By kathika

“ඉතින් අපේ සාහිත්‍යයට කපුටො කොටයි”

“ඉතින් අපේ සාහිත්‍යයට කපුටො කොටයි” සුචරිත ගම්ලත් මෙලෙස සිංහල සාහිත්‍යය ඇගයීමට ප්‍රමිතීන් තිබිය යුතු යැයි අවධාරණය කරන විට ඔහු ඉන් සාහිත්‍යය, කලාව ගැන ප්‍රකාශ කරන්නේ කුමන අදහසක් ද? ඉන් ඔහු ජනතා විරෝධියෙක් බවට පත් වේද?

ජාතිකවාදය හුදෙක් සමාජ කාංසාවන්ගේ ප‍්‍රකාශමානවීමක් ද?

ජාතිකවාදය හුදෙක් සමාජ කාංසාවන්ගේ ප‍්‍රකාශමානවීමක් ද? “ඔබ සොයන ස්වාමියා ඔබට හමුවීම. (2) දේශපාලනය අන් තැනක” යන මැයෙන් ප‍්‍රභා මනුරත්න සහ බුද්ධික බන්ඩාර “කටු සටහන්’ හි පළ කළ ලිපිය (මුල් ලිපිය මෙහි බලන්න) ලාංකේය සමාජයේ සිංහල ජාතිකවාදය සහ බෞද්ධ ආගමික හැඟීම් වැඩී ඒම පිළිබඳ සාකච්ඡාවට ලක් විය යුතු ‍‍වැදගත් ‍කරුණු රැසක් ඉදිරිපත් කරයි. එයින් ප්‍රමුඛ ලෙස මා දකින කරුණු දෙකකි. ඉන් පළමුවැන්න, ජාතිකවාදය සමාජ කාංසාවන්ගේ ප‍්‍රකාශමානවීමක් බව ය. දෙවැන්න, “සිංහල ජාතිකවාදී මතවාදය දෙසට සිංහල සමාජය ගමන් කිරීම” සහ “ලාංකීය දේශපාලන සිතියම තුල ප‍්‍රධාන හා විකල්ප දේශපාලන ධාරාවල බෙදුම් රේඛාව මකා දැමීම ද” “ අප ජීවත් වන සමාජයේ ආර්ථික දේශපාලනික හා සමාජ…

“විනෝදාස්වාද කර්මාන්තය, පෘථුජන සංස්කෘතිය සහ සංස්කෘතිය”

“විනෝදාස්වාද කර්මාන්තය, පෘථුජන සංස්කෘතිය සහ සංස්කෘතිය” සංස්කෘතියේ අර්බුදය:එහි සමාජීය හා එහි දේශපාලන වැදගත්කම – 3 වැනි කොටස -හනා ආරන්ඩ්ට් “මෙම සමාජය අවශ්‍යයෙන් ම, තවදුරටත් විවේක කාලය ස්වයං පරිපූර්ණත්වය හෝ තව තවත් සමාජ තත්ත්වය අත් කරගැන්ම සඳහා නොව, වඩ වඩාත් පරිභෝජනය හා වඩ වඩාත් විනෝදාස්වාදය සඳහා භාවිත කැරුණු පාරිභෝගිකයන්ගේ සමාජයක් වීම නිසා ය. ඇත්ත වශයෙන් ම, ප‍්‍රතිඵලය වන්නේ, බැරෑරුම් ලෙස කියතොත්, නොපවතින්නක් වන, බහුජන සංස්කෘතිය නොව, ලෝකයේ සංස්කෘතික වස්තූන්ගෙන් පෝෂණය වන බහුජන විනෝදාස්වාදය ය. එවන් සමාජයක් කල් ගත වීමත් සමග වඩා ”හැදියාවකින් යුතු” බවට පත් වන්නේ යැ යි ද, අධ්‍යාපනය එහි කාර්යය ඉටු කර ඇතැයි ද විශ්වාස කිරීම මාරාන්තික වරදකැ යි…

පශ්චාත් නූතනවාදය ‍ ‍‍‍‍‍මොකාටද එන්නේ? අවසන් ‍කොටස අර්ජුන පරාක්‍රම

“පශ්චාත් නූතනවාදයමත් මහා ආඛ්‍යානයක්” පශ්චාත් නූතනවාදය ‍ ‍‍‍‍‍මොකාටද එන්නේ? අවසන් ‍කොටස අර්ජුන පරාක්‍රම ” මූලික මහා ආඛ්‍යාන ( meta narratives) නැහැයි කියලා පශ්චාත් නූතනවාදීන් කියනවා ඇත්ත වශයෙන්ම ඔවුන්ගේ මෙම විග්‍රහයන් තුළින් තවත් දැවැන්ත ආඛ්‍යානයක් ගොඩනැගෙනවා. මා මුලින් පෙන්නුම් කළා පශ්චාත් නූතනවාදී කියන එකේ විවිධ දේවල්, විෂම දේවල්, එක්තරා යුගයකට එක්තරා ප්‍රදේශයකට විශේෂිත වූ දෙවල් තියෙනවා. නමුත් මෙයින් හැමෝම පිට පටවන්නේ මහා විශාල ආඛ්‍යානයක්.” අප පහත පළකරන්නේ ජනවාර්ගික අධ්‍යයනය සදහා වන ජාත්‍යන්තර කේන්ද්‍රයේ 1995 පැවති සමාජ න්‍යාය පිළිබද සම්මන්ත්‍රණ මාලාවේ අගෝස්තු 26 වන දින, “පශ්චාත් නූතනවාදය මොකාටද එන්නේ?” යන තේමාව යටතේ ආචාර්ය අර්ජුන පරාක්‍රම විසින් පැවැත් වූ දේශනයෙන් සකස් කළ ලිපියකින්…

” සාහිත්‍යය අද හිස්‌ මිනිසුන් පිරිසක්‌ අතට පත්වෙලා” -මහාචාර්ය සුචරිත ගම්ලත්

” සාහිත්‍යය අද හිස්‌ මිනිසුන් පිරිසක්‌ අතට පත්වෙලා” -මහාචාර්ය සුචරිත ගම්ලත් “සාහිත්‍ය කියන්නේ සමාජයක තිබෙන බුද්ධිමය සංවාදයක්‌. එහෙත් අද මේ කලාව විධිමත් අධ්‍යාපනයක්‌ නැති, සාම්ප්‍රදායික භාෂා ශාස්‌ත්‍රය පිළිබඳ දැනුමක්‌ නැති, බටහිර භාෂා ශාස්‌ත්‍රය ප්‍රගුණ නොකළ හිස්‌ මිනිසුන් පිරිසක්‌ අතට පත්වෙලා. පසුගිය වකවානුව තුළ අපේ සිංහල සාහිත්‍ය විශාල පරිහානියකට ලක්‌වී තිබෙනවා. මේ සියල්ලටම හේතු භූත වූයේ ධනපති පන්තියේ අත්තනෝමතික ක්‍රියාකාරකම්. ඔවුන් හිතාමතාම කළ දරුණු අපරාධය තමයි මේ රටේ අධ්‍යාපනය විනාශ කිරීම. ඉංගී්‍රසි අධ්‍යාපනය විනාශ කිරීම ද බරපතල වරදක්‌.”

” නූතන කලාව ”සංස්කෘතියට” විරුද්ධ ව

” නූතන කලාව ”සංස්කෘතියට” විරුද්ධ ව කැරලි ගැසූයේ මන්ද?” : අවරසිකභාවය පිළිබඳ කරුණ සංස්කෘතියේ අර්බුදය:එහි සමාජීය හා එහි දේශපාලන වැදගත්කම – 2 වැනි කොටස -හනා ආරන්ඩ්ට් “සංස්කෘතික දෑ විනිශ්චය සඳහා සමාජීය නොවන හා අව්‍යාජ එක ම නිර්ණායකය, ඒවායේ සාපේක්ෂ ස්ථිරත්වය හා අවසන් අමරණීයත්වය පවා වන්නේ ය. සංස්කෘතික වස්තුවකැ යි අවසන් වශයෙන් කියා ගත හැක්කේ සියවස් ගණනාවක් තිස්සේ පවතින්නකට පමණි. මේ පිළිබඳ වැදගත් කාරණය වන්නේ, අතීතයේ අමරණීය කෘති, සමාජීය හා පෞද්ගලික ශිෂ්ටත්වයේ හා ඊට පිරිනැමුණු තත්ත්වයේ අරමුණු වස්තූන් බවට පත් වූ වහා ම, ඒවායේ ඉතා වැදගත් හා මූලාංගික වූ පාඨකයා හෝ පේ‍්‍රක්ෂකයා ග‍්‍රහණයට ගෙන සියවස් ගණන් තිස්සේ සසල කිරීමේ ගුණය ඒවාට…