ගම්ලත්ට පසු ගම්ලත්? හරීන්ද්‍ර.බී. දසනායකගේ “මාක්ස්වාදී කලා විචාරය තුළ ගම්ලත් ලකුණ”ට පිළිතුරක් දිමුතු සමන් වෙත්තසිංහ පසුගිය දිවයින (2013.04.04) වටමඬල අතිරේකයේ “මාක්ස්වාදී කලා විචාරයේ ගම්ලත් ලකුණ”යන මැයෙන් හරීන්ද්‍ර.බී. දසනායක විසින් රචිත ලිපියේ මා විසින් “සුචරිත ගම්ලත් මාක්ස්වාදීයෙක් වී ද ?” යනුවෙන් කතිකා වෙබ් අඩවියේ පල කරන ලද ලිපියේ සඳහන් වූ කරුණු කිහිපයක් ගැන සාකච්ඡාවට මුල පුරා තිබුණි.ඒ පිළිබඳ ඔහුගේ උනන්දුව අගයමි. තවද, ඒ සම්බන්ධයෙන් ඔහු විසින් සඳහන් කරන්නට යෙදුන කරුණු වල යම් යම් අතපසු වීම් කිහිපයක් තිබුණ හෙයින් සහ ඒවා දිවංගත මහාචාර්යවරයාගේ ශාස්ත්‍රීය කර්තව්‍යය පිළිබඳ වැරදි වැටහීම් ඇති කිරීමට තරම් ප්‍රබල යැයි පෙනී යන හෙයින් මෙම ඌණ පූරණය අවශ්‍ය යැයි සිතමි.
'kathika' social, cultural and political review
From සමාජ විචාර
පාරිභෝජනවාදයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණය රැක ගත හැකිද?
පාරිභෝජනවාදයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණය රැක ගත හැකිද? කුමුදු කුසුම් කුමාර තමිල්නාඩු මහ ඇමැතිනිය ජයලලිතා කළ නියෝගයක් මත ඉන්ඩියා ප්‍රිමියර් ලීග් (අයි පී එල්) ක්‍රිකට් තරඟාවලියේ පාලක මණ්ඩලය ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයන් චෙන්නායි හි පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරඟ වලට සහභාගීවීම වළකාලමින් තහනමක් පනවා තිබීම ඉමහත් ආන්දෝලනයකට තුඩු දී ඇත. ජයලලිතා තම නියෝගයට හේතුව වශයෙන් දක්වන්නේ ශ්‍රී ලංකා රජය එරට පැවති යුද්ධ සමය තුළ දෙමළ ජනතාවගේ මානව අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම පිළිබඳ දකුණු ඉන්දියාවේ මතුවී ඇති උණුසුම් සහගත තත්ත්වය මෙයින් උග්‍ර වී ජනයා තුළ කෝපය වැඩි කරනු ඇති හෙයින් මෙම තහනම පනවන බවයි. මෙම තීරණය පිළිබඳ තම ශෝකය පළ කරමින් ලාංකේය ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා…
කැප වූ බුද්ධිමතෙකුගේ නික්ම යාම
කැප වූ බුද්ධිමතෙකුගේ නික්ම යාම සහෘද විසිනි සුචරිත ගම්ලත් ශූරීන් ගේ අභාවයෙන් අපේ යුගයේ කැප වූ බුද්ධිමතෙකු අපට අහිමි වීය. මතවාදීව ට්‍රොට්ස්කිවාදියෙකු වූ සුචරිත ගම්ලත් සාහිත්‍යය සහ කලාව පිළිබඳ ට්‍රොට්ස්කිවාදී විචාරය වෙනුවෙන් නිරතුරුව පෙනී සිටිමින් වෙනස් මත දරන්නන් විවාදයට කැඳවන ලෙසින් ප්‍රබල මත ඉදිරිපත් කරමින්, අප සමාජයේ සාහිත්‍යය, කලාව සහ භාෂාව පිළිබඳ කතිකාව නිරතුරුව අවදි කෙළේය, පවත්වා ගෙන යාමට ඉමහත් දායකත්වයක් සැපයීය. ඔහු තමා දරන මතය වෙනුවෙන් දැඩිව සහ අඛණ්ඩව සමාජයේ පෙනී සිටි අතර අවස්ථාවාදී ලෙස තම ප්‍රතිපත්ති පාවා නොදුන්නේය. සමාජ යුක්තිය සහ සාධාරණය පිළිබඳ කරුණු වලදී ඔහු හැමවිටමත් නොසැලී පීඩිතයාගේ පස ගත්තේය. ඒ හේතුවෙන් කොතෙක් ජිවන දුශ්කරතා වලට මුහුණ…
ජාන සහ සමාජය – චාම් ඩි‘නාරා
කතිකා.ලංකා වෙබ් අඩවියේ පළ වූවකි. කැනඩාවේ ප්‍රසිද්ධ පුවත්පත් ලේඛිකාවක වන මාග්‍රට් වෙන්ට් සහ ඇමරිකාවේ The Chronicle for Higher Education පුවත්පතේ ජ්‍යෙෂ්ඨ ලේඛකයකු වූ ක්‍රිස්ටොෆර් ශියා සිය ලිපිවල ගොනු කර ඇති කරුණු ඔස්සේ ජාන හා සමාජය පිළිබඳව කෙටි සාකච්ඡාවක යෙදෙමු. මාග්‍රට් වෙන්ට් (2009) සිය “Darwin, DNA and Destiny”’ යන ලිපියේ, පරිණාමය පිළිබඳව දැනට පවතින අදහස් කෙරෙහි…
සමාජීය ඉංජිනේරුකරණයේ දේශපාලනය
සමාජීය ඉංජිනේරුකරණයේ දේශපාලනය එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව තවත් මැතිවරණ වටයක ඉහළ ජයක් ලැබුවේය. එබඳු ආණ්ඩුවක් ජනතාව තමා කෙරෙහි තබා ඇති විශ්වාසයට තමන්ම වළ කපා ගන්නා ක‍්‍රියාමාර්ගයන්ට දිගින් දිගටම යොමුවන්නේ මන්ද යන්න කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමු විය යුතුය. මහජනයා අතර ආණ්ඩුවට ඇති ප‍්‍රසාදය හීන වීමට හේතුවන ආකල්පයක් යුද්ධය නිමාවීමෙන් පසු ගෙවුණු පසුගිය කාලය තුළ ආණ්ඩුව ගත් ක‍්‍රියාවලීන් ගණනාවක් තුළ හඳුනාගත හැකි වෙයි. එය නම්, ජනතාව සහ රටට බලපාන ප‍්‍රතිපත්ති සම්පාදනයේදී සහ ක‍්‍රියාත්මක කිරීමේදී ඒවායින් මහජනයාගේ ජීවිතවලටත් රටේ අනාගතයටත් ගෙන දෙන හානිකර ඵලවිපාක වැදගත් කොට නොසැළකීමේ ආකල්පයයි. එය ප‍්‍රකාශ වන සිදුවීම් විමසා බලන කළ දැකිය හැකි පොදු රටාවක් මතු වෙයි. එම…
‘බසෙහි වියරණ බිඳීම යනු එ බස වහරන්නන් අතර ඇති සම්මුතිය කැඞීමකි’ උස්වත්තෙ ආරච්චි
‘බසෙහි වියරණ බිඳීම යනු එ බස වහරන්නන් අතර ඇති සම්මුතිය කැඞීමකි’ උස්වත්තෙ ආරච්චි ‘බස’ යනු ඒ දොඩන, ලියන, කියවන දනා අතර සම්මුතියෙකි. ‘මහා සම්මතය’ රජකු පත් කර ගැනීම නො ව, බසක් නිර්මාණ කිරීම ය. සිංහල වහරන්නෝ ‘ඔළුව’ කුමක්දැයි දනිති. එහෙත් ඉංගිරිසිය වහරන්නෝ ඒ කුමක්දැයි නො දනිති. එ මෙන් ම ‘ව්‍යාකරණ’ යනු ඒ සම්මුතියේ වැදගත්ම කොටසයි. ඇමරිකීයයෝ ‘twenty’ යි ලියති. එය ‘twenny’ යි උසුරුවති. ප්‍රංශුවෝ ‘bourgeois’ යැයි ලියති, ‘බුර්ශ්වා’ යි හඬවති. තායි බසෙහි ‘ශිනවන්ත්‍රා ’ යි ලියා ‘ශිනවත්’ යි කියැවෙයි. මෙසේ ඇතිවන යම් යම් සම්මතවලින් බස් වහරන ජනයාට ප්‍රයෝජනයක් ඇත. ඒවා අත්තනෝමතික ලෙස කපා කොටා දැමීමට, තම තමන්ට රිසි පරිදි උසුරුවන්නාට…
