From දේශපාලන ආර්ථිකය

Featured

ජාතික ජන බලවේග ආණ්ඩුවේ ක්‍ෂුද්‍රමූල්‍ය සහ ණය නියාමන පනත ගැන ආණ්ඩු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු දන්නේ නැහැ -පනත ගෙනෙන්න ආසියානු සංවර්ධන අරමුදලෙන් ආණ්ඩුවට තවත් ණයක්

පනත විවාදයට ගන්නවා මාර්තු 04. ලබන සතියේ. අපගේ යෝජනා ඒ විවාදයට ගන්න පනතට අඩංගු කරලද අපි දන්නේ නැහැ. බොහෝ විට එහෙම නොවෙන්න පුළුවන්. අපි පනත ගැන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දැනුවත් කරන්න ඔවුන් හමු වුනාම – ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු වගේම විපක්ෂ මන්ත්‍රීවරු පනත ගැන දන්නේ නැහැ.

ඉතින් අපිට ඉතාම පැහැදිලියි ලබන සතියේ පනත විවාදයට ගන්නේ සැලකිය ලෙස හැම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ම පනත ගැන දැනුවත්ව නොවේ. ක්‍රමය වෙනස් කරන්න ආපු ආණ්ඩුවේත් පනත් සම්මත වෙන්නේ එහෙම. දන්නේ නැති පනතකට අත උස්සනවා. අතිබහුතරයක් තිබෙන නිසා ජනතාවට හානිකරන පනත් සම්මත කරන්න ආණ්ඩුව පසුබට වන්නේත් නැහැ

Featured

​ආපදා කෙරෙහි සූදානම, සහන ලබා දීමේ සාධාරණත්වය සහ ආර්ථික යුක්තිය සඳහා ආන්තික ප්‍රජාවන්ට ප්‍රමුඛතාවය දෙන ලෙස ආර්ථික යුක්තිය වෙනුවෙන් ස්ත්‍රීවාදී එකමුතුව තීව්‍ර ලෙස ඉල්ලා සිටියි

දින ගණනාවක් පුරා අඛණ්ඩ වැසි සහ සුළං ඇද හැලෙමින් දිත්වා සුළි කුණාටුව ශ්‍රී ලංකාවට ළඟා වී, ගොඩබිමට විශාල විනාශයක් ඇති කෙරිණි. මෙම ප්‍රකාශය ලියන අවස්ථාව වන විට, පුද්ගලයින්  355 දෙනෙකුගේ ජීවිත අහිමි වී ඇති අතර පුද්ගලයින් 366 දෙනෙකු අතුරුදහන් වී සිටීම කණගාටුවට කරුණකි. නිවාස 15,000 ත් 25,000 අතර ආසන්න සංඛ්‍යාවක් හානි වී ඇති අතර පවුල්…

Featured

සමාජවාදය හෝ ම්ලේච්ඡත්වය : ඇමරිකානු වමේ ඉතිහාසය පුනර්ජීවනය කිරීම – එරික් රොස් විසිනි

තම ජනතාවට සැබවින්ම සේවය කරන සමාජයක් ගොඩනැගීම සඳහා, ප්‍රජාතන්ත්‍රවාදය යනු මැතිවරණ පැවැත්වීම පමණක් නොව, වරප්‍රසාද ලත් ස්වල්ප දෙනෙකුට වඩා බොහෝ දෙනා වෙනුවෙන් සටන් කිරීම කෙරෙහි අවධානය යොමු කරන සැබෑ ජීවන රටාවක් ලෙස තේරුම් ගන්නා දිගු කලක්  තිස්සේ පැවති ආන්තික සම්ප්‍රදායක් නැවත ලබා ගැනීම අවශ්‍ය වේ. (නිව් යෝර්ක් නගරයේ පුරපති ධුරය සඳහා වන මැතිවරණය 2025 නොවැම්බර්…

Featured

ක්ෂුද්‍ර මූල්‍ය රකුසා පරාජය කිරීමට  ‘ආර්ථික යුක්තිය වෙනුවෙන් ස්ත්‍රීවාදී එකමුතුව’ වෙතින් යෝජනාවලියක්

2025 වසර ඔක්තොම්බර් 17 වන දින නිර්මාණ කතෘ කමලා වාසුකී (2019) ජාතික ජන බලවේග රජය (NPP) පසුගියදා ඔවුන්ගේ පළමු වසර සම්පූර්ණ කළේය. කනගාටුවට කරුණ වන්නේ, නව රජය දැනටම බිම් මට්ටමේ යථාර්ථයන් සමඟ පැවතිය යුතු සම්බන්ධතාව නැති කරගෙන තිබීමයි. සභාග රජයේ ප්‍රධාන පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණේ මහ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෑතකදී මාධ්‍ය ප්‍රකාශයක් කරමින්…

Featured

මන්නාරම් පක්ෂීන්, ජීවීන්, භූමිය, ජනයා හා එක්ව ආර්ථික යුක්තිය සඳහා වූ ස්ත්‍රීවාදී එකමුතුවේ අපි නැඟී සිටින්නෙමු!

ශ්‍රී ලංකාවේ ආර්ථික යුක්තිය සඳහා වූ ස්ත්‍රීවාදී සාමූහිකය ශ්‍රී ලංකාවේ ආර්ථික යුක්තිය සඳහා වූ ස්ත්‍රීවාදී සාමූහිකය මන්නාරමේ පක්ෂීන්, භූමියේ සහ එහි ජනතාවගේ විලාපයන් ඇසේ. මන්නාරමේ සාමකාමී විරෝධතාකරුවන්ට 2025 සැප්තැම්බර් 26 වන දින රාත්‍රියේ දී සිය ගණනක් පොලිස් නිලධාරීන් විසින් එල්ල කරන ලද ම්ලේච්ඡ ප්‍රහාරයත් සමඟ රජයේ අඳුරුතම දිනයක් උදා වී ඇත.1 මෙම හේතුවෙන් කාන්තාවන් සහ…