From දේශපාලනය

ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50’ – පස්වැනි ලිපිය:දාස් කැපිටාල් 

Globe and Mail, March 1, 2008 ‍දාස් කැපිටාල් : ප්‍රාග්ධනයේ දරුනු අපරාධ ෆ්‍රැන්සිස් වීන් පරිවර්තනය: දිමුතු සමන් වෙත්තසිංහ PDF මාදිලියෙන් කියවන්න Download PDF “දාස් කැපිටාල් අප සියල්ලෝ කියවා ඇති අතර සියල්ලෝ කියවනවාම යැයි නොකිවමනා බව” ප්‍රංශ න්‍යායවේදී ලුවී අලුතුසර් ලිවීය. [ එය ] අප කියවා නැති අතර අප කියවන්නේද නැති බව නොකිවමනාය. අදාල විෂය පිළිබඳව…

තම දේශයට ආදරය කළ, ඇෆ්ඝනිස්ථානු ජාතියක් වෙනුවෙන් අරගල කළ, විප්ලවවාදිනිය මීනා

මීනා දිදුලන ඇෆ්ඝන් තරුව ඇෆ්ඝන් ස්ත්‍රීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් දිවි පිදූ වීරවරියකගේ සත්‍ය කථාව කර්තෘ : මෙලඩි එමර්චයිල්ඩ් චාවිස් පෙරවදන : ඇලිස් වෝකර් පරිවර්තනය : ප්‍රභා මනුරත්න 2008 , සේතුක ප්‍රකාශකයෝ, කැළණිය. රු. 395/- මීනා: චරිතාපදානය මීනා, එනමින් යුතු සුන්දර තරුණ ඇෆ්ඝනු ස්ත්‍රියගේ චරිතාපදානය යි, ජීවන ආඛ්‍යානය යි; අපගේ පරිකල්පනාව අවදි කරන, බහුවිධ අරුත් මතු කරන සාරවත් කෘතියකි. එය මීනා‍ ගේ ජීවිතය පිළිබඳ, ඇය ඇසුරු කළ, ඇසූ-දුටු අයගේ ආඛ්‍යානයන්, අර්ථකථනයන් කර්තෘවරිය වන මෙලඩි එර්මාචයිල්ඩ් චාවිස් (Melody Ermachild Chavis) ගේ දෘෂ්ඨියෙන් කියැවීමක් විශ්වශනීය ලෙස ඉදිරිපත් කරන හෙයින් සත්‍ය කතාවක් වෙයි. මීනා සිංහල අනුවර්තනය, එහි ඉංග්‍රීසි මුල් කෘතිය මෙන්ම අභිරුචියෙන් කියවා ගෙන යා…

“9/11 හිදී පශ්චාත් නූතන තත්ත්වයට එහි අනිටු විපාකය හමු විය”

ටීනා බිඇටී (Tina Beattie) Opendemocracy.net වෙබ් අඩවියට “The end of postmodernism The “new atheists” and democracy යනුවෙන් ලියූ ලිපියක (මෙහි බලන්න මුළු ලිපිය සඳහා) පසුධනවාදී තත්ත්වයක් තුළ ඓහිකවාදය, විද්‍යාව, හේතුවාදය සහ ආගම අතර ඇති ගැටුම පිළිබඳ විග්‍රහයක් සම්පාදනය කරයි. මෙම ගැටුම පිළිබඳ සාකච්ඡාව ලාංකේය රාජ්‍යය ඓහිකකරණය (secularization) කිරීම සඳහා කෙරෙන ඉල්ලීමට ද සම්බන්ධ නමුදු, බටහිර සමාජය ආමන්ත්‍රණය කරමින් ලියැවී ඇති මෙම ලිපියෙන් ඇතැම් තැනෙක සංක්ෂිප්ත කරමින් අනුවර්තනයෙන් අප පහත ගෙන හැර දක්වන්නේ වත්මනෙහි ලංකාවේ ආගම සහ පශ්චාත් නූතනවාදය පිළිබඳව අප අතර ප්‍රචලිතව පවත්නා අදහස් පිළිබඳව සිතා බැලීමට අපට අනුබල දෙන අදහස් කිහිපයක් පමණි. අප මෙම අදහස් උපුටා දක්වන්නේ ඇගේ ලිපියේ…

විමංසක පර්ෂදය, විලාසිතාව, ඖචිත්‍යය සහ සංවරය

විමංසක පර්ෂදය, විලාසිතාව, ඖචිත්‍යය සහ සංවරය අපගේ පාඨකයෙකු අප වෙත එවූ ඉහත ඡායාරූපයේ දැක්වෙන පෝස්ටරය කැළණිය විශ්ව විද්‍යාල භූමියේ ප්‍රදර්ශණය කෙරුණකි. (විමංසක පර්ෂදය කැළණිය විශ්ව විද්‍යාලයයේ ලියා පදිංචි ශිෂ්‍ය සංගමයක් බව එහි ජ්‍යෙෂ්ඨ භාණ්ඩාගාරික මහාචාර්ය නලින් ද සිල්වා මෙම පෝස්ටරය පිළිබඳ The Island පුවත් පතට ලිපියක් ලියමින් සඳහන් කොට තිබුණි. බලන්න Cultural Pentagon, The island, Midweek Review 2008/02/13 අපගේ මෙම ලිපිය මහාචාර්ය නලින් ද සිල්වා ගේ ඉහත ලිපිය පළවීමට පෙර ලියැවුණකි.) විමංසක පර්ෂදය (විප) මෙම පෝස්ටරයෙන් ප්‍රකට කරන්නේ ලොව පුරා, බොහෝ කොට නව-යවුවනියන්, තරුණියන් අතර ප්‍රචලිතව ඇති ඇඳුම් විලාසිතාවක් වන ඉණෙන් පහළට ඇඳුම් ඇඳීම (hipster) සරසවි සිසුවියන් අතර ද පැතිරී…

උසස් විචාරයේ පදනම වන රසඥතාව දේශපාලන කාරණාවකි‍‍

උසස් විචාරයේ පදනම වන රසඥතාව දේශපාලන කාරණාවකි‍‍ – ලියනගේ අමරකීර්ති ගේ ‘සිළුමිණ’ ලිපියේ එන අදහස් වලට ‘කතිකා’ අධ්‍යයන කවයේ ප්‍රතිචාරය “අප සත්‍යයෙන් ඉවත ඉබාගාතේ ගෙන යාමට ඉඩ ඇති වුවත්, ප්ලේටෝගේ ඇසුර හා ඔහුගේ සිතුවිලිවල ඇසුර තෝරාගැන්ම රසඥතාව පිළිබඳ කරුණකි.” – සිසෙරෝ අපගේ සාහිත්‍ය – කලා විචාරයේ වත්මන් අහේනිය පිළිබඳව ‘කතිකා’ අධ්‍යයන කවය මතු කළ ‘අපට උසස් විචාරයක් නැත්තේ මන්ද?’ (බලන්න, පහත ) යන ප්‍රශ්නයට ලියනගේ අමරකීර්ති ප්‍රතිචාරයක් දක්වා ඇත. අමරකීර්තිගේ මෙම ලිපිය (මෙතැන කියවන්න:“සිළුමිණ” ) අප මතුකළ මාතෘකාව සංවර්ධනය කිරීමට කළ සාධනීය මැදිහත්වීමක් ලෙස අප දකිමු. පා(ග්)ලියා අප ඉහත සඳහන් ප්‍රශ්නය මතු කළේ, අමෙරිකාවේ සුප්‍රසිද්ධ සාහිත්‍ය-කලා විචාරිකාවක වන කැමිලා පා(ග්)ලියා…

‘සංවර්ධනය’ සහ දේශපාලනය, සහ ‘වත්මන් සමාජ අර්බුදය’: මිථ්‍යාදෘෂ්ඨික විග්‍රහයකට සටහනක්

සංවර්ධනය’ සහ දේශපාලනය, සහ ‘වත්මන් සමාජ අර්බුදය’: මිථ්‍යාදෘෂ්ඨික විග්‍රහයකට සටහනක් “ශ්‍රී ලංකාවට සංවර්ධනය සදහා අති මහත් ශක්‍යතාවක් තිබේ. නමුත් කුණුවී ගිය දේශපාලන ක්‍රමයක් විසින් රට ඉදිරියට යා නොදී අල්ලා ගෙන සිටිතැ”යි ලංකාවට පැමිණ එක්සත් ජාතීන්ගේ නිලධාරියෙකු කී අදහසක් පදනම් කරගෙන කෙරුණු සාකච්ඡාවක් මෑතදී පුවත් පතක පළවී තිබිණි. ඉහත කී අදහසින් බාරගන්නා දෙයක් වන්නේ ‘සංවර්ධනය’ යනුවෙන් දෙයක් ඇත යන්න සහ අපට ‘නිවැරදි දේශපාලන ක්‍රමය’ තිබේ නම් අපට සංවර්ධනය ලැබෙනු ඇත, යන්නයි. ලෝකය ‘සංවර්ධනය’ කළ හැකිය, සහ අපට අවශ්‍ය නම් ‘නිවැරදි දේශපාලන ක්‍රමය’ අපට ඇතිකර ගත හැකිය යනුවෙන් පළවෙන මේ අදහස් දෙකම බැලූ බැල්මට සත්‍ය සේ පෙනෙයි. මේ අදහස් දෙකම, එබඳු ‘සත්‍යයන්ට’…