එසේ ස්වයංසිද්ධ අනන්‍යතාවය යථාර්ථයක් වූ හෙයින් බෞද්ධ ඉතිහාසයේ විටින් විට දකුණු ඉන්දියාවෙන් පැමිණියවුන්, ඔවුන්ගේ දෙවිවරුන්, යාතුකර්ම, භාෂාව හා පාඨ ග්‍රන්‍ථ බෞද්ධභාවයට පත් කර ගැනීමක් හෙවත් සාසනකරණයක් [“naturalization” “ජාති ප්‍රවේශනය” ] කරගනු [a continual අඛණ්ඩව] දැක්ක හැකිය. දිගු කාලීන ඉතිහාස දෘෂ්ටියෙන් බැලූ කල බොහෝ සිංහලයෝ මෙසේ ස්වභාවීකරණය වූ දකුණු ඉන්දීය සංක්‍රමණිකයෝ වෙත්. මේ සාසනකරණය සිංහල බහුතරය වෙසෙන පෙදෙස්වල පහසු වූයේ සංක්‍රමණිකයන් ඊට ප්‍රතිරෝධයක් නොපෑ බැවිනි. ඒ ආකාරයෙන්ම යාපනේ අර්ධද්වීපයෙහි අඩුම තරමින් 15 වන සියවසට පසු කේරළ හා දමිළ ජනයා විසින් ආධිපත්‍ය දරන ලද හෙයින් එහි කලින් සිටි සිංහල භාෂකයන් අරභයා ද සිදු කෙරෙන්නට ඇත. “සිංහල බෞද්ධ” නම් සංස්කෘතික අනන්‍යතාව යනු විවිධාකාර…
'kathika' social, cultural and political review
From ජනවාර්ගිකත්වය
අනන්‍යතාව හීලෑකර ගැනීම: මහියංගනයේ සාමූහික නිරූපණ – “බුදුසමය, ජනවාර්ගිකත්වය හා අනන්‍යතාව: බෞද්ධ ගැටළුවක්“ – තෙවැනි කොටස – මහාචාර්ය ගණනාථ ඔබේසේකර
අපි මෙහිදී ආරම්භක පුරාණ කථාවේ එන වැද්දන්ගේ ප්‍රභව ප්‍රවෘත්තිය දෙසට හැරෙමු. ඒ අනුව වැදි ජනයා විජයගේ හා කුවේණියගේ දරුවන්ගෙන් පැවත එන්නෝය. ඒ අනුව [ විජය මගින් through Vijaya] සිංහලයන් හා ඥාතිත්වයක් ඇතත් [විජය කුවේණි විවාහ කොට ගෙන එම විවාහයෙන් ලද දරුවන් දෙදෙන Vijaya married Kuveni and …… his two children by that marriage] වනයට පිටුවහල් කරන ලදුව දඩයමින්, එනම් [ඉතා] අබෞද්ධ වූ දිවිපෙවෙතකින් ඔවුන් වෙසෙන නිසා දෙපිරිස එකිනෙකාගෙන් ඈත් වෙති. [සහෝදරයා සහ සහෝදරිය අතර ඇතිවූ මෙම සංගමයෙන් “පුලින්දන්“ (“දඩයක්කරුවන්“, එනම්, වැද්දන්) පැණ නැඟුණු බව අපි දුටුවෙමු. We noted that out of this union of brother and sister sprang the Pulindas…
නූතන සංකල්ප භාවිතයෙන් තොරව බෞද්ධ “කුමක් හෝ” සංකල්පනය කර ගැනීම
අප ඉහත “කුමක් හෝ” (whatever) යනුවෙන් නම් නොකර සිටි දෙය හඳුනා ගැන්මට ආවශ්‍යක වන්දනා ගමන උපකාරී වේ. එය නම් “සාසනය” යන්නයි. සිංහල භාෂාවේ ඉංග්‍රීසි “nation” යන්නට සමාන වචනයක් නැත. එහි තැන සිංහලයේ ගැනෙන්නේ “සාසනය” යන්න විසිනි. බෞද්ධ සම්ප්‍රදාය තුළ සාසනය යනු ජන වාර්ගික හා අන්‍ය සීමා අභික්‍රමණය කරන විශ්වව්‍යාපී බෞද්ධ සමාජයය. ඒ සමඟ සාසනය යන්න බුදුන් විසින් ශුද්ධ භූමියක් බවට පත් කරන ලද දේශයේ භූගෝළීය සීමා තුළ පිහිටුවා ඇති බෞද්ධාගමික ආයතනය ද වේ. මෙසේ සාසනය යන්න අරුත් දෙකකින් යෙදේ. එහෙයින් ශ්‍රී ලංකාවේ සාසනය හෝ හුදෙක් සාසනය යන නම අපගේ විමර්ශනය සඳහා එම සුවිශේෂ අරුතින් යොදා ගත හැකිය. සුවිශේෂ අර්ථයෙන් ගත්…
බුදුසමය, ජනවාර්ගිකත්වය හා අනන්‍යතාව: බෞද්ධ ගැටළුවක්
මහාචාර්ය ගණනාථ ඔබේසේකර පරිවර්තනය: මහාචාර්ය කේ. එන්. ඕ. ධර්මදාස මහාචාර්ය ගනනාථ ඔබේසේකර ලංකාව විසින් බිහි කල විශිෂ්ටම මානව විද්‍යාඥයාය. ඔහු උපත ලැබුවේ මතුගම දර්ගා නගරයේ මීගමය. ඔහුගේ පියා ඩී. ඩී. ඔබේසේකර දේශීය වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්යවරයෙක් වූ අතර අනගාරික ධර්මපාල තුමාගේ අනුගාමිකයෙක් විය. 1955 දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ඉංග්‍රීසි සඳහා මූලික උපාධිය ලබාගත් ඔහු වරක් ඔහුගේම උසස් අධ්‍යාපනය ගැන පැවසූයේ වාමාංශිකයන් පවා ඔක්ස්ෆර්ඩ් යෑමට පසු නොබෑ යුගයක තමා තුළ වූ යටත් විජිත විරෝධය නිසා ඔක්ස්ෆර්ඩ් සහ ලන්ඩන් සඳහා ලැබුන ශිෂ්‍යත්ව කිහිපයක්ම ප්‍රතික්ෂේප කල බවය.ගනනාථ ඔබේසේකර ඔහුගේ ශාස්ත්‍රපති සහ ආචාර්ය උපාධි(1964) ලබා ගත්තේ වොෂින්ටන් විශ්ව විද්‍යාලයෙන් වන අතර පේරාදෙණිය ලංකා විශ්ව විද්‍යාලයේ…
උතුරේ ධීවර කර්මාන්තයත් සිංහල ධීවරයින්ට දෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදයක්
උතුරු නැගෙනහිර ජනතාවගේ දෛනික ජීවිතයට අවශ්‍ය මූලික කාරණා කිසිවක්ම ඔවුන් ගේ ඕනෑ එපාකම් මත තීන්දු නොවෙන බව, ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර එම්. ඒ. සුමන්තිරන් විසින් පාර්ලිමේන්තුවෙහි සභාගත කළ උතුරු නැගෙනහිර පවත්නා තත්ත්වය පැහිදිලි කරන, ඔහුගේ දෙවන වාර්තාවෙන් පෙන්වා දෙයි. එහි සඳහන් අයුරු, ධීවර කර්මාන්තයට ආණ්ඩුවේ කියුම් කෙරුම් නොතකා, හමුදාව විසින් තවමත් සීමා තහංචි පනවන අතර, ඇතැම් ප‍්‍රදේශයන් හි දෙමළ ධීවර ජනතාව ඉවත් කර, එම ප‍්‍රදේශයන් හි ධීවර කටයුතු සඳහා දකුණේ සිංහල ධීවරයින් පදිංචි කර ඇත. කුච්චවේලිහි ආරම්භ කර ඇති රයිගම් ලූනු කර්මාන්තය සම්බන්ධයෙන් 2009 අග දී ද්‍රවිඩ ජාතික සන්ධානයේ ආර්. සම්පන්දන් මන්තී‍්‍ර විසින් ඊට එරෙහිව ජනාධිපතිට හා ආර්ථික සංවර්ධන…
උතුරු – නැගෙනහිර: බරපතළ කනස්සල්ලට හේතුවන කාරණා සමූහයක්
උතුරු-නැගෙනහිර ජනතාවත් ඔවුන් ගේ ආත්ම ගරුත්වය හා නිදහස් පැවැත්ම ගැනත් දකුණේ සිංහල සමාජය කතා කරන්නේ, ඒ සියල්ල දැන් මේ ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදය පරාජය කිරීමෙන් නිවැරදි කර ඇත යන, සිංහලවාදී අභිමානයෙනි. ආණ්ඩුව කියන ආකාරයට දැන් එහි ගොඩ නැගෙන්නේ සුර පුරයකි. ‘‘නැගෙනහිර උදානය’’ හා ‘‘උතුරු වසන්තය’’ සමගින් ඒ පළාත් වල සංවර්ධනය දැන් දෝරේ ගලන්නේ ය. දකුණ පිළිගන්නට වඩා කැමති, එවැනි කතා ය. එහෙත් සැබෑව එය නොවේ යැයි කියන්නට එහි යන එන කොළඹ ඉහළ සමාජයේ ඉන්නා රාජ්‍ය නොවන විශේෂඥයෝ ද, ස්වාධීන යැයි කියා ගන්නා රාජ්‍ය නොවන මාධ්‍ය ලොක්කෝ ද ඉදිරිපත් නොවෙති. එබැවින් සිංහල සමාජයේ යටත් වැසියන් පමණක් නොව, පුරවැසියන් ද උතුරේ සහ…