කොළඹ විශ්වවිද්‍යාලය යුද්ධය අවසන් වී වසර පහක් ගෙවීගොස් ඇති අද මෙරට මුහුණදෙන ප‍්‍රධානම ප‍්‍රශ්නය ලෙස බලයේ සිටින නායකයන් හුවා දක්වන්නේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් ඇතැයි යන්නයි. එහෙත් පුදුමයට කාරණයක් වන්නේ, මෙරට දේශපාලන ක්ෂේත‍්‍රයේ ක‍්‍රියාත්මක වන අනෙකුත් කිසිම දේශපාලන පක්ෂයකට හෝ කණ්ඩායමකට හෝ නොපෙනෙන ජාතික ආරක්ෂාව පිළිබඳ තර්ජනයක් බලයේ සිටින අයට පමණක් පෙනීමයි. මෙරට යුද්ධයක් පැවැති වසර තිහක පමණ කාලය තුළ රාජ්‍යාරක්ෂාව පිළිබඳ ප‍්‍රශ්නයක් පැවැති බව කවුරුත් දන්නා සත්‍යයකි. එම ජාතික ආරක්ෂාව පිළිබඳ ප‍්‍රශ්නය මතුවූයේ කෙසේද යන්න පිළිබඳව විවිධ අදහස් තිබිය හැකි වුවත්, ඒ සඳහා ප‍්‍රධාන සාධකයක් වූයේ මෙරට ද්‍රවිඩ ජනතාවට මුහුණදීමට සිුවූ විවිධ ප‍්‍රශ්න පදනම් කරගෙන ක‍්‍රමිකව වර්ධනය වූ බෙදුම්වාදී ව්‍යාපාරයයි.…
'kathika' social, cultural and political review
From කාලීන
ගෝනිබිල්ලන්ට බිය නොවෙමු – මහාචාර්ය එච් එල් සෙනෙවිරත්න
ජනාධිපති රාජපක්ෂ තම ධුර කාලයෙන් වසර දෙකක්ම ඉතිරිව තිබිය දී ජනාධිපතිවරණයක් පැවැත්වීමට තීරණය කළේය. මෙම තීරණයට හේතුව මෙරට ජනයා සිය පාලනය විසින් පටවනු ලැබූ බරින් පීඩිතව සිටින බවත් සිය ඒකාධිපති ස්වරූපයේ පාලන ශෛලියෙන් හෙම්බත්ව සිටින බවත් ඌව පළාත්සභා මැතිවරණයෙන් පසු අවබෝධ වීමය. ”ත‍්‍රස්තවාදය පැරදවීම” මත පදනම් වූ ඔහුගේ ජනප‍්‍රියභාවය ද හීන වෙමින් යන බැවින් තව වසර දෙකක් ගත වුවහොත් ඉදිරි ජනපත්ිවරණයකින් තමා පරාජය වන බව ඔහු දැන ගත්තේය. වර්තමාන ජනපතිවරණ ප‍්‍රචාරණ ව්‍යාපාරයේ දී ඔහු විසින් යොදා ගනු ලබන කපටි උපක‍්‍රමයන්ගෙන් එකක් වන්නේ විදේශ ගත දෙමළ පුරවැසියනට හා වෙනත් බලවේගයන්ට අනුබල දෙමින් රට අස්ථාවර කිරීමටත් තමා විදුලි පුටුවට යැවීමටත් ”විදේශීය කුමන්ත‍්‍රණයක්”…
වෙනසක් සඳහා ඡන්දය දිය යුත්තේ ඇයි?
ගෞරවනීය ස්වාමීන් වහන්ස/පූජකතුමනි දෙමාපියනි/සහෝදර සහෝදරියනි, දෙමාපියනි/සහෝදර සහෝදරියනි, එළඹෙන ජනාපතිවරණය සම්බන්ධයෙන් මේ ආයාචනය අප ඔබ වෙත සිදුකරනු ලබන්නේ මෙරට විශ්වවිද්‍යාලවල සිටින සමාජවගකීමක් සහිත ආචාර්යවරු පිරිසක් ලෙසටයි. මෙම ඉතා වැදගත් ජනාධිපතිවරණයේදී ඔබ ඉදිරියේ ඇත්තේ ඉතා සරල ඉතාමත් තීරණාත්මක තෝරාගැනීමකි. එනම් මහින්ද රාජපක්ෂ මහතාට තවත් අවුරුදු අටක් මෙම අසීමිත බලතල සහිත ජනාධිපති ධූරයේ රැුඳී සිටීමට ඉඩ දෙනවාද? එසේත් නැතිනම් විපක්ෂයේ පොදු අකේෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට ඡුන්දය දී මේ රට නව දේශපාලන ගමනක් වෙත යොමු කිරීමට ඔබගේ දායකත්වය ලබා දෙනවාද? යන්නයි. වෙනසක් අවශ්‍ය ඇයි? අප මුලිින්ම ඇසිය යුතු ප‍්‍රශ්නය වන්නේ දැනට බලයේ සිටින ජනාධිපතිතුමා නැවත තෝරා නොගත යුත්තේ මන්ද යන්නයි. ඇත්ත වශයෙන්ම…
මහින්ද විශ්වාස කළ නොහැකිය, මෛත්‍රීපාල ට ඡන්දය දෙමි – කුමුදු කුසුම් කුමාර
1 ජනාධිපති මහින්ද රාජපක්ෂ ජාතික ආරක්ෂාව සඳහා තමා කෙරෙහි විශ්වාසය තබා තමා තුන් වැනි වරටත් ජනාධිපති කරන ලෙස ජනතාවට කියා සිටියි. නමුත් ඔහු විශ්වාස කිරීම සම්බන්ධයෙන් ගත් කළ අතීත වාර්තාව අපට පෙන්වා දෙන්නේ ජනතාව ඔහු කෙරෙහි තැබූ විශ්වාසය ඔහු දිගින් දිගටම කඩ කළ බවයි. එක්සත් නොබෙදුණු රටක් තුළ දේශපාලන බලය බෙදීම තම අපේක්ෂාව යැයි උතුරේ දෙමළ ජනතාවගේ අති මහත් බහුතර ඡන්දයෙන් බලයට පත් දේශපාලන නියෝජිතයන් නැවත නැවත අවධාරණය කරද්දීත් ලංකාව දෙකඩ කරන්නට කුමන්ත්‍රණයක් ඇතැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ සිංහල ජනතාව බිය වැද්දීම දිගටම කරයි. තමනට ඡන්දය දුන් ජනතාව තමන් කෙරෙහි තැබූ විශ්වාසය කඩ කොට පෞද්ගලික වාසි තකා පිල් මාරු කළ මන්ත්‍රීන්…
Presidential election 2015 and the Tamil voter by Sivamohan Sumathy
Department of English, University of Peradeniya What is striking about the 2015 elections? It is the upsurge in the call for democracy and the call to put an end to aggression, arbitrary actions. Significantly, it has opened up spaces for the minority community, the minority voter, to once again find a voice within the politics of the state. My writing here concerns largely Tamil politics, political leadership and the north and east Tamil voter, particularly of the north. In this, I wish to state at the outset, I am not addressing the Malaiyaha Tamil voter or those who are ‘traditional’…
වෙනසක් සඳහා පුරවැසියෙකුගේ න්‍යායපත‍්‍රයක් – ආචාර්ය දීපිකා උඩගම
පේරාදෙණිය විශ්ව විද්‍යාලය ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක් තුළ වෙනසක් සඳහා ඉල්ලා සිටීම කුමන්ත‍්‍රණයක් හෝ දේශද්‍රෝහී ක‍්‍රියාවක් නොව පුරවැසියකුගේ මූලික අයිතිවාසිකමකි. රටේ පවතින දේශපාලන තත්වය පිළිබඳව අපට තෘප්තිමත් විය නොහැකි නම් වෙනසක් සෙවීම අපගේ පරම යුතුකමකි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක පුරවැසියා තරම් අන් කිසිවෙකුත් වැදගත් නොවන බව අප කිසි දිනක අමතක කළ යුතු නැත. ආණ්ඩුකරණය සඳහා ඇති බලය ජනතා ස්වෛරීත්වයේ කොටසකි. එහෙත් අපට මෙය නිතර අමතක වන අතර ආණ්ඩුකරණය යනු දේශපාලකයින් ප‍්‍රධාන නළුවන් වන නාට්‍යයක් සේ සලකා සැනසී සිටිමු. පුරවැසියන් වන අප අපගේ දේශපාලන ඉරණම සකස් කොට ගැනීමේ වගකීම දැරිය යුතු බව පිළිගැනීම වැදගත් වේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයක් තුළ, හැම විටම ජීවගුණයෙන් යුතු විපක්ෂයක් පැවතීම අතිශය…