අපගේ එදිනෙදා ජීවිතය පිටුපස සැඟවුණු අනතුර අප අතර සැරි සරන ඇදහිලි කල්ලි මාග්‍රට් තේලර් සිංගර් – යන්යා ලාලිච් පෙරවදන රොබට් ජේ ලිෆ්ටන් පරිවර්තනය ප්‍රභා මනුරත්න, කසුන් සේනානායක, නිශාන්ත කුලරත්න, බුද්ධික බණ්ඩාර සේතුක ප්‍රකාශකයෝ 2/5 ඒ, ඩී.ජේ. විජේසිරිවර්ධන මාවත, ගල්කිස්ස sethukapublishers@gmail.com 2009 මිල රුපියල් 795/= ISBN 978 955 1895 03 7 ” මනෝ චිකිත්සක කව, ධනාත්මක චින්තන සමාජ, භාවනා පංති, සටන් කලා පුහුණු කේන්ද්‍ර, විශ්ව විද්‍යාල ක්‍රියාකාරකම් සහ දේශපාලන සංවිධාන ලෙස වෙස් වලාගත්, බැලූ බැල්මට නීත්‍යානුකූල ව්‍යාපාරයන් ලෙස පෙනෙන ඇදහිලි කල්ලි කොපමණ ඇද්දැයි ඔබ දන්නවාද?” “පිදුම – උත්තරීතර සමාජයක් පිළිබඳ පාර්ථනා හදවතේ පොදි කරගෙන කණ්ඩායම්ගත දේශපාලනයන්ට පිවිස, එහිම අතාර්කික අන්තයන් තුළ…
'kathika' social, cultural and political review
From දේශපාලනය
රාජ්‍ය නොවන සංවිධාන ජන පැලැන්තිය හා සමාජ ව්‍යාපාර
රාජ්‍ය නොවන සංවිධාන ජන පැලැන්තිය හා සමාජ ව්‍යාපාර Colours of Ceylonism නිදහසින් පසුව යටත්විජිත රටවල් වල උවමනා ආකාරයට ලංකාවේ සියල්ල සකස් කර ඔවුන්ට ගැලපෙන අපට නොගැලපෙන පාලක පන්තියකට රට බාර දී ගියහ. මෙම පාලක පන්තිය පෙර රදල හෙවත් අධිරාජ්‍යවාදීන්ට උදව් කල සිංහල දෙමළ හා මුස්ලිම් ජාතිකත්වයෙන් හෙබි විය. කාලානුරූපව සකස් වූ මෙම මධ්‍යම පන්තිය විසින් රටේ බලතල බාරගන්නා ලදී. මෙම බාරගැනීම සාර්ථකව සිදු වුවද පාලනය කිරීම සිදු කරන ලද්දේ අසාර්ථකවය. එම නිසා අධිරාජ්‍යවාදයට භාවිතා කල නොහැති ආකාරයට ඔුවුන් විසින් සකස් කරන ලද ව්‍යුහයන් ජරාජීර්ණ විය. පාර්ලිමේන්තුව, අධිකරණය, රාජ්‍ය යාන්ත‍්‍රණය මෙම ව්‍යුහ අතර කැපීපෙනෙන අක‍්‍රමිකතාවයන් සිදු කරන ලද ආයතනය බවට පත්විය.…
ජනවාර්ගික සබඳතා
“ මනුෂ්‍යත්වය, මානුෂික හැඟීම් හා මතවාදය රැක ගනිමුද? විසිකරමුද?” වාසුදේව නානායක්කාර නායකත්වය දරන ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ පළකරන ‘ශක්තිය’ පුවත් පතේ 2009 ජූලි කලාපයේ කතුවැකියෙන් උපුටා ගැණුනි. “ඉතිහාසයේ කරුණු කාරණා පෙළ ගැසුණු ආකාරය අනුව එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජය කරන තුරු යුද්ධයක් කරගෙන යාමට රජයට සිදුවීම නොවැලැක්විය හැකි සිද්ධි දාමයක් විය. එය දෙමළ ජනතාවට එරෙහිවූ යුද්ධයක් නොවන බවට රජය සපථ කලේය. එහෙත් යුද්ධය පැවති කාලය මුළුල්ලේම හානියට, විපතට හා ව්‍යසනයට පත්වූ විශාල වැඩි පිරිස සටන්කරුවන් නොවූ සාමාන්‍ය දෙමළ වැසියන්ම විය. අවසානයේ පරාජයට හා විනාශයට පත් කලේ බෙදුම්වාදී හා ත්‍රස්තවාදී නායකත්වය ඇතුළු එල්.ටී.ටී.ඊ. යේ සටන් බල ඇනි වුවද, නොවැලැක්විය හැකි ලෙස ඒ අතරතුර මහල්ලන්,…
“ මනුෂ්‍යත්වය, මානුෂික හැඟීම් හා මතවාදය රැක ගනිමුද? විසිකරමුද?”
“මෙම අවතැන් කඳවුරු වල දොරටු එක දවසකට හෝ විවෘත කළ හොත් එකම පුද්ගලයෙක් හෝ එහි රැඳී නොසිටින බව ඔබට දැක ගත හැක. ” වාසුදේව නානායක්කාර නායකත්වය දරන ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ පළකරන ‘ශක්තිය’ පුවත් පතේ 2009 අගෝස්තු කලාපයෙන් උපුටා ගන්නා ලදී. ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ සභාපති වී. ආනන්දසංගරී මහතා විසින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත යවන ලද විවෘත සංදේශය. 05.07.09 අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමනි, අභ්‍යන්තරව අවතැන් වූවන්ගේ ශෝකජනක තත්වය. මේ රටේ අභිමානය හා ගරුත්වය පවත්වා ගත යුතු නම් මෙම අවස්ථාවේදී ඔබගේ මැදිහත් වීම අවශ්‍ය බව අවබෝධ කරවීම සඳහා මා මෙම ලිපිය ලියන්නේ බලවත් සිත් තැවුලෙනි. රටේ විශ්වසනීයත්වය රඳා පවතින්නේ සමහර…
ගාන්ධි පසුපස ගාන්ධි
ඡායාරූපය මුකේෂ් පර්පියානි අනුවර්තනය: විදුර ප්‍රභාත් මුණසිංහ ගාන්ධි වූ කලී යටත් විජිත සමයේ ආසියාවෙන් බටහිර නූතනත්වයට එල්ල වූ බරපතලම අභියෝගය යැයි කිවහැකිය. එහෙයින් ගාන්ධි ගේ ප්‍රතිරූපය ලොව දේශපාලන ප්‍රචණ්ඩත්වය පවත්නා සියළු තන්හි ජනයාගේ පරිකල්පනය තුළ නැවත නැවතත් ජීවමාන වනු දැකිය හැකිය. ලංකාවේ ද ගාන්ධි පිළිබඳ උනන්දුවක් විශේෂයෙන්ම පසුගිය යුද සමයේ අවදි වනු දක්නට ලැබුණි. ඉන්දියාවේ නම් ගාන්ධි හැමදාමත් ජීවමානය. ඒ ගාන්ධි ප්‍රභූ පවුලේ අතින් නොගිලිහෙන ජාතික දේශපාලන නායකත්වය නිසා ම නොවේ. ගාන්ධි ගේ ප්‍රතිරූපය කොතරම් සරු අරුත් දනවන්නේදැයි කියතහොත් ගාන්ධි ඉන්දියාවේ නම් විවිධ දේශපාලන අපේක්ෂා තුළ විවිධ වෙසින් ජීවමාන වන බව අෂීස් නන්දි ගේ අර්ථ විවරණයයි. ඔහු එබඳු ගාන්ධිවරු හතර…
ජනවාර්ගික සබඳතා
” ඔබ ඔවුන් ඔබ ට කරනු ඇතැයි අපේක්ෂා කරන පරිද්දෙන්ම, අන් අයට ද කරන්න ” ” මා සිතන්නේ, මෙබඳු කටයුතු වලදී අනුගමනය කළ හැකි, පුරුද්දෙන් ඇතිකර ගත්, ප්‍රත්‍යක්ෂ ක්‍රමයක් නම් “ ඔබ ඔවුන් ඔබ ට කරනු ඇතැයි අපේක්ෂා කරන පරිද්දෙන්ම, අන් අයට ද කරන්න” සහ ඔවුන් ඔබ ට කරනු ඇතැයි ඔබ අපේක්ෂා නොකරනු ඇති යමක් අන් අයට නොකරන්න. බාගවිට, මෙබඳු විවාදාපන්න මාතෘකා පිළිබඳ ලියන කුමන හෝ ලේඛකයෙකු “ මගේ අත්තම්මා ඒ ඇතුළේ සිටියා නම් මොකද වෙන්නේ? එය මගේ පර්යාලෝකය වෙනස් කරනු ඇත්ද?” යන ප්‍රශ්නය ඇසිය යුතුය. ” දයාන් ජයතිලක මෙසේ මතක් කළේ කුමන කරුණක් අරභයා ද? මෙහි බලන්න