ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය උගුල මෙන්ම ලෝක බැංකුවේ සංවර්ධන උගුල පිළිබඳව ද අප පරෙස්සම් සහගත විය යුතුය. ශ්‍රී ලංකාව ඉදිරියේ ආර්ථික සංවර්ධන මංපෙත් දෙකක් තිබේ. මූල්‍යකරණය, වෙළඳ නිර්බාධීකරණය, සංචාරක යටිතල පහසුකම් සඳහා ආයෝජනය සහ වාණිජකරණය කළ අධ්‍යාපනය යන මාවත තිබේ. විකල්පයක් වශයෙන්, ආහාර සුරක්ෂිතතාව සඳහා කෘෂිකාර්මික නිෂ්පාදන මාවත, දේශීය ආයෝජන සහ ස්වයංපෝෂිතභාවය සඳහා නිෂ්පාදනය, තම…
'kathika' social, cultural and political review
From දේශපාලන ආර්ථිකය
වංචනික බැඳුම්කර ගනුදෙනු සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් උගුල – අහිලන් කදිර්ගාමර්
බටහිර උන්ගේ සොඳුරිය, ජනාධිපති වික්‍රමසිංහ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශයෙන් තමන්ගේ වාසියට උපරිම ප්‍රයෝජන ගැනීමට දැඩි උත්සාහයක යෙදී සිටියේය.ඔහු තව කොතෙක් පහතට රූටා ගියේද යත්, පසුගිය වසර දෙක පුරාවටම කළාක් මෙන් රටේ අනාගතය විකිණීම සඳහා මැතිවරණයට දින තුනකට පෙර ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමඟ සාකච්ඡා කළේය. මැතිවරණයට දින දෙකකට පෙර, ප්‍රචාරණය තහනම් කාලය ආරම්භ වූ පසු, ඔහු එළියට…
ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා සංවර්ධනය වෙමින් පවතින රටවල් විශාල ප්‍රමාණයකට පොදු ගැටලුවකට මුහුණ දෙයි: එනම්, බටහිර විසින් පනවන ලද පටිතද කිරීම
අහිලන් කදිරගාමර් අනුර කුමාර දිසානායකට අවශ්‍ය වන්නේ රටෙහි ජනතාව දඬු කඳේ ගසන ණය අර්බුදය සමයේ පීඩා අවම කර ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් (ජාමූඅ) වඩා හොඳ ගනුදෙනුවකි. ශ්‍රී ලංකාව ඓතිහාසික සන්ධිස්ථානයක සිටී. ශ්‍රී ලංකාව මහා අවපාතයෙන් පසු දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දී, ප්‍රථම වතාවට විදේශ ණය ගෙවීම පැහැර හරිනු ලදුව, මෑතකදී ක්‍රම වෙනසක් ඉල්ලා සටන් කරන පෙර නොවූ විරූ විරෝධතාවලට මුහුණ දුන්නේය. විරෝධතාකරුවන් ජනාධිපතිගේ නිවසට…
ශ්‍රී ලංකාවේ ජනතාවට නව ණය ගනුදෙනුවක් අවශ්‍යයි
සී.පී. චන්ද්‍රසේඛර්, මාර්ටින් ගුස්(z)මාන්, ජයති ඝෝෂ්, සහ චාල්ස් අබුග්‍රේ මෙහි පරදුවට තබා ඇති දේ සළකන කළ, දිසානායක සිය මැතිවරණ ප්‍රචාරක පොරොන්දු ඉටු කළ යුතු අතර වික්‍රමසිංහගේ ගනුදෙනුව ප්‍රතික්ෂේප කළ යුතුය. ශ්‍රී ලංකාව – සහ අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින ලෝකය – පරාජිත ජනාධිපතිවරයෙකුගේ අසාර්ථක ප්‍රතිපත්තිවල ප්‍රාණ ඇපකරුවන් නොවිය යුතුය. රටේ ආර්ථිකය ප්‍රකෘතියට පත් කිරීමට සහාය වීමට…
නිති අසන පැන: ණය ප්‍රතිව්‍යුහගත කිරීම වටා ඇති මිථ්‍යාවන් සහ අභියෝග අවබෝධ කර ගැනීම
ෂෆියා රෆයිතු, යතුර්ෂා උලකේන්තිරන් සහ අහිලන් කදිරගාමර් ෂෆියා රෆයිතු, යතුර්ෂා උලකේන්තිරන් සහ අහිලන් කදිරගාමර් ගැඹුරු වන ආර්ථික අර්බුදයක් මධ්‍යයේ ශ්‍රී ලංකාව මේ වන විට නව ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගත්තා පමණි. තම ජීවිතය පුරා පැතිරී ඇති ආර්ථික පීඩාවෙන් වෙනසක් සහ සහනයක් සඳහා ජනතාව පැහැදිලි ජනවරමක් ලබා දී ඇත. ජනාධිපති අනුර කුමාර දිසානායක බලයට පත්වී…
මැතිවරණ, පන්ති සහ සුළු ජාතීන් – අහිලන් කදිර්ගාමර්
අහිලන් කදිර්ගාමර් 2024 මැතිවරණය දෙස මෙතැන් සිට දශකයකින් හෝ දෙකකින් අපි ආපසු හැරී බලන්නේ කෙසේද? එළඹෙන ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය 1956 මහ මැතිවරණය තරම්ම වැදගත් වනු ඇතැයි මම තර්ක කරමි. මම පහත ලියන්නේ ශ්‍රී ලංකාවේ සෑම විටම උද්යෝගයෙන් හා පිරී ඇති මැතිවරණ සංදර්ශනය ගැන නොව, මහා ඓතිහාසික අවස්ථාවන්හිදී මැතිවරණ වලින් පසුව සිදුවන දේශපාලන ආර්ථික වෙනස්කම්…





