“ලේ හෙළනු ඇති” PDF මාදිලියෙන් කියවන්න Download pdf “ලේ හෙළනු ඇති, මේ පරිමාණයේ අර්බුදයක් දේශපාලනික මෙන්ම ආර්ථික ගැටුම් උත්සුක කිරීම අනිවාර්ය ය යන අර්ථයෙන්. එය සමහර රටවල් අස්ථායී කිරීම සිදුවීම නියතයි. යටපත්වී තිබුණ සිවිල් යුද්ධ ඇතිවීමට මෙය හේතු වනු ඇත. එය මධ්‍යස්ථ ආණ්ඩු පෙරළා දමා, අන්තවාදී ආණ්ඩු බලයට පත් කරනු ඇත. මේ දේවල් පහසුවෙන් කල් තබා කිව හැකිය.”
'kathika' social, cultural and political review
From දේශපාලනය
‘ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50’ – හයවැනි ලිපිය :කුමාරයා
Globe and Mail, 2008 March 14 PDF මාදිලියෙන් කියවන්න downloadpdf මිනිසුන් අතර කුමාරයා නිකලෝ මැකියවෙල්ලිගේ කුමාරයා මයිකල් ඉග්නටියෙෆ් පරිවර්තනය: විදුර ප්‍රභාත් මුණසිංහ 1532 දී ප්‍රථම වරට ප්‍රකාශයට පත් කෙරුණු නිකලෝ මැකියවෙල්ලිගේ කුමාරයා නිසැක වශයෙන්ම දේශපාලන නායකත්වය පිළිබඳ කවරදාක හෝ ලියැවුණු දරුණුතම කෘතිය විය. කල්පනාකාරී කිසිදු වර්තමාන දේශපාලනඥයෙක් මැකියවෙල්ලි ඉතා සැහැල්ලුවෙන් අනුමත කරන නපුරු කලාවන් පිළිබඳ…
ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50’ – පස්වැනි ලිපිය:දාස් කැපිටාල්
Globe and Mail, March 1, 2008 දාස් කැපිටාල් : ප්‍රාග්ධනයේ දරුනු අපරාධ ෆ්‍රැන්සිස් වීන් පරිවර්තනය: දිමුතු සමන් වෙත්තසිංහ PDF මාදිලියෙන් කියවන්න Download PDF “දාස් කැපිටාල් අප සියල්ලෝ කියවා ඇති අතර සියල්ලෝ කියවනවාම යැයි නොකිවමනා බව” ප්‍රංශ න්‍යායවේදී ලුවී අලුතුසර් ලිවීය. [ එය ] අප කියවා නැති අතර අප කියවන්නේද නැති බව නොකිවමනාය. අදාල විෂය පිළිබඳව…
තම දේශයට ආදරය කළ, ඇෆ්ඝනිස්ථානු ජාතියක් වෙනුවෙන් අරගල කළ, විප්ලවවාදිනිය මීනා
මීනා දිදුලන ඇෆ්ඝන් තරුව ඇෆ්ඝන් ස්ත්‍රීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් දිවි පිදූ වීරවරියකගේ සත්‍ය කථාව කර්තෘ : මෙලඩි එමර්චයිල්ඩ් චාවිස් පෙරවදන : ඇලිස් වෝකර් පරිවර්තනය : ප්‍රභා මනුරත්න 2008 , සේතුක ප්‍රකාශකයෝ, කැළණිය. රු. 395/- මීනා: චරිතාපදානය මීනා, එනමින් යුතු සුන්දර තරුණ ඇෆ්ඝනු ස්ත්‍රියගේ චරිතාපදානය යි, ජීවන ආඛ්‍යානය යි; අපගේ පරිකල්පනාව අවදි කරන, බහුවිධ අරුත් මතු කරන සාරවත් කෘතියකි. එය මීනා ගේ ජීවිතය පිළිබඳ, ඇය ඇසුරු කළ, ඇසූ-දුටු අයගේ ආඛ්‍යානයන්, අර්ථකථනයන් කර්තෘවරිය වන මෙලඩි එර්මාචයිල්ඩ් චාවිස් (Melody Ermachild Chavis) ගේ දෘෂ්ඨියෙන් කියැවීමක් විශ්වශනීය ලෙස ඉදිරිපත් කරන හෙයින් සත්‍ය කතාවක් වෙයි. මීනා සිංහල අනුවර්තනය, එහි ඉංග්‍රීසි මුල් කෘතිය මෙන්ම අභිරුචියෙන් කියවා ගෙන යා…
“9/11 හිදී පශ්චාත් නූතන තත්ත්වයට එහි අනිටු විපාකය හමු විය”
ටීනා බිඇටී (Tina Beattie) Opendemocracy.net වෙබ් අඩවියට “The end of postmodernism The “new atheists” and democracy යනුවෙන් ලියූ ලිපියක (මෙහි බලන්න මුළු ලිපිය සඳහා) පසුධනවාදී තත්ත්වයක් තුළ ඓහිකවාදය, විද්‍යාව, හේතුවාදය සහ ආගම අතර ඇති ගැටුම පිළිබඳ විග්‍රහයක් සම්පාදනය කරයි. මෙම ගැටුම පිළිබඳ සාකච්ඡාව ලාංකේය රාජ්‍යය ඓහිකකරණය (secularization) කිරීම සඳහා කෙරෙන ඉල්ලීමට ද සම්බන්ධ නමුදු, බටහිර සමාජය ආමන්ත්‍රණය කරමින් ලියැවී ඇති මෙම ලිපියෙන් ඇතැම් තැනෙක සංක්ෂිප්ත කරමින් අනුවර්තනයෙන් අප පහත ගෙන හැර දක්වන්නේ වත්මනෙහි ලංකාවේ ආගම සහ පශ්චාත් නූතනවාදය පිළිබඳව අප අතර ප්‍රචලිතව පවත්නා අදහස් පිළිබඳව සිතා බැලීමට අපට අනුබල දෙන අදහස් කිහිපයක් පමණි. අප මෙම අදහස් උපුටා දක්වන්නේ ඇගේ ලිපියේ…
විමංසක පර්ෂදය, විලාසිතාව, ඖචිත්‍යය සහ සංවරය
විමංසක පර්ෂදය, විලාසිතාව, ඖචිත්‍යය සහ සංවරය අපගේ පාඨකයෙකු අප වෙත එවූ ඉහත ඡායාරූපයේ දැක්වෙන පෝස්ටරය කැළණිය විශ්ව විද්‍යාල භූමියේ ප්‍රදර්ශණය කෙරුණකි. (විමංසක පර්ෂදය කැළණිය විශ්ව විද්‍යාලයයේ ලියා පදිංචි ශිෂ්‍ය සංගමයක් බව එහි ජ්‍යෙෂ්ඨ භාණ්ඩාගාරික මහාචාර්ය නලින් ද සිල්වා මෙම පෝස්ටරය පිළිබඳ The Island පුවත් පතට ලිපියක් ලියමින් සඳහන් කොට තිබුණි. බලන්න Cultural Pentagon, The island, Midweek Review 2008/02/13 අපගේ මෙම ලිපිය මහාචාර්ය නලින් ද සිල්වා ගේ ඉහත ලිපිය පළවීමට පෙර ලියැවුණකි.) විමංසක පර්ෂදය (විප) මෙම පෝස්ටරයෙන් ප්‍රකට කරන්නේ ලොව පුරා, බොහෝ කොට නව-යවුවනියන්, තරුණියන් අතර ප්‍රචලිතව ඇති ඇඳුම් විලාසිතාවක් වන ඉණෙන් පහළට ඇඳුම් ඇඳීම (hipster) සරසවි සිසුවියන් අතර ද පැතිරී…
