Tagged ජාතිකවාදය

Featured

අරගලය පාවා දෙනු ලැබීද ?: ජනතාවාදී යුගයක බුද්ධිමතුන්ගේ ‘ද්‍රෝහීත්වය’ 

දේශපාලන න්‍යායවේදිනී වෙන්ඩි බ්‍රවුන් ඇගේ  ‘ශුන්‍යතාවාදී යුගය’ ( Nihilistic Times, 2023) නමැති පොතේ තර්ක කරන්නේ අප ජීවත් වන්නේ දැඩි ශුන්‍යතාවාදී යුගයක බවයි. මෙම ශුන්‍යතාවාදයේ නැගීම අපගේ වත්මන් දේශපාලන අර්බුදයේ කේන්ද්‍රස්ථානය ලෙස තබමින් ඇය අනතුරු අඟවන්නේ, එය දේශපාලන මෙන්ම ශාස්ත්‍රාලීය ජීවිතයද පිරිහීමට හා ව්‍යාකූලත්වයට පත් කරමින් ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාකාරීව විනාශ කරන බවයි. බ්‍රවුන්ගේ දැක්මට අනුව, ශුන්‍යතාවාදය දැනුම සහ දේශපාලන වගකීම යන දෙකෙහිම අගය බිඳවැටීමට හේතු වේ. මෙම අර්බුදය විශේෂයෙන්ම ශාස්ත්‍රීය ක්ෂේත්‍රය තුළ පැහැදිලිව දක්නට ලැබේ.

ජනාධිපතිවරණය, ජවිපෙ සහ වාම හෘදය සාක්ෂිය: යළි සළකා බැලීම උදෙසා — ‘කතිකා’ අධ්‍යයන කවය

“දෙමළ සහ මුස්ලිම් ජනයා, තීරණාත්මක අවස්ථාවේදී දේවල් අතර වෙනස්කම් හඳුනාගැනීමට පොහොසත් ව්‍යවහාරික බුද්ධියෙන් සම්පන්න වූවන් බව පෙනෙයි. ඔවුනට අවශ්‍ය යලිත් සිංහල බෞද්ධ ජාතිවාදය නැඟී දෙමළ ප්‍රජාවේ අන්තවාදීන් සමග එය ගැටෙනු දැකීමට නොවේ. එය දෙමළ ප්‍රජාවට මාරාන්තික වනු ඇතැයි ඔවුහු නිවැරදි අවබෝධයක සිටිති. ඔවුනට අවශ්‍ය යුද්ධය අවසන් වීමෙන්, 2015 ජනවාරි 8 ආණ්ඩු පෙරළියෙන් ලැබුණු නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදී…

අලාන් ෆින්කල්ක්‍රෝත් ගේ “මනසේ පරාජය” – විජිතහරණය කළ ලෝකයේ ආලේඛ්‍ය චිත්‍රයක්- (7) (A Portrait of the Decolonised World)

“තම ශිෂ්ඨාචාරයේ සාර්වත්‍රිකත්වයේ අනුබලය ලබමින්, ඔවුන්ගේ වෙනස්කම තුළ උදාසීන දිවියක් ගෙවන ලෙසින් ඔහු දුටු, යල් පිනූ ජනතාවන් පිළිබඳ පිළිකුල පළ කරමින්, සුදු මිනිසා, තමා ඉතිහාසයේ කේන්ද්‍රයේ ස්ථානගත කොට තිබුණි. තම විෂමතාව යළි දිනා ගැනීමට හැකිවීම පිළිබඳ ප්‍රමුදිතව, තුන්වෙනි ලෝකයේ ජාතිකවාදීහු, බාහිර බලපෑම්වල දූෂිතවීමෙන් තම විශේෂත්වවාදය ආරක්ෂා කළ හ: ඔහු පසුගාමී වූ නිසා නොව, ඔහු අන්‍ය…

නලින් ස්වාරිස් : මිතුරන්ගෙන් දේශපාලන සත්‍යවාදී බව අපේක්ෂා කල ඔහු – කුමුදු කුසුම් කුමාර විසිනි.

ආචාර්ය නලින් ස්වාරිස් – අනුස්මරණය උපත 1938.11.06 විපත 2011.04.17 නලින් අප අතරින් වෙන්ව ගියේ හදිසියේ ම ය. ඒ අපවත්, ඔහුවත් බලාපොරොත්තු නොවූ ලෙස ය. ජීවත්ව සිටිය දී මෙන්ම තම මරණයේදීත් නලින් තම සමීපතමයන්ගේ බලවත් අවධානය තමා වෙත ඉල්ලා සිටියේ ය. නලින්ගේ ඇසුර ලැබූ පවුලේ ඥාතීන් සහ මිතුරන්ගේ ජීවිතවලට සහ අපගේ පොදු ලෝකයට නලින්ගේ ජීවිතයෙන් ජනිත…

ජනාධිපතිවරණය, ප්‍රජාතන්ත්‍රවාදය සහ නව වම – කුමුදු කුසුම් කුමාර විසිනි

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී සහයෝගය දෙන්නේ පවත්නා රජයට පක්ෂවද නැතහොත් විපක්ෂවද යන්න මත මෙරට දේශපාලනයේ මූලික පිල් බෙදීමක් සිදුවෙමින් පවතී. ඉන් කියැවෙන්නේ මෙම මැතිවරණය ලාංකේය දේශපාලනයේ තීරණාත්මක සන්ධිස්ථානයක් වන බවයි. මෙයට අමතරව විපක්ෂයේ පොදු අපේක්ෂකයා වන්නේ කවුරුන්ද යන්න පිළිබඳ ද විවිධ මත අනුව පිල් බෙදෙමින් පවතී. ජනාධිපතික්‍රමය අහෝසි කිරීමේ යෝජනා මුල් කොට ගෙන ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපිත කිරීම අරමුණු කොට ගත් නිර්පාක්ෂික පොදු අපේක්ෂකයෙක් සඳහා එකඟත්වයක් ගොඩ නැඟීමේ ව්‍යාපාරයක් තිබේ. එමෙන්ම විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂයා විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙසින් පිළිගැන්වීමේ උත්සාහයක් ද ඇත. මේ සියල්ල ප්‍රභූ පැළැන්තියේ පාලනය තට්ටු මාරු ක්‍රමයට පවත්වා ගෙන යාමේ වැඩ…

ජාතිකවාදයට සහ අගතියට එරෙහිව ප්‍රබුද්ධත්වයේ ලිබරල් මානවවාදය සහ විචාර බුද්ධිය

ජාතිකවාදයට එරෙහි කතිකාව ජාතිකවාදී කතිකාවේම අන්තවාදී ස්වරූපය ගැනීමේ අවදානම නූතන යුරෝපීය ජාතිකවාදී කතිකාව වර්ධනය වන ආකාරය රචනයේ පහත පළවන කොටසින් ෆින්කල්ක්‍රෝත් තව දුර සාකච්ඡා කරයි. මේ ඒ පිළිබඳ කෙටි ප්‍රතිචාරයක් සහ සහ හැඳින්වීමකි. ෆින්කල්ක්‍රෝත් එම සාකච්ඡාව අරඹන්නේ අගතිය පිළිබඳ ජාතිකවාදී කතිකාව තුළ ඇතිවූ විවාදය ඉදිරිපත් කරමිනි. ප්‍රංශ ප්‍රතිවිප්ලවවාදීන් මෙන්ම ජර්මානු රොමෑන්ටික්වාදීහු ද ප්‍රබුද්ධත්වයේ භාෂාව තුළ අවමානයෙන් සැළකූ අගතිය පිළිබඳ අදහස පුනරුත්ථාපනය කිරීමට යොමු වූහ. මෙහි ලා ෆින්කල්ක්‍රෝත් ගේ සාකච්ඡාව න්‍යායිකව ගැඹුරු කරණු වස් ගැඩමර් අගතිය පිළිබඳ ගොඩ නඟන අදහස් සැකෙවින් ඉදිරිපත් කරන්නට අපි කැමැත්තෙමු. අගතිය පිළිබඳ ගැඩමර් අගතිය සහ විචාර බුද්ධිය ප්‍රතිපක්ෂයන් ලෙස සැළකීමේ නූතනවාදී ගැටළුවෙන් මිදීමේ මඟක් ලෙස ගැඩමර්…