From කාලීන

රනිල්ගේ ක‍්‍රමය කුමක්ද? කේ. ඩබ්ලිව්. ජනරංජන

රනිල්ගේ ක‍්‍රමය කුමක්ද? කේ. ඩබ්ලිව්. ජනරංජන මීළඟ ජනාධිපතිවරණයකදී පොදු වැඩපිළිවෙලක් යටතේ පොදු අපේක්‍ෂකයකු ඉදිරිපත්කොට පුළුල් සහායක් ලබාගෙන විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කළ යුතුයැ’යි ඉදිරිපත්ව ඇති පුරවැසි ඉල්ලීම නොනැවතී ඉදිරියට යයි. ආණ්ඩු පක්‍ෂය, ඇත්ත වශයෙන්ම ජනාධිපතිතුමා, තවමත් ඉන්නේ විධායක ජනාධිපතිධුරය මේ අයුරින්ම තවදුරටත් පවත්වාගත යුතුය යන ස්ථාවරයේය. නැතිනම්, දැවැන්ත දේශපාලන වන්දියක් ගෙවා 18වැනි සංශෝධනයක් නීතිගත කරගන්නේ නැත. අනෙක් අතට විධායක ජනාධිපතිධුරයේ අවුරුදු 9ක රස බැලූ ඔහු දැන් ඒ සියල්ල අත්හැර දැමීමට තරම් උපේක්‍ෂාසහගත වී ඇතැ’යි හිතන්නට කිසිම සාධාරණ හේතුවක්ද නැත. යම් හෙයකින් පිටතින් පැමිණෙන බලවත් පීඩනයක් හමුවේ විධායක ජනාධිපතිධුරය ඉවත්කිරීමට ඔහු හිත හදාගත්තත් ඒ මීළඟ ජනාධිපතිවරණයේදී නොවේ. තමන්ට බලය නැතිවනු ඇතැ’යි…

MINETTE DE SILVA : A LECTURE PERFORMANCE AND VIDEO INSTALLATION

———————————————— FROM AROUND A MODERN HOUSE ———————————————— A LECTURE PERFORMANCE AND VIDEO INSTALLATION ON MINETTE DE SILVA BY MOIRA HILLE Lecture on 19th February at 07.00pm Video Installation (17 min.) on 19th – 21st February 2014 from 9.00am – 5.00pm Goethe Hall at Goethe-Institut Sri Lanka 39, Gregory’s Road Colombo 7, Sri Lanka Free Entry +94-11-2694562 or +94-11-4712636 program@colombo.goethe.org Goethe-Institut Sri Lanka The Sri Lankan modernist architect Minnette de Silva started her architectural practice in Kandy in the 1940s. By means of an artistic research method the lecture will discuss two seemingly unrelated projects together, thereby allowing a debate on…

දේශපාලනය අතිවිශිෂ්ට දේ ප්‍රකාශ කරන සංකල්පයක්‌ නොවේ – ධර්මසේන පතිරාජ

දේශපාලනය අතිවිශිෂ්ට දේ ප්‍රකාශ කරන සංකල්පයක්‌ නොවේ ධර්මසේන පතිරාජ දැනටත් විශ්ව සාහිත්‍යයේ ඉංග්‍රීසි භාෂාවෙන් ලියෑවී තිබෙන විශිෂ්ට කෘති කියවනවා. විශේෂයෙන්ම සාහිත්‍යයේ නව ප්‍රවණතා ඉදිරිපත් කළ ලේඛකයන්ගේ කෘති ලැබුණු සෑම විටෙක කියවීම මගේ පුරුද්දක්‌. …………………………. දේශපාලනය අතිවිශිෂ්ට දේවල් ප්‍රකාශ කරන සංකල්පයක්‌ නොවෙයි. කලාව අන්තර් පඨිතයි. කලාකරුවෙක්‌ තනිවම කෘතියක්‌ නිපදවන්නේ නැහැ. ඔහු කියවූ සාහිත්‍යය, අත්දැකපු ජීවිතය, දේශපාලනය, සමාජය තමයි කලා කෘතියක්‌ බිහිවීමට හේතුවන්නේ. පඨිතය (Text) විශ්ලේෂණය කිරීම තමයි හොඳ කෘතියක්‌ තීරණය කිරීමේ ප්‍රධාන සාධකය. මෙම නවකතාවේ පඨිතය තමයි එය පරිවර්තනය කිරීමට මාව පෙළඹවූයේ. එහි තිබෙන නැවුම් සන්දර්භ රීතිය ඒ සඳහා බලපෑවා. දේශපාලන දැක්‌මක්‌ එහි තිබුණේ නැහැ. මා විශ්වාස කරන්නේ සාහිත්‍ය සාහිත්‍ය ඇසුරින්ම…

රාජපක්ෂ රෙජීමය සංජීව බණ්ඩාර දුෂ්ඨයා කොට නිදහස් අධ්‍යාපනයේ මළගමට පාරකපයි

රාජපක්ෂ රෙජීමය සංජීව බණ්ඩාර දුෂ්ඨයා කොට නිදහස් අධ්‍යාපනයේ මළගමට පාරකපයි ලක්මාලි හේමචන්ද්‍ර සිතිවිලි මඟින් භාෂාව අපවිත‍්‍ර කළ හැකි නම් භාෂාව මඟින් සිතිවිලි අපවිත‍්‍ර කිරීමටද හැකි වේ. ජෝර්ජ් ඕර්වෙල්, 1984 අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර නීති විරෝධි ඒකරාශි කිරීමකට සහභාගි වීමේ බරපතල වරදට රිමාන්ඞ් භාරයට ගෙන ඇත. ශි‍්‍ර ලංකාවේ ප‍්‍රධාන පෙළේ ඉංගී‍්‍රසි පුවත්පතක මෙම සිද්ධිය ගැන අදහස් දක්වන පාඨකයෝ සංජීව බණ්ඩාරව සදාකාලිකව රිමාන්ඞ් භාරයේ තබන ලෙසට ඉල්ලීම් කරති, නීති විරෝධි ලෙස හැසිරෙන ශිෂ්‍යයන්ව පාලනය කිරීම ගැන රජයට ප‍්‍රශංසා කරති. මහජනතාවගේ මුදල් නාස්ති කිරීම සහ ශිෂ්‍යයන්ගේ අනාගතය විනාශ කිරීම ගැන ඔහුට බැණ වදිති. සංජීවගේ කාර්යය අධ්‍යයනය කිරීම විනා…

මහාචාර්ය ඩී. පී. එම්. වීරක්කොඩි විද්වතාණන්ගේ නික්ම යාම

මහාචාර්ය ඩී. පී. එම්. වීරක්කොඩි විද්වතාණන්ගේ නික්ම යාම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සම්භාව්‍ය භාෂා අධ්‍යයනාංශයේ බටහිර සම්භාව්‍ය සාහිත්‍යය පිළිබඳ සම්මානිත මහාචාර්ය ඩී. පී. එම්. වීරක්කොඩි විද්වතාණන් ගේ අභාවය පිළිබඳ අපගේ බලවත් ශෝකය මෙසේ සටහන් කොට තබමු. මහාචාර්ය වීරක්කොඩි බටහිර සම්භාව්‍ය සාහිත්‍ය යේ වැදගත්ම කෘති ගණනාවක් මුල් ග්‍රීක බසින් සිංහලට පරිවර්තනය කොට පළ කළේය. ඒවා අතර ප්ලේටෝ ගේ ෆීඩෝ, සහ ජනරජය ප්‍රධාන තැනක් ගනී. මහාචාර්ය වීරක්කොඩිගේ ශාස්ත්‍රාලීය සේවාව පිළිබඳ තොරතුරු සඳහා මෙහි බලන්න. ජනරජය පරිවර්තනය පළ කිරීමට ඉදිරිපත්වීම පිළිබඳ සංස්කෘතික කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවට අපගේ කෘතඥතාව පළකළ යුතු අතර එම පළමු මුද්‍රණය මුද්‍රණ දෝශ වලින් ගහණ හෙයින් මහාචාර්ය වීරක්කොඩිට ගේ ශාස්ත්‍රීය මෙහෙවරට කරන…