By kathika

මළගිය ඇත්තෝ – ධර්මසිරි ඒකනායක

මළගිය ඇත්තෝ – දෙවැනි කොටස භූමි කම්පාවටත්, සුනාමියටත්, න්‍යෂ්ටික තාප බලාගාරයේ පිපිරුමටත් මැදිව අනන්ත අපමණ දුක් පීඩා විඳින ජපාන ජනයාගේ ඛේදනීය අත්දැකීම අපට සිහිපත් කරන්නේ කුමක් ද? විද්‍යාත්මක දියුණුව පිළිබඳ අපගේ ඉමහත් කියාපෑම් තිබියදීත් අපගේ ජීවිත පිළිබඳ ඉරණම පාලනය අප අත නැත. විද්‍යාත්මක සොයාගැනීම් කළහැකි වූ පමණින් ඒවා ලෝකයට මුදාහැරිය නොයුතු බව ඊනියා සත්‍යයේ නාමයෙන් ඕනෑම නවෝත්පාදනයක් කිරීමට පසුබට නොවන විද්‍යාඥයන්ට ෆුකුෂිමා න්යකෂ්ටික තාප බලාගාරයේ පිපිරුම් සිහිපත් කොට දෙයි. ඊනියා සංවර්ධනය නාමයෙන් අප කොතෙක් සුඛ විහරණ හඹා ගියද තීරණාත්මක මොහොතෙහිදී අපට ඉතිරිවන්නේ අප ගොඩනගාගන්නා මනුෂ්‍යත්වය පමණි. ඉතින් අප යලි යලිත් මුහුණ දෙන මෙම අත්දැකීම් වලින් පාඩම් ඉගෙන ගන්නට අපි කවදා…

මළගිය ඇත්තෝ ධර්මසිරි ඒකනායක

භූමි කම්පාවටත්, සුනාමියටත්, න්‍යෂ්ටික තාප බලාගාරයේ පිපිරුමටත් මැදිව අනන්ත අපමණ දුක් පීඩා විඳින ජපාන ජනයාගේ ඛේදනීය අත්දැකීම අපට සිහිපත් කරන්නේ කුමක් ද? විද්‍යාත්මක දියුණුව පිළිබඳ අපගේ ඉමහත් කියාපෑම් තිබියදීත් අපගේ ජීවිත පිළිබඳ ඉරණම පාලනය අප අත නැත. විද්‍යාත්මක සොයාගැනීම් කළහැකි වූ පමණින් ඒවා ලෝකයට මුදාහැරිය නොයුතු බව ඊනියා සත්‍යයේ නාමයෙන් ඕනෑම නවෝත්පාදනයක් කිරීමට පසුබට නොවන විද්‍යාඥයන්ට ෆුකුෂිමා න්යකෂ්ටික තාප බලාගාරයේ පිපිරුම් සිහිපත් කොට දෙයි. ඊනියා සංවර්ධනය නාමයෙන් අප කොතෙක් සුඛ විහරණ හඹා ගියද තීරණාත්මක මොහොතෙහිදී අපට ඉතිරිවන්නේ අප ගොඩනගාගන්නා මනුෂ්‍යත්වය පමණි. ඉතින් අප යලි යලිත් මුහුණ දෙන මෙම අත්දැකීම් වලින් පාඩම් ඉගෙන ගන්නට අපි කවදා සමත් වෙමුද? තම එදිනෙදා ජීවිතයෙහි…

“දීර්ඝකාලීනව රට ණය උගුලේ හිරකරන සංවර්ධන මොඩලයන් සැබෑ ජාතික සංවර්ධන ක්‍රියාවලිය යටපත් කරනවා” – ගුණදාස අමරසේකර

“දීර්ඝකාලීනව රට ණය උගුලේ හිරකරන සංවර්ධන මොඩලයන් සැබෑ ජාතික සංවර්ධන ක්‍රියාවලිය යටපත් කරනවා” – ගුණදාස අමරසේකර “ත්‍රස්තවාදය අවසන් වී වසර එකහමාරක් ගෙවී අවසන්. රජය පැහැදිලි දර්ශනයක් නැතිව අයාලේ යන බව පෙනෙනවා. දීර්ඝකාලීනව රට ණය උගුලේ හිරකරන නාගරික ඉදිකිරීම් මුල්කර ගත් සංවර්ධන මොඩලයන් දිරිගැන්වීම මඟින් සැබෑ ජාතික සංවර්ධන ක්‍රියාවලිය යටපත් වී රට ණය උගුලේ හිරවෙනවා. ඛනිජ‍සෙම්පත් ජෛව සම්පත් සහ ජන සම්පත ඇතුළු සියලු ස්වාභාවික සම්පත් කොල්ලකෑමට තැත් කරන බටහිර සමාගම්වලට ඇති ඉඩකඩ අහුරා දැමිය යුතුයි. දේශීය කාෂිකර්මාන්තය බිඳ හෙළීම සහ රටේ ආහාර සුරක්ෂිතතාව අනතුරේ හෙලන රජයේ ප්‍රතිපත්ති හකුලා ගැනීමට රජය වහා පියවර ගතයුතුයි. ටයිටේනියම් ඇතුළුව රටවටා ඇති ඛනිජ සම්පත් රැක ගැනීමට…

දුරකථන සම්ප්‍රේෂණ කුලුනු

දුරකථන සම්ප්‍රේෂණ කුලුනකට විරෝධය පළවේ පෝද්දල අදුරන්විල ගම්මානයේ ඉදිකිරීමට සූදානම් වන දුරකථන සම්ප්‍රේෂණ කුලුනකට එරෙහිව ප්‍රදේශයේ මහා සංඝරත්නය හා ගම්වාසීන් එක්‌ව සංවිධානය කළ විරෝධතාවයක්‌ පෙරේදා (26) අදුරන්විල ගම්මානයේදී පැවැත්විණි. කීඹිඇල ශ්‍රී විජයවර්ධනාරාමාධිපති හොරංගල්ලේ හේමසාර, දකුණු පළාත් සභා මන්ත්‍රී බද්දේගම සමිත යන නාහිමිවරුන් පෙරටුකරගත් මහා සංඝරත්නය හා අදුරන්විල ගම්වාසී ජනතාව ඇදුරන්විල සිට දුරකථන කුලුන ඉදිකරන ස්‌ථානයට පා ගමනින් ගොස්‌ සාමකාමීව සිය විරෝධය ප්‍රකාශ කළහ. ලලිත් චාමින්ද සහ එස්‌. කේ. කළුආරච්චි – ගාල්ල දිවයින

ඊජිප්තු විප්ලවය

“ඔබාමටත් ඕනෑවෙලා තියෙන්නෙ මුබාරක්‌ යවා ගන්න“ “රූපවාහිනි තිරයේ දිස්‌ වූයේ බැරක්‌ ඔබාමාගේ දසුනකි. බලන්නකො ඊජිප්තුවෙ වෙලා තියෙන ලෙඩේ. දැන් ඔබාමටත් ඕනෑවෙලා තියෙන්නෙ මුබාරක්‌ යවා ගන්න. ජනාධිපතිවරයා ජාත්‍යන්තර දේශපාලනයේ විවාදාත්මක මාතෘකාවක්‌ මා දෙසට යොමු කළේය. හැබැයි ඇමෙරිකාවයි බටහිරයි තමයි අද තුන්වැනි ලෝකයටම ලෙඩ දාන්නෙ. අපිටත් මොනවද නොකළේ. යට වෙන්න හොඳ නෑ.“ ගාමිණි සුමනසේකර, “ඔය ඇවිල්ල තියෙන්නෙ මගෙ සැප සනීප බලාගෙන යන්න! ක්‍රීඩාගාරයක දේශපාලන සංවාදයක්‌“ යන මැයෙන් 2011 පෙබරවාරි 13 දිවයින ඉරිදා සංග්‍රහය ට සැපයූ ලිපියෙන් උපුටා ගන්නා ලදී.