ඩේලි මිරර් කාටුනය 2010 ජනවාරි 06 වැනිදා
'kathika' social, cultural and political review
By kathika
Poetry
To a Sinhalese Girl R Cheran You have heard we come from far away, beyond the horizon where bullets are sown in fields not grain, where plush houses abound and terrorists breed; your surprise at meeting me an ordinary man, will soon fade from you and your friends. On the banks of Palaavi now the colour of muddied sand; yet another as the clouds spread the blanket of shade on the muddied water; the canopy of the moon finely embroidered to make the water glitter; seated on the ghat, I listen to the melody of your Sinhala songs and my…
අපි කන වස ආරිය සුබසිංහ
අපි කන වස ආරිය සුබසිංහ සරසවියෙන් පිට වෙන්නටත් පෙරම වාගේ රැකියාවක් ලබන්නට මම වාසනාවන්ත වූයෙමි. රැකියාව වූයේ ගුරුතලාව, ශා. තෝමස් විදුහලේ ගුරු පත්වීමකි. එය වැලිමඩ – හපුතලේ ප්‍රධාන මාර්ගය අසල අතිශය සුන්දර පරිසරයක පිහිටි රටේ නම් දැරූ පුද්ගලික විදුහලකි. එහි කඳුබෑවුමක තනා තිබූ සුන්දර, විද්‍යාගාරයේ ඉදිරි වැටට වාරු වී පහත පෙනෙන මනස්කාන්ත දර්ශනය දෙස බලා සිටීම මගේ ප්‍රියතම විනෝදාංශයක් වීය. පොළොන්නරුවේ තැනිතලා බිමේ ගිණි කාෂ්ඨක අව්වේ පිච්චී පුරුදු මට එය පුදුම වෙනසක් විය. පහත මිටියාවතේ අර්තාපල් කොටුවල කවුද කවුදෝ වැඩ කරනු පෙනේ. මිටියාවත පිස හමා එන සිසිල් මඳනල ගත පමණක් නොව සිතද නිවා දමයි. එය පේරාදෙණි සරසවියේ මාර්ස්, ජයතිලක, හිල්ඩා…
අධ්‍යාපනයේ අරමුණ විය යුත්තේ පරිපූර්ණ පුද්ගලයකු බිහි කිරීමයි
අධ්‍යාපනයේ අරමුණ විය යුත්තේ පරිපූර්ණ පුද්ගලයකු බිහි කිරීමයි ස්‌නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නිලුපුල් පෙරේරා තමුන්ගෙ බඩ වියත ගැන විතරක් හිතන වෛද්‍යවරු කොච්චර අපේ රටේ ඉන්නවද? තමුන් ගැන විතරක් හිතන අය ඉන්නෙ දොස්‌තරවරු අතරෙ විතරක් නෙමෙයි. හැම ක්‌ෂේත්‍රයකම ඉන්නවා. ඒ කියන්නෙ මේ පිරිසගෙ බුද්ධි වර්ධනය සිදුවෙලා තියෙන්නෙ පුද්ගලික තලයේ විතරයි. ජීවත්වීමේදී ප්‍රජාවක් හැටියට හෝ සමාජීය වශයෙන් හෝ මේ අයට සිතන්නට පුළුවන්කමක් නෑ. තමන් ළඟාකර ගත් බුද්ධි වර්ධනය අනිත් අය වෙනුවෙනුත් කැප කරන්නට වර්තමාන අධ්‍යාපන ක්‍රමය තුළින් හුරුකරන්නෙ නැහැ. එයට හේතුව වර්තමාන අධ්‍යාපන ක්‍රමය තුළින් පෝෂණය කරන්නේ …….බුද්ධි වර්ධනයේ පුද්ගලික තලය පමණයි. පුද්ගලයකු පරිපූර්ණත්වය කරා ගමන් කරවන ක්‍රියාදාමයක් වර්තමාන අධ්‍යාපන ක්‍රමය…
‘සහෝදරත්වයේ දෑත’
‘සහෝදරත්වයේ දෑත’ – : ලඞකා අක්‍ෂය පුස්තකාල ව්‍යාපෘතිය – යාපනය යාපනය දිස්ති‍්‍රක්කයේ චාවකච්චේරිහි St Liguori’s පල්ලිය ආශි‍්‍රත ප‍්‍රධාන කොටම ධීවර කර්මාන්තය ජීවිකාව කරගත් ප‍්‍රජාවගේ දරුවන් සඳහා පුස්තකාලයක් නිර්මාණය කිරීමට ලඞකා අක්‍ෂය අදහස් කරයි. ඒ සඳහා පහත පොත්පත අවශ්‍යව ඇත. * 5 වසර සිට අපොස සා/පෙ දක්වා වන අතිරේක කියවීම් සහ ප‍්‍රශ්ණ පත‍්‍ර පොත් (දෙමළ මාධ්‍ය) * දෙමළ භාෂාවෙන් පළවූ ළමා හා යොවුන් නවකථා, කෙටිකථා, කවි පොත් * සරළ ඉංගී‍්‍රසි පොත පත චාවකච්චේරිහි St Liguori’s පල්ලිය පරිශ‍්‍රයේ පුස්තකාලය ස්ථාපිත කෙරෙනු ඇති අතර එහි පරිපාලන කටයුතු එම්. එල්. ත්‍යාහරන් දේවගැති තුමන් විසින් සිදු කරනු ඇත. මෙම කාර්යයේදී පොතපත (අලුත් හා භාවිතා කරන…
කාව්‍ය හේතු – සුචරිත ගම්ලත්
කාව්‍ය හේතු – සුචරිත ගම්ලත් කාව්‍යය නිර්මාණය කරන්නට සැමදෙනාට ම බැරි ය. කාව්‍යය, සාහිත්‍යය නිර්මාණය කරන්නට සැමදෙනාට ම බැරි ය. එයට හැකියාව තිබෙන්නේ ඇතැම් විශේෂ පුද්ගලයන්ට ය. කිවි පද බැඳුම් ගුණ දොස් කිවිඳුන් ම මිස නැණ මඳ කුකවි දැන ගත හැකි කවර ලෙස කියා අලගියවන්නයන් කියු කීම සැබැවින් ම සත්‍යයකි. පුරාණ ඉන්දියාවේ මෙවැනි සුභාෂිතයක් (ප්‍රඥාවන්ත කියමනක්) විය. ශාතේෂු ජායතේ ශූර : සහස්‍රේෂු චපණ්ඩිත : චක්තා ශතසහස්‍රේෂු : කවිස්තත්‍ර සුදුර්ලභ : (ශූරයෙකු උපදින්නේ සිය ගණනකට එකෙකි. පණ්ඩිතයෙකු උපදින්නේ දහස් ගණනකට එකෙකි. කථිකයෙකු උපදින්නේ ලක්ෂ ගණනකට එකෙකි. කවියෙකුගේ ඉපදීම නම් ඊටත් වඩා දුර්ලභ ය). කිසියම් පුද්ගලයෙකු හදිසියේ උපන් ප්‍රබල හැඟීමක් ප්‍රකාශ කිරීම්…