” සාහිත්‍යය අද හිස් මිනිසුන් පිරිසක් අතට පත්වෙලා” -මහාචාර්ය සුචරිත ගම්ලත්
“සාහිත්‍ය කියන්නේ සමාජයක තිබෙන බුද්ධිමය සංවාදයක්. එහෙත් අද මේ කලාව විධිමත් අධ්‍යාපනයක් නැති, සාම්ප්‍රදායික භාෂා ශාස්‌ත්‍රය පිළිබඳ දැනුමක් නැති, බටහිර භාෂා ශාස්‌ත්‍රය ප්‍රගුණ නොකළ හිස් මිනිසුන් පිරිසක් අතට පත්වෙලා. පසුගිය වකවානුව තුළ අපේ සිංහල සාහිත්‍ය විශාල පරිහානියකට ලක්‌වී තිබෙනවා. මේ සියල්ලටම හේතු භූත වූයේ ධනපති පන්තියේ අත්තනෝමතික ක්‍රියාකාරකම්. ඔවුන් හිතාමතාම කළ දරුණු අපරාධය තමයි මේ රටේ අධ්‍යාපනය විනාශ කිරීම. ඉංගී්‍රසි අධ්‍යාපනය විනාශ කිරීම ද බරපතල වරදක්.”
අප පහත පළකරන්නේ 2009 දෙසැම්බර් 12 දින ඉරිදා සංග්‍රහයේ පළවන ශෂී ප්‍රභාත් රණසිංහ ඇසූ ප්‍රශ්න මහාචාර්ය සුචරිත ගම්ලත් දුන් පිළිතුරු ඇතුලත් කොට සකස් කර ගත්,ලිපියකින් උපුටා ගත් කොටස් කිහිපයකි. මුල් ලිපිය සඳහා දිවයින ඉරිදා සංග්‍රහය බලන්න.
සාහිත්‍ය කියන්නේ සමාජයක තිබෙන බුද්ධිමය සංවාදයක්. එහෙත් අද මේ කලාව විධිමත් අධ්‍යාපනයක් නැති, සාම්ප්‍රදායික භාෂා ශාස්‌ත්‍රය පිළිබඳ දැනුමක් නැති, බටහිර භාෂා ශාස්‌ත්‍රය ප්‍රගුණ නොකළ හිස් මිනිසුන් පිරිසක් අතට පත්වෙලා. පසුගිය වකවානුව තුළ අපේ සිංහල සාහිත්‍ය විශාල පරිහානියකට ලක්‌වී තිබෙනවා. මේ සියල්ලටම හේතු භූත වූයේ ධනපති පන්තියේ අත්තනෝමතික ක්‍රියාකාරකම්. ඔවුන් හිතාමතාම කළ දරුණු අපරාධය තමයි මේ රටේ අධ්‍යාපනය විනාශ කිරීම. ඉංගී්‍රසි අධ්‍යාපනය විනාශ කිරීම ද බරපතල වරදක්. අද සාහිත්‍ය කලාව හා විචාරය වැටී තිබෙනුයේ අඳුරු අගාධයකට. සාහිත්‍ය නමින් අද පළ වන්නේ මනෝගත වැල්වටාරම්. කසිකබල් භාෂාවෙන් ලියන මේ පොත්වලට රාජ්‍ය සම්මාන ස්‌වර්ණ පුස්‌තක, රජත පුස්‌තක, දියමන්ති පුස්‌තක ආදී මෙකී නොකීනම්වලින් සම්මාන පිට සම්මාන දෙනවා. මේ තුළ නිර්මාණකරණයේ නියෑළෙන බොහෝ පිරිස අනාථ වූ දූපතක තනි වූ සරණාගතයන් හා සමානයි. වර්තමානයේ පළ වන බොහෝ සාහිත්‍ය කෘතිවලින් සම්භාව්‍ය සිංහල සාහිත්‍යය රීතිය හා භාෂාවේ ආධ්‍යාත්මය පිළිබිඹු වන්නේ නැහැ. පුරාතනයේ සිට පැවත එන සම්භාව්‍ය සාහිත්‍යයෙන් වියුක්‌ත වූ දූපත් සාහිත්‍යක් තමයි අද තිබෙන්නේ. අද සාහිත්‍ය විචාරයක් නැහැ. විචාරකයන් යෑයි කියා ගන්නා ප්‍රචාරකයන් පවා අවරගණයේ සාහිත්‍ය කෘති අතිශයෝක්‌ති සහගතව උත්කර්ෂයට නංවමින් නන්දොඩවනවා. ඔවුන්ගේ කිසිදු විචාරයක් කෙරෙන් න්‍යායාත්මක විධික්‍රමයක් හෝ තර්කානුකූල ප්‍රකාශයක් විද්‍යමාන වන්නේ නැහැ. න්‍යායාත්මක පිහිටීමක් නැතිව පොතපත අඳුරේ අතපත ගාමින් ඉන්නවා. මේ නිසා අද ලංකාවේ සාහිත්‍ය ක්‍ෂෙත්්‍රයම ජංජාලයකක් බවට පත්වී තිබෙනවා.
ස්‌වභාෂා අධ්‍යාපන ක්‍රමය නිසා ඉංගී්‍රසි විතරක් නෙවෙයි සිංහලත් නැති වුණා. අද ලංකාවේ අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම විනාශ වී ගිහින්. බොහෝ විශ්වවිද්‍යාලවල කලා හා මානව ශාස්‌ත්‍ර පීඨ ගැන කතා කරන්නවත් දෙයක් නැහැ. මේ රටේ විශ්වවිද්‍යාලවල ඉන්න බොහෝ මහාචාර්යවරු සිංහල භාෂාව නිවැරැදිව උගන්වන්නේ නැහැ. මෙය බොරුවක් යෑයි කවුරු හරි මට අභියෝග කරනවා නම් මම ඒ පුද්ගලයා සමඟ සංවාදයකට වුණත් සූදානම්. අද දැනුම ගලාගෙන ගෙන යැමට ප්‍රධානතම හේතුව ස්‌වභාෂා අධ්‍යාපනයයි.
මහාචාර්ය සරච්චන්ද්‍ර වැනි උගත් බුද්ධිමත් ශාස්‌ත්‍රීය පර්යේෂණ කළේ උසස්‌වීම් ලබා ගැනීමේ පරමාර්ථයෙන් නෙවෙයි. නාට්‍යකරුවකු, විචාරකයකු හා සාහිත්‍යකරුවකු මෙන්ම දීප්තිමත් ගුරුවරයකු වශයෙන් තමා ලබාගත් දැනුම බෙදා දීමට මහාචාර්ය සරච්චන්ද්‍රයන් විශාල ප්‍රයත්නයක් ගත්තා. මේ හේතුවෙන් විශ්වවිද්‍යාල පද්ධතිය තුළ මෙන්ම ඊට පරිබාහිරව වූ සමාජයේත් උසස් රසිකත්වයක් තිබෙන පරම්පරාවක් ගොඩනැඟුණා. එහෙත් අද විශ්වවිද්‍යාලවල ආචාර්ය මහාචාර්යවරු ඉන්නේ රටේ ප්‍රධාන ඡන්දයක් එනකොට පක්‍ෂයකට පක්‍ෂපාතීව අත්සන් කරන්නයි. ටියුෂන් කඩ අරින්නයි විතරයි.
මේ වනවිට ලංකාවේ සාහිත්‍ය විචාරකයක් නැහැ. අද ඉන්නේ විචාර විදූෂකයෝ. මේ විචාරවලින් ගම්‍ය වනුයේ ඔවුනට කිසිදු ශාස්‌ත්‍රීය කටයුත්තක් කිරීමට උගත්කමක් හෝ පුහුණුවක් නොමැති බවයි. රැල්ලට එන නව මතවාදවලට යටවීම භයානකයි. ඒ කාලේ මගේ විචාර සිද්ධාන්ත සියල්ල මාක්‌ස්‌වාදය මතයි ර¹ පැවතුණේ. කිසියම් කලා කෘතියක් කෙරෙන් මනුෂ්‍යයා මුහුණපාන දශාව ගවේෂණය කොට යම් ආලෝක ධාරාවක් රසිකයාට ලබාදීමට මං නිතර උත්සාහ කළා. ඒ වගේම මිනිසා වඩාත් සාර්ථක ලෙස සුසංවාදීව ජීවත්වීමට දරන ප්‍රයත්නය සාර්ථක නොවීමට හේතු භූත වනුයේ කවර කාරණා ද යන්න මගේ විචාර සිද්ධාන්තවල තිබූ මූලික දේවල් ලෙස සඳහන් කරන්න පුළුවන්.
ඒ කාලේ මාර්ටින් වික්‍රමසිංහ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, ගුණදාස අමරසේකර වැනි ලේඛකයන් පැරැණි සම්භාව්‍ය භාෂා ශාස්‌ත්‍රය හොඳින් ප්‍රගුණ කළා. මේ නිසා ඔවුනගේ බොහෝ නිර්මාණ විචාරශීලී අදහස් සහ මතවාදවලින් පිරී තිබුණා. නමුත් වත්මන් පරපුරේ බොහෝ දෙනෙක් එබඳු ගැඹුරු විචාරශීලී මතවාද ඉදිරිපත් කරන අය නෙවෙයි. හඩු භාෂාවෙන් ලියන කියන ඔවුන් බොහෝ දෙනකු තුළ එවැනි ශක්‍යතාවක් නැහැ. ව්‍යාජ දෘෂ්ටිවාද දෝතින් වැළඳ ගැනීමට අප ඉක්‌මන් විය යුතු නැහැ.
සංවාද සටහන
ශෂී ප්‍රභාත් රණසිංහ