From කුමුදු කුසුම් කුමාර

ෆින්කල්ක්‍රෝත් ගේ “මනසේ පරාජය” කෘතිය ගැන සාකච්ඡාවකට සටහන් – (5)

ත්‍යාගශීලී පාවාදීම ( GENEROUS BETRAYAL ) නිර්-බටහිරකරණය වූ ලෝකයක් ( A De-Westernized World) අලාන් ෆින්කල්ක්‍රෝත් තම රචනයේ මෙම කොටස යොමු කරන්නේ නාට්සිවාදයේ කටුක අත් දැකීම හමුවේ යළිත් එවැන්නක් සිදු නොවීම සඳහා කටයුතු කිරීමේ අරමුණින් යුනෙස්කෝව පිහිටුවීමේ කටයුත්ත මුල් කොට ගෙන සංස්කෘතිය පිළිබඳ ජගත් කතිකාවට යුනෙස්කෝව පිහිටුවීම හා බැඳුණු සාකච්ඡාව දායක වන ආකාරය විමසීමට ය. එක්සත්…

කේමදාස පශ්චාත් නූතනවාදියෙක් වී ද? – කුමුදු කුසුම් කුමාර

නමුත් කේමදාසයන් සමාජ විවේචනයට නිර්භය වීම ඔහුගේ නුගුණක් ලෙස සැළකිය යුතු නොවේ යැයි සිතමි.කේමදාසයන්ට තමාට අදාළ සංගීතය හෝ සමාජ භාවිතාව ගැන හෝ පොදුවේ සමාජය ගැන හෝ සමාජයේ අවධානය දිනාගන්නා ප්‍රබල මත ඉදිරිපත් කරන්නට හැකිවූයේ තම දෙපා පොළොව මත තිරසාරව ගොඩනැඟුණු ශිල්පීය භාවිතයක් තමාට තිබුණු හෙයිනි. ඔහුගේ මත බාහුල්‍යය නිසා, ඔහු ‘මමයි මිනිහා’යි කියන්නෙකු ලෙස ඇතැමෙකුට…

‘කළ යුත්තේ කුමක් ද?’ – කුමුදු කුසුම් කුමාර

කළ යුත්තේ කුමක් දැයි වමේ සහෝදරවරු අසති. ඔවුන් මේ ප්‍රශ්නය නගන්නේ මෛත්‍රී-චන්ද්‍රිකා-රනිල් ජාතික ආණ්ඩුව සම්බන්ධයෙන් සහ ඉදිරියේදී අප දේශපාලනය කළ යුතු ආකාරය පිළිබඳ ය. ඇතැමුන් දකින පරිදි වම කළ යුත්තේ බලයේ සිටින රජයේ ප්‍රගතිශීලී බලවේග සමග කටයුතු කිරීමය. ජනවාරි 8 දා ව්‍යාපාරයෙන් ප්‍රකාශිත ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂා වෙනුවෙන් තව දුරටත් පෙනී සිටීම මේ මොහොතේ වමේ දේශපාලන කටයුත්ත…

නායකයන් පතන දේශය අසතුටිනි – කුමුදු කුසුම් කුමාර

වීරයන් පතන දේශය අසතුටින් යැයි බර්ටෝල්ට් බ්‍රෙක්ට් තම කවියක ලීවේය. මෙම අදහස වත්මන් ලංකාවට ගැළපෙන පරිදි සංශෝධනය කොට ‘නායකයන් පතන දේශය අසතුටනි‘ යැයි කියන්නට කැමැත්තෙමි. මන්ද යත්, අගෝස්තු 17 වැනිදා මහ මැතිවරණයෙන් පසු ලංකාවේ දේශපාලන නායකයන් ක්‍රියා කරන ආකාරය පිළිබඳ මහජනයා අතර පැතිරෙමින් පවතින්නේ ‘අපට නායකයන් නැතැ‘ යි යන හැඟීම වන හෙයිනි. අගෝස්තු 17 වැනිදා…

නව වාම දේශපාලනයක් සඳහා නව ‍දේශපාලන සංස්කෘතියක් – කුමුදු කුසුම් කුමාර

නව වාම දේශපාලනයක් සඳහා නව ‍දේශපාලන සංස්කෘතියක් – කුමුදු කුසුම් කුමාර  (මෙම ලිපිය මුල් වරට පළ කෙරුණේ හිරු 2002  මාර්තු 15-31 කලාපයෙහි ය. එකල වමේ දේශපාලනය මුහුණ දුන් ගැටලු පිළිබඳ දැක්මක් මෙම ලිපියෙන් හෙළි වෙයි.  මෙහි එන ඇතැම් අදහසක් අදටත් වලංගු විය හැකිය.)    “දේශපාලනය යනු සම්ප්‍රදායෙන් ඇඟවෙන දේ අනුව යාමයි……….. එය සංවාදයකි, වාදයක් නොවේ.” –…

අගෝස්තු 17 මහ මැතිවරණය බලන්, ප්‍රජාතන්ත්‍රවාදයේ අසිරිය ! – කුමුදු කුසුම් කුමාර

අගෝස්තු 17 මහ මැතිවරණය 1977න් පසු පළමු වරට අපගේ පාර්ලිමේන්තු නියෝජන බහුතර ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තීන් මෙන්ම එහි නිශේධනාත්මක පැතිකඩ සහ සීමා ද මැනවින් වටහා ගැනීමේ අවස්ථාවක් උදා කර දී ඇත. අපගේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තීන් ප්‍රකාශයට පත් කෙරෙන ප්‍රධාන පැතිකඩ කිහිපයකි. ජනවාරි 8 දා මෙරට පුරවැසි ප්‍රජාව විවර කරගත් ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය දේශපාලනයට පිවිසෙන සියල්ලන්ට රජයේ පාර්ශ්වයෙන් සම්පූර්ණයෙන්ම…