2010 ජනාධිපතිවරණය: ජාතිකවාදයද නැතහොත් ලිබරල්වාදයද? දෙකම! – ‘කතිකා’ අධ්‍යයන කවය විසිනි PDF මාදිලියෙන් කියවන්න මෙතැන Download PDF here 2010 ජනාධිපතිවරණය, ලංකාව එහි අනාගත ගමන් මග සම්බන්ධයෙන් අතිශයින් තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ ඇති බව සළකුණු කරන්නේය යන්න අපගේ අදහසයි. මේ බව මෙරට මහජනයාද වටහා ගෙන ඇති බව ජනාධිපතිවරණය පිළිබඳ ඔවුන් දක්වන දැඩි උනන්දුවෙන් පෙනී යයි. ලාංකේය මහජනයා ජනාධිපතිවරණයේ ප්‍රධාන දෙපිළ අතර උග්‍ර ලෙස දෙකට බෙදෙමින් සිටිති. ජනාධිපතිවරණයේ ප්‍රධාන දෙපිළ අතර අපට දැකිය හැකි උග්‍ර ගැටුම ජාතිකවාදය සහ ලිබරල්වාදය යන ප්‍රතිවිරුද්ධ ලෙසින් වටහා ගැනෙන කතිකාවන් දෙකත්, ඒ මත ගොඩනැගුණු විශ්වාස පද්ධතීන් සහ ස්ථාපිතවී ඇති ජීවන ආකාරයන් පදනම් කොට ගත්තකි. මෙම ජනාධිපතිවරණය පැහැදිලිව…
'kathika' social, cultural and political review
From දේශපාලනය
ආදරණීය කෙලී සහ අනෙකුත් සහෝදරවරුනි, “වියවුල” හැම විටම ප්‍රගතිශීලී ප්‍රථිඵල ගෙන නොදෙනු ඇති බව අමතක නොකරන්න
ආදරණීය කෙලී සහ අනෙකුත් සහෝදරවරුනි, “වියවුල” හැම විටම ප්‍රගතිශීලී ප්‍රථිඵල ගෙන නොදෙනු ඇති බව අමතක නොකරන්න නිර්මාල් රංජිත් දේවසිරි විසිනි අතිශයින් භයානක නැඹුරුව වන්නේ සරත් ෆොන්සේකා ගේ ජයග්‍රහණය සඳහා වන මහජන ඉල්ලුම එන්නේ, ප්‍රජාතන්ත්‍රවාදී විපර්යාසයක් සඳහා අතිශයින් අනතුරුදායක වන, “දූෂණයෙන් තොර විනයගත සමාජයක්” සඳහා වන අවශ්‍යතාව දෙසිනි යන කරුණයි. දූෂණ-විරෝධී සටන් පාඨය නිවැරදි ය. නමුත් ජනතාවාදී දූෂණ-විරෝධී ආකල්පය ප්‍රබල ප්‍රජාතන්ත්‍ර- විරෝධී සහ ඒකාධිපතිවාදී මනෝභාවයක් ද කැටුව එයි.
ගෝඩෝ එනකන්? සංකජය නානායක්කාර
ගෝඩෝ එනකන්? සංකජය නානායක්කාර අප දැන් සිටින්නේ ජනාධිපතිවරණයක මුව අග ය. එබැවින් මෙය ජනප්‍රිය දේශපාලනයේ සමය යි. මෙම කාලය තුළ ජනවාර්ගික ගැටලුව මඟහැර සිටීම කළ හැකි හොඳම දෙය වේ. වඩාත් භයානක දෙය නම් ඉතිහාසයේ නොයෙක්වර ශෝචනීය ලෙස සිදුවූ පරිදි, බහුතර සිංහල ජනතාවගේ සැක සංකා දඩමීමා කරගෙන අන්තවාදී බලවේග අවුළුවන ජාතිවාදී ඝෝෂාවය. කොටින්ට එරෙහිව ලැබූ යුද ජයග්‍රහනය ජනාධිපතිවරණයේ ප්‍රධාන තේමාව බවට පත්වීම නොවැළැක්විය හැකි කරුණකි. ජනාධිපතිවරණය කලින් පවත්වන්නේත්, ජනරාල් ෆොන්සේකා විපක්ෂ පොදු අපේක්ෂකයෙකු ලෙස මතුවන්නේත්, යුද ජයග්‍රහනයෙන් දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ කරන නිසාය.
පශ්චාත් නූතනවාදය මොකාටද එන්නේ? අවසන් කොටස අර්ජුන පරාක්‍රම
“පශ්චාත් නූතනවාදයමත් මහා ආඛ්‍යානයක්” පශ්චාත් නූතනවාදය මොකාටද එන්නේ? අවසන් කොටස අර්ජුන පරාක්‍රම ” මූලික මහා ආඛ්‍යාන ( meta narratives) නැහැයි කියලා පශ්චාත් නූතනවාදීන් කියනවා ඇත්ත වශයෙන්ම ඔවුන්ගේ මෙම විග්‍රහයන් තුළින් තවත් දැවැන්ත ආඛ්‍යානයක් ගොඩනැගෙනවා. මා මුලින් පෙන්නුම් කළා පශ්චාත් නූතනවාදී කියන එකේ විවිධ දේවල්, විෂම දේවල්, එක්තරා යුගයකට එක්තරා ප්‍රදේශයකට විශේෂිත වූ දෙවල් තියෙනවා. නමුත් මෙයින් හැමෝම පිට පටවන්නේ මහා විශාල ආඛ්‍යානයක්.” අප පහත පළකරන්නේ ජනවාර්ගික අධ්‍යයනය සදහා වන ජාත්‍යන්තර කේන්ද්‍රයේ 1995 පැවති සමාජ න්‍යාය පිළිබද සම්මන්ත්‍රණ මාලාවේ අගෝස්තු 26 වන දින, “පශ්චාත් නූතනවාදය මොකාටද එන්නේ?” යන තේමාව යටතේ ආචාර්ය අර්ජුන පරාක්‍රම විසින් පැවැත් වූ දේශනයෙන් සකස් කළ ලිපියකින්…
මහජන ජීවිතය හා පෞද්ගලික ජීවිතය අතර පරතරය: නිදහස, ධනවාදය, සහ පුරාතන ග්‍රීක ජනරජය
මහජන ජීවිතය හා පෞද්ගලික ජීවිතය අතර පරතරය: නිදහස, ධනවාදය, සහ පුරාතන ග්‍රීක ජනරජය ධනවාදී සමාජයේ ඇති නිදහස හැමවිටමත් පුරාතන ග්‍රීක ජනරජයන්හි මෙන් වහල් හිමියන් උදෙසා වන නිදහස හා සමව පවතින්නේය. – ලෙනින් ඉහත ලෙනින් ගේ ප්‍රකාශය ඉංග්‍රීසියෙන් පළව තිබුණේ බූන්දි වෙබ් අඩවියේ ය. “එය ශ්‍රමයේ යදම් වලින් නිදහස් කිරීමට ආසන්න, ශ්‍රමිකයන්ගේ සමාජයකි. මෙම සමාජය, මෙම නිදහස ඒ සඳහා දිනාගනු ලැබීම යෝග්‍ය වන, එම අනෙක් වඩා උසස් සහ වඩා අර්ථවත් ක්‍රියාකාරකම් තවදුරටත් නොදනී. මෙය මිනිසුන්ට එකට ජීවත් විමට සැළැස්වීම ශ්‍රමය විසින් කරනු ලැබෙන ආකාරය වන නිසා සමානාත්මවාදී වන මෙම සමාජය තුළ, එයින් මිනිසාගේ අනෙකුත් හැකියාවන් ප්‍රතිසංස්ථාපනයක් අලුතෙන් පටන් ගත හැකි වනු…
හෘද සාක්‍ෂිය – විදුර මුණසිංහ
හෘද සාක්‍ෂිය විදුර මුණසිංහ ප‍්‍රභාකරන් හුදෙක් අපගේ ප‍්‍රතිවාදියා පමණක් නොව අපගේ පැවැත්මේ, අපගේ සුඛ විහරණයේ, සාමකාමී හිඳීමේ, අපගේ සතුටේ ප‍්‍රතිපක්‍ෂය විය. අපගේ සතුට, දුක, ශෝකය, උන්මාදය, චිත්තපී‍්‍රතියද පැවතුනේ ඔහු සමගිනි (මා මිතුරකුට අනුව ”අපිට රිදව රිදව අපිත් එක්ක අවුරුදු 30 ක් හිටපු මිනිහ”). ආදරය/ වෛරය, හොඳ/ නරක, කලූ/ සුදු ආදී සියලු ප‍්‍රතිපක්‍ෂයන්හි එකකට අනෙක නොමැතිව පැවතිය නොහැකිවාක් මෙන් අපගේ සාමාන්‍ය ජීවිතය සමග ප‍්‍රභාකරන් අවියෝජනීයව බැඳී සිටියේය. අපි ඔහුට අතිශයින් බිය වීමු. ඔහුගේ ලේ පිපාසය ඕනෑම මොහොතක මා ඇතුලු මා ආදරය කරන කවුරුන් හෝ බිලිගත හැකිවිය. දිනය – 2009. 05.19 වේලාව – රාතී‍්‍ර 11.17 විධිමත්ව යමක් ලිවීමට තරම් නිශ්චිතතාවයකින් තොරව මේ…