බටහිර උන්ගේ සොඳුරිය, ජනාධිපති වික්‍රමසිංහ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශයෙන් තමන්ගේ වාසියට උපරිම ප්‍රයෝජන ගැනීමට දැඩි උත්සාහයක යෙදී සිටියේය.ඔහු තව කොතෙක් පහතට රූටා ගියේද යත්, පසුගිය වසර දෙක පුරාවටම කළාක් මෙන් රටේ අනාගතය විකිණීම සඳහා මැතිවරණයට දින තුනකට පෙර ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමඟ සාකච්ඡා කළේය. මැතිවරණයට දින දෙකකට පෙර, ප්‍රචාරණය තහනම් කාලය ආරම්භ වූ පසු, ඔහු එළියට…
'kathika' social, cultural and political review
Tagged ජනතා විමුක්ති පෙරමුණ
ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා සංවර්ධනය වෙමින් පවතින රටවල් විශාල ප්‍රමාණයකට පොදු ගැටලුවකට මුහුණ දෙයි: එනම්, බටහිර විසින් පනවන ලද පටිතද කිරීම
අහිලන් කදිරගාමර් අනුර කුමාර දිසානායකට අවශ්‍ය වන්නේ රටෙහි ජනතාව දඬු කඳේ ගසන ණය අර්බුදය සමයේ පීඩා අවම කර ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් (ජාමූඅ) වඩා හොඳ ගනුදෙනුවකි. ශ්‍රී ලංකාව ඓතිහාසික සන්ධිස්ථානයක සිටී. ශ්‍රී ලංකාව මහා අවපාතයෙන් පසු දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දී, ප්‍රථම වතාවට විදේශ ණය ගෙවීම පැහැර හරිනු ලදුව, මෑතකදී ක්‍රම වෙනසක් ඉල්ලා සටන් කරන පෙර නොවූ විරූ විරෝධතාවලට මුහුණ දුන්නේය. විරෝධතාකරුවන් ජනාධිපතිගේ නිවසට…
අගෝස්තු 17 මැතිවරණය: පුරවැසි ප්‍රජාවේ තීරණය කුමක් වනු ඇත්ද? කුමුදු කුසුම් කුමාර
නමුත්, ජනවාරි 8 දා දිනාගත් ජයග්‍රහණයන් තහවුරු කර ගනු වස් මෛත්‍රී-රනිල් ආණ්ඩුවක් ඉදිරියටත් පිහිටුවීම වෙනුවෙන් පෙනී සිටින පිරිස් තර්ක කරන්නේ එජාපය ට ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවීමට නොහැකි වුවහොත් රටේ දිගු කාලීන් දේශපාලන අස්ථාවර භාවයක් උදාවනු ඇති බවයි. මහින්ද පිළ මන්ත්‍රීවරුන් බිලී බා ගනිමින්, සහ දැනටත් තමන්ට වැඩි වශයෙන් පක්ෂපාතී ව ක්‍රියා කරන රාජ්‍ය නිලධාරී තන්ත්‍රයේ සහ…
යළි දේශපාලනික දේ වෙතට: ප්‍රජාතන්ත්‍රවාදී අරගලයම නව ලිබරල්වාදයට එරෙහි සටනක් විය නොහැකි ද ? සුමනසිරි ලියනගේ ට කුමුදු කුසුම් කුමාර ගෙන් පිළිතුරු
සුමනසිරි ලියනගේ “වම සහ ජනාධිපතිවරණය ගැන තීසිස 11ක්” (බලන්න, මෙහි ) යන මැයෙන් කිහිප දෙනෙකුට විද්‍යුත් තැපෑලෙන් යැවූ ලිපිය අප ඔහුගේ අවසරයෙන් ‘කතිකා‘ වෙබ් අඩවියේ පළකිරීමෙන් ඇති වී තිබෙන සාකච්ඡාව යහපත් දෙයක් ලෙස අපි දකිමු. “ලංකාවත් දැන් පශ්චාත්-ප්‍රජාතන්ත්‍රවාදී යුගයකට එළඹිලාද?” (බලන්න, මෙහි) යන මැයෙන් මා සුමනසිරි ලියනගේ ගේ ලිපියට ලියූ පිළිතුරට යෙදූ සිරස්තලයෙන් මා අදහස් කරන්නේ “සමහර රටවල් අද එවැනි යුගයකට පිවිස ඇති බවත් ශ්‍රී ලංකාව එම ගොඩට දැමීම ප්‍රශ්න කළ හැක්කක් යැයි” යන්න දැයි සුමනසිරි විමසයි (බලන්න මෙහි). එයට කෙටි පිළිතුර “ නැත ” යන්නයි.
ලංකාවත් දැන් පශ්චාත්-ප්‍රජාතන්ත්‍රවාදී යුගයකට එළඹිලාද? කුමුදු කුසුම් කුමාර
ලංකාවත් දැන් පශ්චාත්-ප්‍රජාතන්ත්‍රවාදී යුගයකට එළඹිලාද? කුමුදු කුසුම් කුමාර විසිනි සුමනසිරි ලියනගේ “වම සහ ජනාධිපතිවරණය ගැන තීසිස 11ක්” (බලන්න, මෙහි ) යන මැයෙන් ජනාධිපතිවරණයකදී වමේ ස්වාධීන අපේක්‍ෂකයෙකු ඉදිරිපත් කිරීමේ යෝජනාව ගැන ලියූ අදහස් පිළිබඳ ලියමි. මගේ ප්‍රමාදය මෙම සාකච්ඡාවට වමෙන් ප්‍රතිචාරයක් දැක්වෙනු ඇතැයි බලා සිටි හෙයිනි. ඌව පලාත් සභා මැතිවරණ ප‍්‍රතිඵලයෙන් පෙන්නුම් කළ එක්සත් ජනතා නිදහස් සංධානයට එරෙහිව ගොඩ නැගෙන ජන පෙළගැස්ම සමග වම නොසිටිය හොත් වම තනි විමට ඇති ඉඩ කඩත් එය වක‍්‍ර ලෙස මහින්ද තන්ත‍්‍රයට ආධාර කිරීමක් ලෙස ජනයා සැළකිමට හැකි කමත් ගැටලුවක් ලෙස දකින වමේ මතය සුමනසිරි ලියනගේ ප්‍රශ්න කරයි. එයට විසඳුමක් ලෙස වම ඉදිරිපත් කරන “වම ස්වාධීන…
පොදු අපේක්ෂකයා, නව ලිබරල්වාදය, සහ නිදහස
පොදු අපේක්ෂකයා, නව ලිබරල්වාදය, සහ නිදහස කුමුදු කුසුම් කුමාර අද ලාංකේය ජනයා හමුවේ ඇති හදිසිම සහ වැදගත්ම දේශපාලන අභියෝගය කුමක් ද? එය ජනවාර්ගික යුද්ධයට පෙර සමයේ මෙරට ජනයා භුක්ති විඳිමින් සිටි නමුත් යුද්ධය සමයේ අහිමිව ගිය සහ යුද්ධය අවසන් වීමෙන් පසු ඉතිහාසයේ වඩාත්ම බරපතළ තර්ජනයට මුහුණ දී ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් යලි දිනා ගැනීමට යොමු වීම නොවේද? මෙම අභියෝගය ජය ගැනීමේ ප්‍රධාන උපක්‍රමයක් ලෙසින් රෙජීමයෙන් පිටත දේශපාලන පක්ෂ සහ සිවිල් සමාජ සංවිධාන බොහොමයක් පිළි ගෙන ඇත්තේ පවත්නා විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමේ යෝජනාවයි. 1978ට පෙර මෙරට පැවති, ජනයාගේ ඡන්දයෙන් බලයට පත්වන කොට්ඨාශ මන්ත්‍රීවරුන්ගෙන් සැදුම් ගන්නා පාර්ලිමේන්තුවක බහුතරයේ විශ්වාසය දිනා ගන්නා පක්ෂයක…

