පොදු අපේක්ෂකයා, නව ලිබරල්වාදය, සහ නිදහස කුමුදු කුසුම් කුමාර අද ලාංකේය ජනයා හමුවේ ඇති හදිසිම සහ වැදගත්ම දේශපාලන අභියෝගය කුමක් ද? එය ජනවාර්ගික යුද්ධයට පෙර සමයේ මෙරට ජනයා භුක්ති විඳිමින් සිටි නමුත් යුද්ධය සමයේ අහිමිව ගිය සහ යුද්ධය අවසන් වීමෙන් පසු ඉතිහාසයේ වඩාත්ම බරපතළ තර්ජනයට මුහුණ දී ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් යලි දිනා ගැනීමට යොමු වීම නොවේද? මෙම අභියෝගය ජය ගැනීමේ ප්‍රධාන උපක්‍රමයක් ලෙසින් රෙජීමයෙන් පිටත දේශපාලන පක්ෂ සහ සිවිල් සමාජ සංවිධාන බොහොමයක් පිළි ගෙන ඇත්තේ පවත්නා විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමේ යෝජනාවයි. 1978ට පෙර මෙරට පැවති, ජනයාගේ ඡන්දයෙන් බලයට පත්වන කොට්ඨාශ මන්ත්‍රීවරුන්ගෙන් සැදුම් ගන්නා පාර්ලිමේන්තුවක බහුතරයේ විශ්වාසය දිනා ගන්නා පක්ෂයක…
'kathika' social, cultural and political review
From කුමුදු කුසුම් කුමාර
“නිර්ප්‍රභූ තැනැත්තියට කතා කළ හැකිද?“ – සුමති ගේ ඉන්ගිරින්දු චිත්‍රපටිය
කුමුදු කුසුම් කුමාර ( ඉන්ගිරින්දු කොළඹ කොටහේන සිනෙවර්ල්ඩ් සිනමා ශාලාවේ ප්‍රදර්ශනය කෙරෙන අවසාන දින කිහිපය යි මේ. දුරකථනය 2330017) දෙමළ වීම නිසාම දෙමළාට ඇති ප්‍රශ්නය කුමක්දැයි නලින් ද සිල්වා අසා ඇති ප්‍රශ්නයට එක් පිළිතුරක් වන චිත්‍රපටියකි සුමති ගේ ඉන්ගිරින්දු. මෙම චිත්‍රපටිය ලාංකේය උඩරට දෙමළ ප්‍රජාව පිළිබඳ වෙයි. උතුරු සහ නැගෙනහිර දෙපළාතේ දෙමළ ජනකොටස් වල දේශපාලන නියෝජිතයන් වශයෙන් ජනතාවගේ ඡන්දයෙන් බලයට පත්ව සිටින ප්‍රභූහු දේශපාලනය සහ ආර්ථික කරුණු මුල් කෙට ගෙන ලංකා රජය සමඟ විවිධ මට්ටමින් කේවල් කරමින් සිටිති. නමුත් කන්ද උඩරට දෙමළ වතු කම්කරු ජනතාවගේ තත්වය කුමක් ද? ඔවුහු නීතියෙන් ලංකාවේ පුරවැසියෝ ය. ඔවුන්ට ඡන්ද බලය තිබේ. ඔවුන් ගේ ඡන්දයෙන්…
විප්ලවවාදීන්ගේ ජාතිය සහ සම්ප්‍රදායවාදීන්ගේ ජාතිය: මානව සංස්කෘතිය සහ ජාතික සංස්කෘතිය
බදාදා සටහන අලාන් ෆින්කල්ක්‍රෝත් ගේ The Defeat of the Mind (මනසේ පරාජය) කෘතිය පිළිබඳ සාකච්ඡාවකට සටහන් – තෙවැනි කොටස ෆින්කල්ක්‍රෝත් ගේ රචනය සාකච්ඡා කරන්නේ මනසේ ජීවිතය මුල්කරගත් සංස්කෘතිය යන අදහස යටපත්කොට ගෙන එදිනෙදා ජීවිතය පදනම කරගත් සියලු දේ සංස්කෘතික ය යන අදහස ජයගැනීමේ සංසිද්ධිය යි. මෙහිදී නූතනත්වය තුළ ප්‍රංශය මුල් කොට ගෙන පැන නැඟුණු ප්‍රබුද්ධත්වයේ කතිකාව මත සංස්කෘතිය පිළිබඳ සංකල්පීකරණය පැණ නැඟෙන අතර ඊට එරෙහිව යමින් ජර්මනිය මුල් කොට ගෙන ජාතිකත්වය සහ ජාතිය පිළිබඳ සංකල්පීකරණය බිහිවීම ෆින්කල්ක්‍රෝත් සාකච්ඡා කරනු අපි මෙම සටහන් මාලාවේ පෙර කොටස් වලදී දුටුවෙමු. පහත ඉදිරිපත් කෙරෙන ඊළඟ කොටසේ කියවිය හැක්කේ ඉහත සිදුවීම් හා සමගාමීව ප්‍රංශය තුළ…
“ අපේ ජාතිය, අපේ සාහිත්‍යය, අපේ භාෂාව ඒවා අපේය, ඒවා අපමය, එපමණක් ප්‍රමාණවත් “
බදාදා සටහන අලාන් ෆින්කල්ක්‍රෝත් ගේ The Defeat of the Mind * (මනසේ පරාජය) කෘතිය පිළිබඳ සාකච්ඡාවකට සටහන් – දෙවැනි කොටස ෆින්කල්ක්‍රෝත් තවදුරටත් මෙසේ කියයි: ජීවගුණය පිළිබඳ අදහස් මුල් බැස ගනියි ජූලියන් බෙන්ඩා 1926 දී The Treason of the Intellectuals (බුද්ධිමතුන්ගේ ද්‍රෝහීත්වය ) නමැති පොත පළ කළේය. එහි විෂය වූයේ “ලොවට අධ්‍යාපනය දෙන්නන් සතු සදාචාර මතියන් හි මහා විපර්යාසයක් ” යන්නයි. යුරෝපීය බුද්ධිමතුන් සාමුහික ආත්මයේ අද්භූත ගැඹුර පිළිබඳ ගනිමින් සිටි උද්යෝගිමත් උනන්දුව පිළිබඳ බෙන්ඩා කනස්සල්ලට පත්වීය. මනසේ කටයුතු කිරීමට තෝරාගනු ලැබූ අය විශ්වීයවාදය ප්‍රතික්ෂේපකරමින් සහ සුවිශේෂතාවන් උත්කර්ෂයට පමුණුවමින්, එක් ජනකායක් වෙනත් එකකින් වෙනස් කළ ගුණාංග කෙරෙහි අවධානය යොමු කරමින් තමන්ගේ ඉපැරණි…
ශ්‍රේෂ්ඨ කෘතීන් නිර්මාණය කිරීමත් බුලත් හැපීමත් දෙකම ‘සංස්කෘතික‘ වීම
බදාදා සටහන ශ්‍රේෂ්ඨ කෘතීන් නිර්මාණය කිරීමත් බුලත් හැපීමත් දෙකම ‘සංස්කෘතික‘ වීම අලාන් ෆින්කල්ක්‍රෝත් ගේ The Defeat of the Mind * (මනසේ පරාජය) කෘතිය පිළිබඳ සාකච්ඡාවකට සටහන් – පළමු කොටස අලාන් ෆින්කල්ක්‍රෝත් තම කෘතිය පාඨකයාට හඳුන්වා දෙන්නේ පහත සඳහන් පරිදි ය. “ ෂොන්-ලුක් ගොඩා (Jean-Luc Godard) ගේ විව්ර ස වි (vivre sa vi, ‘ඇගේම ජීවිතය ජීවත් වීමට‘) නමැති චිත්‍රපටියේ දාර්ශනිකයාගේ චරිතය රඟන බ්‍රයිස් පරේන් ඔහු වඩා උසස් ජීවිතය ලෙසින් ද හඳුන්වන මනසේ ජීවිතය එදිනෙදා ජීවිතය සමඟ සසඳයි. බටහිර ශිෂ්ඨාචාරයේ මූලික ගොඩනැඟුම් ගලක් වන මෙම ධූරාවලීය විශිෂ්ඨභාවය හැමවිටමත් සභංගුර බිමෙක පිහිටා තිබී ඇත. අදටත් මෙය අතිමහත් විවාදයක් අවුස්සාලයි. කෙසේ වුවත් මෑතකදී පක්ෂ…
නූතනත්වය සහ ලාංකීය සමාජ, දේශපාලන කතිකාව – “පශ්චාත්-නූතන තත්ත්වවාදය”- කුමුදු කුසුම් කුමාර
අප පහත පළ කිරීම අරඹන්නේ සුනන්ද දේශප්‍රිය සහ කේ. ඩබ්ලිවු. ජනරංජන සංස්කරණය කළ බලය සඟරාවේ 2002 අගෝස්තු කලාපයෙන් ඇරඹී කොටස් කිහිපයකින් පළ කෙරුණු, කුමුදු කුසුම් කුමාර විසින් රචිත “නූතනත්වය සහ ලාංකීය සමාජ, දේශපාලන කතිකාව“ නමැති දීර්ඝ ලිපියේ “පශ්චාත්-නූතන තත්ත්වවාදය”ට අදාළ කොටස් කිහිපයකි. මෙම ලිපියෙහි ලා ලිබරල්වාදය, මාක්ස්වාදය, ගුණදාස අමරසේකරයන්ගේ ජාතික චින්තනය සහ “පශ්චාත්-නූතන තත්ත්වවාදය” නූතනත්වයට පදනම් වන සංකල්පීකරණයන් මුල් කොට ගෙන ගොඩ නැඟී ඇත්තේ කෙසේදැයි විග්‍රහ කරන්නට උත්සාහයක් ගන්නා ලදී. 2001 ජනවාරි මස ලංඩන් සඟරාවේ පළමු කලාපය නිකුත් කිරීම වෙනුවෙන් එක්ස් කණ්ඩායම පැවැත්වූ රැස්වීමේදී ආරාධිත දේශනය වශයෙන් කුමුදු කුසුම් කුමාර ඉදිරිපත් කළේ මෙම අදහස්ය. ඉතින්, මෙම ලිපි කොටස් කියවා එම…