලනයට අදාළ ප්‍රධාන කරුණු දෙකකි. ඉන් පළමුවැන්න, උළෙල ට ‘රාවය‘ විසින් ආරාධනා කරනු ලැබූ අය ශාරීරික පරීක්ෂාවට ලක්වීම ට සම්බන්ධය. දෙවැන්න, උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ ආරාධනා ලැබ තිබීම හා සම්බන්ධ ය. මෙහි පළමුවැන්න පැන නගින්නේ දෙවැන්නෙනි. උළෙලේ ප්‍රධාන ආරාධිතයා…
වෙබ් අඩවි තහනම: ප්‍රතිරූපය සහ මාධ්‍ය භීතිකාව
කුමුදු ගේ තීරුව වෙබ් අඩවි තහනම:ප්‍රතිරූපය සහ මාධ්‍ය භීතිකාව රජය පුවත් වෙබ් අඩවි ගණනාවකට තහනමක් පණවා තිබේ. චෝදනාව මෙම වෙබ් අඩවි පුද්ගලයන් ට අපහාස වන අන්දමේ පුවත් පළ කරන බවයි. මෙම කරුණ මුල් කොට ගෙන ජන මාධ්‍යවල විවාදයක් ගොඩ නැඟී තිබේ. මෙම වෙබ් අඩවි පවත්වාගෙන යන්නන්ගේ සදාචාරය පිළිබඳ ඇතැම්හු ප්‍රශ්න කරති. අන් අය කියන්නේ වෙබ් අඩවිවලට මාධ්‍ය සදාචාරයක් තිබිය යුතු යැයි තමන් පිළිගන්නා නමුත් වෙබ් අඩවි තහනමට රජය ගත් තීරණය පළමුව තහනම පනවා දෙවනුව ඊට නීත්‍යානුකූල භාවයක් ආරෝපණය කරන්නට ගන්නා වෑයමක් වන බවත් ය. මාධ්‍යයට පූර්ණ නිදහස තිබිය යුතුයැයි දැන් කියන ලිබරල්වාදීහු ද වෙති. විපක්ෂයේ සිටියදී කරන වෙනත් බොහෝ දේශපාලන…
සංවර්ධනයද? විනාශයද?
“සාහිත්‍යය, විප්ලවවාදී භාවිතයට සහ ජන අරගලයට විකල්පයක් නොවේ ”
“සාහිත්‍යය, විප්ලවවාදී භාවිතයට සහ ජන අරගලයට විකල්පයක් නොවේ ” සුචරිත ගම්ලත් “ඉංග්‍රීසි නොදැන සැබෑ සාහිත්‍යකරුවෙක් වෙන්න බැහැ” මැයෙන් පළවූ ලිපියෙන් උපුටා ගත් කොටස් ………………….. යථාර්ථය ජය ගැනීම කියන්නෙ මොකක්‌ද? ඒක සිදුවෙන්න පුළුවන් ප්‍රධාන ක්‍රම දෙකකටයි. පළමු වැන්න තමයි විප්ලවාදී භාවිතය. දෙවැන්න තමයි මිනිසුන්ගේ අරගල. සාහිත්‍යයෙන් මේ දෙකම කරන්න බැහැ. එය වෙනම කාර්යයක්. ………………… වර්තමානයේ කථා කරන්න තරම් සාහිත්‍යයක් නැහැ. විශේෂයෙන්ම නව කතාව ගත්තොත් එය කුණු ගඳ ගහන, ඕලාරික, සුභාවිත නොවන, අමිහිරි, පල් හෑලි ගොඩක්. මේකට හොඳම උදාහරණ පසුගිය වසර කිහිපයෙහි සම්මාන දිනාගත් කෘති බලු බල්ලෙකුට කියවන්න බැහැ. මේ වගේ කෘතිවලට සම්මාන දීමෙන් ඇතිවන පූර්වාදර්ශය ඉතාම භයානක තත්ත්වයක්. ………………… වර්තමාන නව…
