From ලිබරල්වාදය

සුලුතරයන් කුමන මාවතක් තෝරා ගනු ඇත් ද? –සංකජය නානායක්කාර විසිනි

2010 ජනාධිපතිවරණය: ජාතිකවාදයද නැතහොත් ලිබරල්වාදයද? දෙකම! – ‘කතිකා’ අධ්‍යයන කවය විසිනි ‍ PDF මාදිලියෙන් කියවන්න මෙතැන Download PDF here 2010 ජනාධිපතිවරණය, ලංකාව එහි අනාගත ගමන් මග සම්බන්ධයෙන් අතිශයින් තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ ඇති බව සළකුණු කරන්නේය යන්න අපගේ අදහසයි. මේ බව මෙරට මහජනයාද වටහා ගෙන ඇති බව ජනාධිපතිවරණය පිළිබඳ ඔවුන් දක්වන දැඩි උනන්දුවෙන් පෙනී යයි. ලාංකේය මහජනයා ජනාධිපතිවරණයේ ප්‍රධාන දෙපිළ අතර උග්‍ර ලෙස දෙකට බෙදෙමින් සිටිති. ජනාධිපතිවරණයේ ප්‍රධාන දෙපිළ අතර අපට දැකිය හැකි උග්‍ර ගැටුම ජාතිකවාදය සහ ලිබරල්වාදය යන ප්‍රතිවිරුද්ධ ලෙසින් වටහා ගැනෙන කතිකාවන් දෙකත්, ඒ මත ගොඩනැගුණු විශ්වාස පද්ධතීන් සහ ස්ථාපිතවී ඇති ජීවන ආකාරයන් පදනම් කොට ගත්තකි. මෙම ජනාධිපතිවරණය පැහැදිලිව…

රාජ්‍ය නොවන සංවිධාන ජන පැලැන්තිය හා සමාජ ව්‍යාපාර

රාජ්‍ය නොවන සංවිධාන ජන පැලැන්තිය හා සමාජ ව්‍යාපාර Colours of Ceylonism නිදහසින් පසුව යටත්විජිත රටවල් වල උවමනා ආකාරයට ලංකාවේ සියල්ල සකස් කර ඔවුන්ට ගැලපෙන අපට නොගැලපෙන පාලක පන්තියකට රට බාර දී ගියහ. මෙම පාලක පන්තිය පෙර රදල හෙවත් අධිරාජ්‍යවාදීන්ට උදව් කල සිංහල දෙමළ හා මුස්ලිම් ජාතිකත්වයෙන් හෙබි විය. කාලානුරූපව සකස් වූ මෙම මධ්‍යම පන්තිය විසින් රටේ බලතල බාරගන්නා ලදී. මෙම බාරගැනීම සාර්ථකව සිදු වුවද පාලනය කිරීම සිදු කරන ලද්දේ අසාර්ථකවය. එම නිසා අධිරාජ්‍යවාදයට භාවිතා කල නොහැති ආකාරයට ඔුවුන් විසින් සකස් කරන ලද ව්‍යුහයන් ජරාජීර්ණ විය. පාර්ලිමේන්තුව, අධිකරණය, රාජ්‍ය යාන්ත‍්‍රණය මෙම ව්‍යුහ අතර කැපීපෙනෙන අක‍්‍රමිකතාවයන් සිදු කරන ලද ආයතනය බවට පත්විය.…

ජනවාර්ගික සබඳතා

” ඔබ ඔවුන් ඔබ ට කරනු ඇතැයි අපේක්ෂා කරන පරිද්දෙන්ම, අන් අයට ද කරන්න ” ” මා සිතන්නේ, මෙබඳු කටයුතු වලදී අනුගමනය කළ හැකි, පුරුද්දෙන් ඇතිකර ගත්, ප්‍රත්‍යක්ෂ ක්‍රමයක් නම් “ ඔබ ඔවුන් ඔබ ට කරනු ඇතැයි අපේක්ෂා කරන පරිද්දෙන්ම, අන් අයට ද කරන්න” සහ ඔවුන් ඔබ ට කරනු ඇතැයි ඔබ අපේක්ෂා නොකරනු ඇති යමක් අන් අයට නොකරන්න. බාගවිට, මෙබඳු විවාදාපන්න මාතෘකා පිළිබඳ ලියන කුමන හෝ ලේඛකයෙකු “ මගේ අත්තම්මා ඒ ඇතුළේ සිටියා නම් මොකද වෙන්නේ? එය මගේ පර්යාලෝකය වෙනස් කරනු ඇත්ද?” යන ප්‍රශ්නය ඇසිය යුතුය. ” දයාන් ජයතිලක මෙසේ මතක් කළේ කුමන කරුණක් අරභයා ද? මෙහි බලන්න

තම දේශයට ආදරය කළ, ඇෆ්ඝනිස්ථානු ජාතියක් වෙනුවෙන් අරගල කළ, විප්ලවවාදිනිය මීනා

මීනා දිදුලන ඇෆ්ඝන් තරුව ඇෆ්ඝන් ස්ත්‍රීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් දිවි පිදූ වීරවරියකගේ සත්‍ය කථාව කර්තෘ : මෙලඩි එමර්චයිල්ඩ් චාවිස් පෙරවදන : ඇලිස් වෝකර් පරිවර්තනය : ප්‍රභා මනුරත්න 2008 , සේතුක ප්‍රකාශකයෝ, කැළණිය. රු. 395/- මීනා: චරිතාපදානය මීනා, එනමින් යුතු සුන්දර තරුණ ඇෆ්ඝනු ස්ත්‍රියගේ චරිතාපදානය යි, ජීවන ආඛ්‍යානය යි; අපගේ පරිකල්පනාව අවදි කරන, බහුවිධ අරුත් මතු කරන සාරවත් කෘතියකි. එය මීනා‍ ගේ ජීවිතය පිළිබඳ, ඇය ඇසුරු කළ, ඇසූ-දුටු අයගේ ආඛ්‍යානයන්, අර්ථකථනයන් කර්තෘවරිය වන මෙලඩි එර්මාචයිල්ඩ් චාවිස් (Melody Ermachild Chavis) ගේ දෘෂ්ඨියෙන් කියැවීමක් විශ්වශනීය ලෙස ඉදිරිපත් කරන හෙයින් සත්‍ය කතාවක් වෙයි. මීනා සිංහල අනුවර්තනය, එහි ඉංග්‍රීසි මුල් කෘතිය මෙන්ම අභිරුචියෙන් කියවා ගෙන යා…

‘සංවර්ධනය’ සහ දේශපාලනය, සහ ‘වත්මන් සමාජ අර්බුදය’: මිථ්‍යාදෘෂ්ඨික විග්‍රහයකට සටහනක්

සංවර්ධනය’ සහ දේශපාලනය, සහ ‘වත්මන් සමාජ අර්බුදය’: මිථ්‍යාදෘෂ්ඨික විග්‍රහයකට සටහනක් “ශ්‍රී ලංකාවට සංවර්ධනය සදහා අති මහත් ශක්‍යතාවක් තිබේ. නමුත් කුණුවී ගිය දේශපාලන ක්‍රමයක් විසින් රට ඉදිරියට යා නොදී අල්ලා ගෙන සිටිතැ”යි ලංකාවට පැමිණ එක්සත් ජාතීන්ගේ නිලධාරියෙකු කී අදහසක් පදනම් කරගෙන කෙරුණු සාකච්ඡාවක් මෑතදී පුවත් පතක පළවී තිබිණි. ඉහත කී අදහසින් බාරගන්නා දෙයක් වන්නේ ‘සංවර්ධනය’ යනුවෙන් දෙයක් ඇත යන්න සහ අපට ‘නිවැරදි දේශපාලන ක්‍රමය’ තිබේ නම් අපට සංවර්ධනය ලැබෙනු ඇත, යන්නයි. ලෝකය ‘සංවර්ධනය’ කළ හැකිය, සහ අපට අවශ්‍ය නම් ‘නිවැරදි දේශපාලන ක්‍රමය’ අපට ඇතිකර ගත හැකිය යනුවෙන් පළවෙන මේ අදහස් දෙකම බැලූ බැල්මට සත්‍ය සේ පෙනෙයි. මේ අදහස් දෙකම, එබඳු ‘සත්‍යයන්ට’…

‘ලොව අවුල් සහගත, කුහක, පශ්චාත් නූතන රචනා ලියුවෝ ලංකාවේ පශ්චාත් නූතනවාදීහු ය’ – අමරකීර්ති ලියනගේ

‘අපට උසස් සාහිත්‍ය – කලා විචාරයක් නැත්තේ මන්ද?’ යන මැයෙන් අප සුප‍්‍රකට ඇමෙරිකානු සාහිත්‍ය – කලා විචාරිකා කැමිල පා(ග්)ලියා ගේ අදහස් සම්පිණ්ඩනය කරමින් පළ කළ ලිපියට පිළිතුරක් අමරකීර්ති ලියනගේ “සිළුමිණ” පුවත් පතට ලියා ඇත. එම ලිපිය මෙතැන කියවන්න:“සිළුමිණ”