“නව ලිබරල්වාදයේ දෙවන රැල්ලෙහි සමකාලීන අවධිය තුල ගැබ්ව තිබෙන කේන්ද්‍රීය තේමාව වන්නේ මූල්‍යකරණය සහ නාගරිකකරණයයි. 2009 අගභාගයේ රාජපක්ෂ ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය මුදලක් ලබාගත් අතර ස්වෛරීත්ව බැඳුම්කර පා කොට හැරියේය. කොටස් වෙළඳපොලට ආධාරක සැපයීය. බැංකු ඒකාබද්ධ කිරීම ද ඇතුලත් මූල්‍ය ඒකරාශීකරණ ක‍්‍රියාවලියකට එම පාලනය මුල පිරූ අතර කොළඹ නගරය අලංකරණය වෙත යොමුවිය. බැංකු ඒකාබද්ධ…
'kathika' social, cultural and political review
From කාලීන
2016 අයවැය – භුක්තිය අසන්තක කිරීම මගින් ප‍්‍රාග්ධනය සමුච්ඡනයේ මාර්ග සිතියමක් ලෙස -අහිලන් කදිරගාමර්
අහිලන් කදිරගාමර් මූලික උපාධිය විද්‍යුත් ඉංජිනේරු විද්‍යාව සඳහා ලබාගෙන ආර්ථික විද්‍යාව සඳහා ශාස්ත්‍රපති උපාධියක් ද නිව්යොර්ක් නගර විශ්ව විද්‍යාලයෙන් මානව විද්‍යාව සඳහා දර්ශනපති උපාධිය ද ලබා ගෙන එම විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි පර්යේෂණ වල නියැලේ. යාපනය පදනම් කරගෙන කටයුතු කරන ඔහු ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රජාතන්ත්‍රීකරණය සඳහා සාමූහිකයේ සාමාජිකයෙක් අතර දේශපාලන ආර්ථික විද්‍යාව පිළිබඳ ලිපි ලේඛන…
රජයේ විශ‍්‍රාම වැටුප් යෝජනා ධවල පති‍්‍රකාවක් ලෙස ප‍්‍රකාශයට පත් කරන්න – ලංකා කම්කරු සම්මේලනය
රජයේ විශ‍්‍රාම වැටුප් යෝජනා ධවල පති‍්‍රකාවක් ලෙස ප‍්‍රකාශයට පත්කර වැඩපල මට්ටමේ සංගනනයක් පවත්වනු – ලංකා කම්කරු සම්මේලනය ගරු අගමැතිතුමා 2015 නොවැම්බර් මස 5 වැනිදා පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ මධ්‍ය වාර ආර්ථික ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත් කරන අතරතුර අනෙක් දේ අතර පහත ප්‍රකාශයද කළේය: “ සේවක අර්ථ සාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල සුරක්‍ෂිත කිරීම සඳහා ද අප පියවර…
පුරවැසියා සක්‍රියව දේශපාලනයට නොබැස්සොත් දිනූ දේ නොපවතීවි – ආචාර්ය කුමුදු කුසුම් කුමාර
“මේ පිරිස මම යෝජනා කරන්නේ 1977 ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ යූඇන්පිය විසින් දියත් කරන ලද විවෘත ආර්ථිකය නැමැති නිර්බාධි ආර්ථික වැඩපිළිවෙල යටතේ අර්ධ නාගරිකව සහ නාගරික වශයෙන් විශේෂයෙන් අර්ධ නාගරික පළාත්වලින් නිෂ්පාදනය වන නන්නත්තාර නැතහොත් පාදඩ ධනේෂ්වර පන්තියක් යනුවෙන් හැඳින්විය හැකි පිරිසක්. මේ අය අපේ සමාජය අධිපතිභාවයට ගන්නවා මහින්ද රාජපක්‍ෂගේ ජයග‍්‍රහණය තුළ. ඔවුන්…
“ දෙමළාට දෙමළ වීම නිසාම තිබෙන ප‍්‍රශ්නය” ට පාඨක ප්‍රතිචාරයක් – සනත් විසිනි
“ දෙමළාට දෙමළ වීම නිසාම තිබෙන ප‍්‍රශ්නය” මැයෙන් ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි රාවය පුවත් පතට ලියූ ලිපි පෙළ පොතක් වශයෙන් ප්‍රසිද්ධ කිරීම මුල් කොට ගෙන පැවැත්වූ සම්මන්ත්‍රණයකදී මහාචාර්ය අර්ජුන පරාක්‍රම පළ කළ අදහස් අපි මීට පෙර පළ කළෙමු. ඒ හා සම්බන්ධව සනත් ඉදිරිපත් කළ අදහස් මෙම සාකච්ඡාව පුළුල් කිරීම සඳහා දායක වේ යැයි පෙනී යන…
නායකයන් පතන දේශය අසතුටිනි – කුමුදු කුසුම් කුමාර
වීරයන් පතන දේශය අසතුටින් යැයි බර්ටෝල්ට් බ්‍රෙක්ට් තම කවියක ලීවේය. මෙම අදහස වත්මන් ලංකාවට ගැළපෙන පරිදි සංශෝධනය කොට ‘නායකයන් පතන දේශය අසතුටනි‘ යැයි කියන්නට කැමැත්තෙමි. මන්ද යත්, අගෝස්තු 17 වැනිදා මහ මැතිවරණයෙන් පසු ලංකාවේ දේශපාලන නායකයන් ක්‍රියා කරන ආකාරය පිළිබඳ මහජනයා අතර පැතිරෙමින් පවතින්නේ ‘අපට නායකයන් නැතැ‘ යි යන හැඟීම වන හෙයිනි. අගෝස්තු 17 වැනිදා…

