By kathika

ජනප්‍රිය සිංහල සංගීතය ආනන්ද සමරකෝන්

අව්‍යාජ සිංහල ජනප්‍රිය සංගීතයක් ගොඩනැඟීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් ජනප්‍රිය සංගීතය සහ ශාස්ත්‍රීය සංගීතය අතර සම්බන්ධය මතුකරමින් සංගීතඥ ආනන්ද සමරකෝන් ලියූ පහත ලිපිය 2009 සැප්තැම්බර් 11, සිළුමිණ පුන්කල‍ස අතිරේකයෙන් උපුටා ගෙන ඇති සැටියෙන්ම පළකෙරෙයි. මෙම ලිපියේ මූලාශ්‍රය සිළුමිණ ලිපියේ සඳහන් කොට නැත. මෙම ලිපියේ නිවැරදි මුල් පිටපතක් අපට ලබාදෙන්නට කවරෙකු හෝ ඉදිරිපත් වුවහොත් එය අපට පහත ලිපියේ ඇති දෝෂ වලින් තොරව පළ කළ හැකි වෙතැයි සිතමු. ජනප්‍රිය සිංහල සංගීතය ආනන්ද සමරකෝන් එය හඬකින් බිහිවූවකි. ගලා බසින දොළ පහරකින් හෝ ඇද හැලෙන දිය ඇල්ලකින් නැඟෙන ‘සර සර’ හඬෙන්, ගහකොළ ආදියේ ගැටී පිසයන මාරුතයෙන් නැඟෙන හඬෙන්, ලී කෑලි දෙකක් එකට ගැටීමෙන් නිකුත්වන ශබ්දයෙත්,…

“වතු කම්කරු වැටුප් අඩකින් වැඩි කරන්න”

එක්සත් ලංකා වතු කම්කරු සමිතිය දැනට දිනකට රු 290/- ලබන එම කම්කරුවන්ට ඊට වඩා වැඩි මුදලක් එකතු වන්නේ නොයෙක් කොන්දේසි මතය. එයින් නිශ්චිත වන්නේ තේ හෝ රබර් මිල අනුව ගෙවන දීමනාවය. පසුගිය 6 මසක පමණ කාලය තුළ තේ මිල අඩුවිම නිසා එම ලැබීමද ඇන හිටියේය. රබර් මිල තවමත් පහල මට්ටමක පවතී. අඩු මිලට සහල් සලාකයක් බොහෝ වතු කම්කරුවන්ට නොලැබේ. ඔවුන් ජීවත්වන නිවාස වැඩි හරියක් පැරණි දිරාපත් ඒවාය. එම නිවාස අළුත්වැඩියා කිරීමක් ක‍්‍රමානුකූලව සිදු නොකරයි. වතුකම්කරු නිවාස භුමි හෝ පරිශ‍්‍ර නඩත්තුවක්ද නැත. තම අවම ආදායම තරමකින් හෝ වැඩිකර ගැන්ම සඳහා සතුන් හැදීමට දරන උත්සාහයටද වතු පාලකයෝ එරෙහි වෙති. දරට වත්තේ අතු…

“තිස්සනායගම්ට දේශපාලන සිරකරුවෙක් ලෙස ආරක්ෂාව සළකන්න”

“තිස්සනායගම්ට දේශපාලන සිරකරුවෙක් ලෙස ආරක්ෂාව සළකන්න” වාසුදේව නානායක්කාර බන්ධනාගාර කොමසාරිස්වරයාට කියයි “අපගේ පෙර සගයෙකු වූ ජේ.එස්. තිස්සනායගම් ඔහු ලියූ දේවල් නිසා සිර ද‍ඬුවමකට යටත් කළ බව මා දැනගත්තේ කණගාටුවෙනි. ඔහු මේවා ලියා ඇත්තේ 1980 අග සහ 1990 මුල් භාගයන්හිදී අතුරුදහන්වීම් වාර්තා ගත කරන්නට අපට උදවු කළ එකම ලාලසාවෙන් බව මගේ වැටහීම” යැයි සඳහන් කරන ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණෙහි නායක වාසුදේව නානායක්කාර, බන්ධනාගාර කොමසාරිස්වරයාට ලියුමක් යවමින්, ඔහුගේ අභියාචනය අසන තෙක්, ඔහු සාපර‍ධී වැරදි වලට දඬුවම් ලබන්නන් අතර නොතබා, ඔහුට දේශපාලන සිරකරුවෙක් ලෙස සළකමින්, සිපිරිගෙය තූළ ඔහුගේ ආරක්ෂාව සළසා දීම වැදගත් වන බව දන්වා සිටියි.

” මෙම තත්ත්වය තමුන්නාන්සේගේ ජාතික රෝහලේ ද රටේ සෞඛ්‍ය සේවයේද උදාවී ඇති කාලකන්ණි තත්ත්වය මැනවින් පැහැදිළි කරයි”

” මෙම තත්ත්වය තමුන්නාන්සේගේ ජාතික රෝහලේ ද රටේ සෞඛ්‍ය සේවයේද උදාවී ඇති කාලකන්ණි තත්ත්වය මැනවින් පැහැදිළි කරයි” ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක වාසුදේව නානායක්කාර සෞඛ්‍ය හා පෝෂණ කටයුතු ඇමතිට කියයි පහත පළවන්නේ ‍වාසුදේව නානායක්කාර සෞඛ්‍ය හා පෝෂණ කටයුතු ඇමති‍ට යැවූ ලිපි‍‍‍‍යෙන් උද්ධෘතයකි. ” 2009.09.08 රාති 10 ට පමණ හදිසි අමාරුවක් වැළඳී හදිසි අනතුරු වාට්ටුවට ගිය ඉතා දුප්පත් රෝගියෙකුට ප‍්‍රතිකාර සඳහා බැන්‍‍‍‍ඩේජයක් සහ තවත් බෙහෙත් වර්ග පිටතින් මිලදී රැගෙන එන ලෙස වෛද්‍යවරු නියම කර ඇත. ඒ නිසා එම රෝගියා කිසිවක් කර කියා ගත නොහැකි ඉතාම අසීරු තත්ත්වයකට පත්වී මට ටැලිෆෝන් කලේය. පසුව මගේ මැදිහත් වීමෙන් එම අවශ්‍යතා සපයා දීමට සිදුවිය. මෙම තත්ත්වය තමුන්නාන්සේගේ…

“ අපිට අවශ්‍ය මේ කඳවුරුවල තත්ත්වය දියුණු කිරීම නෙවෙයි. ඒක මහ පව්කාර අදහසක්.”

“ අපිට අවශ්‍ය මේ කඳවුරුවල තත්ත්වය දියුණු කිරීම නෙවෙයි. ඒක මහ පව්කාර අදහසක්.” රාවය පුවත් පතේ අගෝස්තු 02 වැනිදා කලාපය පළ කළ, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක වාසුදේව නානායක්කාර සමග විමලනාත් වීරරත්න කළ සම්මුඛ සාකඡචාවෙන් උපුටා ගන්නා ලදී. “ ඔබ මීට පෙර අවස්ථා කීපයකදීම උතුරේ අවතැන් කඳවුරුවල තත්ත්වය විවේචනය කළා. දැන් තත්ත්වය යහපත් වී තිබෙනවාද? ජලය පිළිබඳ දියුණුවක් තිබෙනවා. එතකොට වැසිකිළි පහසුකම් පිළිබඳවත් යම් දියුණුවක් තිබෙනවා. නමුත් කඳවුරුවල තිබෙන ජනාකීර්ණභාවය, අවහිරතා, බැහැර යෑමට ඒමට නිදහසක් නැති සිරකඳවුරක තත්ත්වය, දිගටම අවම ආහාර මට්ටමකින් ජීවත් වන්නට සිදුවීමේ ඉරණම, අධ්‍යාපනය ලබන දරුවන්ට එම නරක වටාපිටාව තුළ ඉඳගෙන ඉගෙන ගන්නට සිදුවීමේ ඇති දුෂ්කර අත්දැකීම තවම අවසන්…

ජනවාර්ගික සබඳතා

“ මනුෂ්‍යත්වය, මානුෂික හැඟීම් හා මතවාදය රැක ගනිමුද? විසිකරමුද?” වාසුදේව නානායක්කාර නායකත්වය දරන ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ පළකරන ‘ශක්තිය’ පුවත් පතේ 2009 ජූලි කලාපයේ කතුවැකියෙන් උපුටා ගැණුනි. “ඉතිහාසයේ කරුණු කාරණා පෙළ ගැසුණු ආකාරය අනුව එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජය කරන තුරු යුද්ධයක් කරගෙන යාමට රජයට සිදුවීම නොවැලැක්විය හැකි සිද්ධි දාමයක් විය. එය දෙමළ ජනතාවට එරෙහිවූ යුද්ධයක් නොවන බවට රජය සපථ කලේය. එහෙත් යුද්ධය පැවති කාලය මුළුල්ලේම හානියට, විපතට හා ව්‍යසනයට පත්වූ විශාල වැඩි පිරිස සටන්කරුවන් නොවූ සාමාන්‍ය දෙමළ වැසියන්ම විය. අවසානයේ පරාජයට හා විනාශයට පත් කලේ බෙදුම්වාදී හා ත්‍රස්තවාදී නායකත්වය ඇතුළු එල්.ටී.ටී.ඊ. යේ සටන් බල ඇනි වුවද, නොවැලැක්විය හැකි ලෙස ඒ අතරතුර මහල්ලන්,…