From කලාව

ඩුෂාම්ප්ගේ කැසිකිළි බඳුන කලාව සෝදා හැරියේ ද? – රෝයි ටර්නර්

මාෂල් ඩූෂාම්ප් සමග කලා ලෝකය අනෙක් සියළු බුද්ධිමය ලෝකයාට පෙර පශ්චාත් නූතනවාදයට මග හෙළි කල බව මතයක් පවතී. නිදහස් කලා කරුවන්ගේ සංගමයේ ප්‍රදර්ශනයට මාෂල් ඩූෂාම්ප් 1917 දී “Fountain” වශයෙන් නම් කර ඉදිරිපත් කරන ලද කැසිකිළි බඳුන පිළිබඳ විවාදය විසිවන සියවස කලාව යනු කුමක්ද පිළිබඳ ගැටළුවට යළි පිවිසුනු අවස්ථාවක් ලෙස පිළි ගැනේ.මෙහිදී ගැටළුව වන්නේ ඩූෂාම්ප්ට පසු…

අමරදේව හා සිංහල දේශීය සංගීතය – මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර

සිංහල සංගීත ක්ෂේත්‍රයෙහි අමරදේවගේ සේවය තක්සේරු කිරීමට පසුබිමක් වශයෙන් මෑත යුගයක අපේ සංගීතය විකාශනය වූ සැටි මඳක් සැලකීම ප්‍රයෝජනවත් යයි හඟිමි. ඈත යුගවල සිංහල සංගීතය යන්න කෙබන්දක් වී දැයි නිශ්චය කිරීම අපහසු ය. පත පොතෙන් අපට ලබාගත හැකි අල්ප වූ සාක්ෂි අනුව නිගමනය කළ හැක්කේ එය භාරතීය සංගීතයට නොවෙනස් වූ බවය. එහෙත් “දේශීය” සංගීතය යයි…

සරල ශාස්ත්‍රීය සංගීතයේ නිර්මාපකයා අමරදේව – මහාචාර්ය සුචරිත ගම්ලත්

“සරල ශාස්ත්‍රීය සංගීතයේ නිර්මාපකයා වන්නේ ඔහුයි. උත්තර භාරතීය රාගධාරී සංගීතයෙහි රස භාවයන් හා දේශීය ජන ගී, ජන නාද රටාව යන අංශ දෙකෙහිම සංකලනයෙන් ඔහු මේ තත්ත්වය නිර්මාණය කළා. ඊට පෙර යුගයන් හිදී ශාස්ත්‍රීය සංගීතය වෙනම ඇසුණා. ජනගීය වෙනම ඇසුණා. මේ අංශ දෙකම නිර්මාණාත්මක ලෙස භාවිතා කළ පළමු පුද්ගලයා වන්නේ ඔහුයි. ඒ සංගීත සම්ප්‍රදායන් දෙකෙහි එකමුතුවෙන්…

මේ මාගේ ගමයි (2 කොටස ):පිරිමියා ආදරය හදාගන්නේ ස්වභාවයට, ගැහැණියට පරාජය වීමේ බය යටපත් කරන්න – කුමුදු කුසුම් කුමාර

පාලියා කියන්නේ ලිංගික ක‍්‍රියාව මුලික වශයෙන් සමාජමය නොව ස්වාභාවික ගනුදෙනුවක් බවයි. ලිංගිකත්වය යනු, ප‍්‍රතිවිරෝධයන්ගෙන් සහ එකම දේ පිළිබඳ ප‍්‍රතිවිරුද්ධ අදහසින් සැදුණු අඳුරු රාජ්‍යයකි. එය හැමවිටමත් සමාජීය ආකෘතීන්ගෙන් වටහාගත හැකි නොවේ. සමාජීය හෝ සදාචාරමය යෝග්‍යතාව පිළිබඳ කෝණයන්ගෙන් එය හරි ගැස්සිය හැකි නොවේ. පිරිමියාට හැම සංවාස අවස්ථාවක්ම මව කරා ආපසු යෑමක්, ඇයට යටත්වීමක් වෙයි. පිරිමින්ට ලිංගික ක‍්‍රියාව…

මේ මාගේ ගමයි (1 කොටස ): රුචිය හා දේශපාලනය – කුමුදු කුසුම් කුමාර

අශෝක හඳගමගේ මේ මාගේ සඳයි සිනමා කෘතිය පිළිබඳ මෙම සාකච්ඡාවට දායක වූ මෙම ලිපි පෙළ බලය සඟරාවේ 2001- 2002 වර්ෂ වල පලවු අතර ඒවා එලෙසින්ම මෙහි පල කරමු. x කණ්ඩායම විසින් අශෝක හඳගමගේ මේ ‘මගේ සඳයි‘ චිත‍්‍රපටය පිළිබඳව ‘අංශක බිංදුවේ සෞන්දර්ය වියමන‘ යන මැයෙන් ප‍්‍රකාශයක් කර තිබිණ (බලය, සැප්තැම්බර් 2001). එම ප‍්‍රකාශයේ හරය මා තේරුම්…

නව රැල්ලේ සිංහල සිනමාව ගමෙන් නගරයට සංක්‍රමණය වූ වගයි! – ආදරයේ අංශු මාත්‍රයක් නොහොත් How I wonder what you are – ප්‍රේක්ෂක

1. ගම සහ නගරය ප්‍රතිපක්ෂයන් ලෙසින් දැකීම අශෝක හඳගම, ප්‍රසන්න විතානගේ සහ විමුක්ති ජයසුන්දර මුල් කොට ගෙන බිහිවූ නවරැල්ලේ සිංහල සිනමාව මූලිකවම ගම තුළ පොදුවේත්, මායිම් ගම්මාන තුළ සුවිශේෂයෙනුත්, යුද්ධය පිළිබඳ කතන්දරවලත් සිරකරුවකුව සිටියේ ය (බලන්න, කුමුදු කුසුම් කුමාර, “පශ්චාත් නූතන දෘෂ්ටියෙන් සම්ප්‍රදායික සිංහල ගම බැලීම” ලිපිය https://kathika.lk/old/ ප්‍රාරම්භක කලාපය). ඔවුන් ඇතැමෙකුගේ එම චිත්‍රපට ගම…