From ජනවාර්ගිකත්වය

“ අපිට අවශ්‍ය මේ කඳවුරුවල තත්ත්වය දියුණු කිරීම නෙවෙයි. ඒක මහ පව්කාර අදහසක්.”

“ අපිට අවශ්‍ය මේ කඳවුරුවල තත්ත්වය දියුණු කිරීම නෙවෙයි. ඒක මහ පව්කාර අදහසක්.” රාවය පුවත් පතේ අගෝස්තු 02 වැනිදා කලාපය පළ කළ, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක වාසුදේව නානායක්කාර සමග විමලනාත් වීරරත්න කළ සම්මුඛ සාකඡචාවෙන් උපුටා ගන්නා ලදී. “ ඔබ මීට පෙර අවස්ථා කීපයකදීම උතුරේ අවතැන් කඳවුරුවල තත්ත්වය විවේචනය කළා. දැන් තත්ත්වය යහපත් වී තිබෙනවාද? ජලය පිළිබඳ දියුණුවක් තිබෙනවා. එතකොට වැසිකිළි පහසුකම් පිළිබඳවත් යම් දියුණුවක් තිබෙනවා. නමුත් කඳවුරුවල තිබෙන ජනාකීර්ණභාවය, අවහිරතා, බැහැර යෑමට ඒමට නිදහසක් නැති සිරකඳවුරක තත්ත්වය, දිගටම අවම ආහාර මට්ටමකින් ජීවත් වන්නට සිදුවීමේ ඉරණම, අධ්‍යාපනය ලබන දරුවන්ට එම නරක වටාපිටාව තුළ ඉඳගෙන ඉගෙන ගන්නට සිදුවීමේ ඇති දුෂ්කර අත්දැකීම තවම අවසන්…

“ මනුෂ්‍යත්වය, මානුෂික හැඟීම් හා මතවාදය රැක ගනිමුද? විසිකරමුද?”

මඩෙහි එරී, කවදා වෙනතෙක්ද? ඊයේ ගත් මෙම ඡායාරූපය මැණික් ෆාම් කඳවුර වැසි ජලය‍ට ය‍ටවී එහි කූඩාරම් බොහෝ දුරට වාසයට නුසුදුසු බවට පත්කොට ඇති අයුරු පෙන්නුම් කරයි. අභ්‍යන්තරව අවතැන් වූවන් 1000 ක් පමණ “විකල්ප වාසස්ථාන” කරා ගෙන ගිය නමුදු සෙසු ජනයාට වගුරු බිමෙහි මඩ ගොහොරුවෙහි තව දුරටත්රැඳී සිටින්නට සිදුවීය. 2009 අ‌ගෝස්තු මස 16 වැනිදා Lakbima News පුවත් පතේ මුල් පිටුවෙනි. වැඩි විස්තර සඳහා මෙහි බලන්න. තවත් ඡායාරූප transcurrents වෙබ් අඩවියෙන්