වෙනසක් සඳහා ඡන්දය දිය යුත්තේ ඇයි? සාධාරණ සමාජයක් සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය


වත්මන් ජනාධිපති තව දුරටත් බලයේ තියාගතයුතුයැයි කියන පිරිස් ඒ සඳහා ඉදිරිපත් කරන තර්ක දෙස මුළින්ම තරමක් අවධානය යොමුකර බලමු. මේ සඳහා මෙවැනි පිරිස් ඉදිරිපත්කරන ඊනියා තර්ක කීපයක් දැකිය හැකිය.

ඒ මෙසේය:

1 වෙනි මිත්‍යාව : ජනාධිපතිතුමාට කළ ගුණ දැක්වීම සඳහා:
මෙය අතිශයින්ම අමනෝඥ තර්කයකි. රාජ්‍ය පාලනයේ ඉහළ තනතුරු සඳහා පුද්ගලයින් පත්කරනු ලබන්නේ ‘කෘතගුණ දැක්වීම’ සඳහා නොවේ. මහජනයාට තම පොදු අවශ්‍යතා ඉහළ මට්ටමින් සහ කාර්යක්ෂම ලෙස ඉෂ්ට කරවා ගැනීම සඳහාය. ජනාධිපතිතුමා යුද්ධය අවසන් කිරීම මගින් ලංකාවේ ජනයාට සේවයක් කළා නම් සහ එයට කෘතගුණ දැකවිය යුතු යැයි මහජනයා සිතන්නේ නම් ඒ සඳහා වෙනත් ක‍්‍රම සොයාගත යුතුය. ඒ සඳහා ඇති ක‍්‍රමය වන්නේ එතුමාට සහ එතුමාගේ පවුල් කණ්ඩායමට යාවජීව ලෙස රට භාරදීම නොවේ.

අනෙක් අතට ජනාධිපතිවරයා වෙනුවෙන් මෙරට මහජන මුදලින් අති විශාල ප‍්‍රමාණයක් වැය කෙරෙන අතර ඒ මුදලින් ජනාධිපතිවරයාත් ඔහුගේ පවුලේ සාමාජිකයින් සහ හිතමිත‍්‍රාදීන් අධි සුඛෝපභෝගී ජීවිත ගත කරනු ලබයි. මේ නිසා ජනාධිපතිවරයාට ‘යුද්ධය අවසන් කිරීම වෙනුවෙන’ කෘතගුණ දැක්විය යුතුනම් මේ වනවිට මෙරට ජනයා ඒ සඳහා සෑහෙන්න කෘතගුණ දක්වා ඇත. තවදුරටත් ‘කෘත ගුණ දැක්වීම සඳහා’ රාජපක්ෂවරුන්නේ පවුලට ලංකාවේ රාජ්‍යය බලය යාවජීව ලෙස පවරා දිය යුතුය යන්න මුග්ධ පමණක් නොව අතිශය භයානක තර්කයකි.

2 වෙනි මිත්‍යාව: ජාත්‍යන්තර කුමන්ත‍්‍රණ මැඩ පැවැත්වීම සඳහා:
මෙරටට විරුද්ධව බරපතල ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක් තිබෙන බවත්, එම ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයෙන් මෙරට බේරා ගැනීම සඳහා ජනාධිපතිතුමාට නැවතත් බලය දිය යුතුයැයි කියති.

මෙරටට විරුද්ධව ඇත්ත වශයෙන්ම ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක් පවතී නම් එම කුමන්ත‍්‍රණය පරාජය කිරීමට ඇති පහසුම මාවත වන්නේ දැනට ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියට සහ ගර්හාවට ලක්වී ඇති තත්වයෙන් ලංකාව ගලවා ගැනීමයි. රටේ ජාත්‍යන්තර ප‍්‍රතිරූපය ඉහළ නංවා රටට කීර්තියක් ගෙන ඒමේ කාර්යය ඉටුකළ යුතු මෙරට විදේශ සේවාව මුළුමනින්ම රස්්තියාදුකාර රංචුවකට භාර දී ඇති වර්තමාන පාලකයින්ට ඒ කාර්යය කිරීමට කිසිසේත් හැකියාවක් නැත.

එපමණක් නොව ජාත්‍යන්තර වශයෙන් කිසිවෙකු මෙරටට මැදිහත් වන්නේ නම් එසේ කරනු ලබන්නේ මෙරට ඇති විවිධ ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී තත්වයන් උපයෝගී කරගෙනයි. පසුගිය කාලයේ ඇමරිකාව විසින් කරනු ලැබී මැදිහත්වීම් වලින් මේ තත්වය පැහැදිළි වේ. සිරියාව, ලිබියාව, ඉරාකය වැනි රටවල් වල ඇමරිකන් මැදිහත්වීම් වලට මං පෑදුවේ ඒ රටවල අභ්‍යන්තරව පැවැති දූෂිත ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී පාලන තන්ත‍්‍රයන්ය. මේ නිසා මේ කියන ජාත්‍යන්තර කුමන්ත‍්‍රණය පරාජය කිරීමට අවශ්‍ය නම් කොහොමටත් මෙරට කෙරෙහි ඇතිවී ඇති ජාත්‍යන්තර අපකීර්තිය නැතිකර දැමීම අවශ්‍ය වේ.

3 වෙනි මිත්‍යාව: සංවර්ධන ක‍්‍රියාදාමය ඉදිරියට ගෙනයාම සඳහා:

මේ සංවර්ධන කයිවාරුවේ සැබෑව මේ වනවිට හොඳින්ම පැහැදිළි වී ඇත. අද සංවර්ධනය නාමයෙන් සිද්ධ වන්නේ සමාජයට දිගුකාලීන වශයෙන් ප‍්‍රයෝජනවත් වන්නා වූ ක‍්‍රියාදාමයක් නොව අනාගත පරම්පරා ගණනාවක් උගසට තබා අතිවිශාල ණය කන්දක් මත සිදුකරන අතීශය දූෂිත සහ නිෂ්ඵල ව්‍යාපෘති පැටව් ගැසීම පමණි. මෙම ව්‍යාපෘති විසින් ඉඩකඩ ලබා දී ඇත්තේ පාලක කල්ලිය වටා රොද බැඳ සිටින පිරිස්වලට මහජන මුදල් සිතු මතේ ගසා කෑමට අවස්ථාව දීම පමණි.

මේ ඊනියා සංවර්ධනයේ ප‍්‍රතිඵලයක් ලෙස වර්තමානය වන විට සමාජයේ ඇති නැති පරතරය අති විශාල වශයෙන් පුළුල් වී ඇත. මේ ඊනියා සංවර්ධනයේ ප‍්‍රතිඵල කිසිවක් විශේෂයෙන්ම ග‍්‍රාමීය ප‍්‍රදේශවල ජනයාගේ ජන ජීවිතය සැබෑ ලෙස වැඩි දියුණු කිරීමට හේතු වී ඇත. කොළඹ නගරයේ අලංකාර උයන්වතු ඉඳිවෙද්දී ඈත ගම් දනව්වල ජනයා වන අලි ප‍්‍රහාර වලින් මිය යන්නේත්, කොළඹ නගරයේ ඉහළ මධ්‍යම පංතිකයින්ට ව්‍යායාම කිරීම සඳහා අධික වියදම් සහිත මංතීරු ඉඳි කරන්දී රජරට ප‍්‍රදේශවල ජනයා වකුගඩු රෝගයෙන් මියයන්නේත් එබැවිණි.

ගෞරවනීය ස්වාමීන් වහන්ස/පූජකතුමනි/ දෙමව්පියනි/සහෝදර සහෝදරයනි,

එළඹෙන ජනාපතිවරණය සම්බන්ධයෙන් මේ ආයාචනය අප ඔබ වෙත සිදුකරනු ලබන්නේ මෙරට විශ්වවිද්‍යාලවල සිටින සමාජවගකීමක් සහිත ආචාර්යවරු පිරිසක් ලෙසටයි. මෙම ඉතා වැදගත් ජනාධිපතිවරණයේදී ඔබ ඉදිරියේ ඇත්තේ ඉතා සරළ/ඉතිමත් තීරණාත්මක තෝරාගැනීමකි. එනම් මහින්ද රාජපක්ෂ මහතාට තවත් අවුරුදු අටක් මෙම අසීමිත බලතල සහිත ජනාධිපති ධූරයේ රැඳී සිටීමට ඉඩ දෙනවාද? එසේත් නැතිනම් විපක්ෂයේ පොදු අකේෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට ඡුන්දය දී මේ රට නව දේශපාලන ගමනක් වෙත යොමු කිරීමට ඔබගේ දායකත්වය ලබා දෙනවාද? යන්නයි.

වෙනසක් අවශ්‍ය ඇයි?

අපි මුලින්ම ඇසිය යුතු ප‍්‍රශ්නය වන්නේ දැනට බලයේ සිටින ජනාධිපතිතුමා දැනට තෝරා නොගත යුත්තේ මන්ද යන්නයි.

ඇත්ත වශයෙන්ම පවතින රජය වහාම පරාජය කළ යුතු බව අවබෝධ කරගැනීමට අන් කිසිවක් අවශ්‍ය නැතත ඒ සඳහා කිසියම් අයෙක් කළ යුත්තේ මහින්ද රාජපක්ෂ මහතා මේ මැතිවරණ ව්‍යාපාරය පවත්වාගෙන යන ආකාරය දෙස විමසිළිමත් වීම පමණක් සෑහෙයි. ඔහු මේ මැතිවරණ ව්‍යාපාරයේ නියැලෙන්නේ ‘ලෝක විනාශය සිදු වීමට ආසන්නය’ වැනි හදිස්සියකිනි. ඒ සඳහා ඔහු සමස්ත රාජ්‍ය යන්ත‍්‍රයම නින්දිත ලෙස අවභාවිත කරමින් තිබේ. මැතිවරණ නීති පමණක් නොව සාමාන්‍ය සදාචාරය ද අමු අමුවේ උල්ලංඝනය කරමින් මහජන මුදල් ප‍්‍රකොටි ගණන් ඡුන්ද දායකයින් අතරේ අල්ලස් ලෙස බෙදා දෙමින් කරන අතිශය පිළිකුල් සහගත මගඩි නාටකයක් බවට ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය පත්වී ඇත.

වත්මන් ජනාධිපති තව දුරටත් බලයේ තියාගතයුතුයැයි කියන පිරිස් ඒ සඳහා ඉදිරිපත් කරන තර්ක දෙස මුළින්ම තරමක් අවධානය යොමුකර බලමු. මේ සඳහා මෙවැනි පිරිස් ඉදිරිපත්කරන ඊනියා තර්ක කීපයක් දැකිය හැකිය.

ඒ මෙසේය:

1 වෙනි මිත්‍යාව : ජනාධිපතිතුමාට කළ ගුණ දැක්වීම සඳහා:
මෙය අතිශයින්ම අමනෝඥ තර්කයකි. රාජ්‍ය පාලනයේ ඉහළ තනතුරු සඳහා පුද්ගලයින් පත්කරනු ලබන්නේ ‘කෘතගුණ දැක්වීම’ සඳහා නොවේ. මහජනයාට තම පොදු අවශ්‍යතා ඉහළ මට්ටමින් සහ කාර්යක්ෂම ලෙස ඉෂ්ට කරවා ගැනීම සඳහාය. ජනාධිපතිතුමා යුද්ධය අවසන් කිරීම මගින් ලංකාවේ ජනයාට සේවයක් කළා නම් සහ එයට කෘතගුණ දැකවිය යුතු යැයි මහජනයා සිතන්නේ නම් ඒ සඳහා වෙනත් ක‍්‍රම සොයාගත යුතුය. ඒ සඳහා ඇති ක‍්‍රමය වන්නේ එතුමාට සහ එතුමාගේ පවුල් කණ්ඩායමට යාවජීව ලෙස රට භාරදීම නොවේ.

අනෙක් අතට ජනාධිපතිවරයා වෙනුවෙන් මෙරට මහජන මුදලින් අති විශාල ප‍්‍රමාණයක් වැය කෙරෙන අතර ඒ මුදලින් ජනාධිපතිවරයාත් ඔහුගේ පවුලේ සාමාජිකයින් සහ හිතමිත‍්‍රාදීන් අධි සුඛෝපභෝගී ජීවිත ගත කරනු ලබයි. මේ නිසා ජනාධිපතිවරයාට ‘යුද්ධය අවසන් කිරීම වෙනුවෙන’ කෘතගුණ දැක්විය යුතුනම් මේ වනවිට මෙරට ජනයා ඒ සඳහා සෑහෙන්න කෘතගුණ දක්වා ඇත. තවදුරටත් ‘කෘත ගුණ දැක්වීම සඳහා’ රාජපක්ෂවරුන්නේ පවුලට ලංකාවේ රාජ්‍යය බලය යාවජීව ලෙස පවරා දිය යුතුය යන්න මුග්ධ පමණක් නොව අතිශය භයානක තර්කයකි.

2 වෙනි මිත්‍යාව: ජාත්‍යන්තර කුමන්ත‍්‍රණ මැඩ පැවැත්වීම සඳහා:
මෙරටට විරුද්ධව බරපතල ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක් තිබෙන බවත්, එම ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයෙන් මෙරට බේරා ගැනීම සඳහා ජනාධිපතිතුමාට නැවතත් බලය දිය යුතුයැයි කියති.

මෙරටට විරුද්ධව ඇත්ත වශයෙන්ම ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක් පවතී නම් එම කුමන්ත‍්‍රණය පරාජය කිරීමට ඇති පහසුම මාවත වන්නේ දැනට ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියට සහ ගර්හාවට ලක්වී ඇති තත්වයෙන් ලංකාව ගලවා ගැනීමයි. රටේ ජාත්‍යන්තර ප‍්‍රතිරූපය ඉහළ නංවා රටට කීර්තියක් ගෙන ඒමේ කාර්යය ඉටුකළ යුතු මෙරට විදේශ සේවාව මුළුමනින්ම රස්්තියාදුකාර රංචුවකට භාර දී ඇති වර්තමාන පාලකයින්ට ඒ කාර්යය කිරීමට කිසිසේත් හැකියාවක් නැත.

එපමණක් නොව ජාත්‍යන්තර වශයෙන් කිසිවෙකු මෙරටට මැදිහත් වන්නේ නම් එසේ කරනු ලබන්නේ මෙරට ඇති විවිධ ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී තත්වයන් උපයෝගී කරගෙනයි. පසුගිය කාලයේ ඇමරිකාව විසින් කරනු ලැබී මැදිහත්වීම් වලින් මේ තත්වය පැහැදිළි වේ. සිරියාව, ලිබියාව, ඉරාකය වැනි රටවල් වල ඇමරිකන් මැදිහත්වීම් වලට මං පෑදුවේ ඒ රටවල අභ්‍යන්තරව පැවැති දූෂිත ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී පාලන තන්ත‍්‍රයන්ය. මේ නිසා මේ කියන ජාත්‍යන්තර කුමන්ත‍්‍රණය පරාජය කිරීමට අවශ්‍ය නම් කොහොමටත් මෙරට කෙරෙහි ඇතිවී ඇති ජාත්‍යන්තර අපකීර්තිය නැතිකර දැමීම අවශ්‍ය වේ.

3 වෙනි මිත්‍යාව: සංවර්ධන ක‍්‍රියාදාමය ඉදිරියට ගෙනයාම සඳහා:

මේ සංවර්ධන කයිවාරුවේ සැබෑව මේ වනවිට හොඳින්ම පැහැදිළි වී ඇත. අද සංවර්ධනය නාමයෙන් සිද්ධ වන්නේ සමාජයට දිගුකාලීන වශයෙන් ප‍්‍රයෝජනවත් වන්නා වූ ක‍්‍රියාදාමයක් නොව අනාගත පරම්පරා ගණනාවක් උගසට තබා අතිවිශාල ණය කන්දක් මත සිදුකරන අතීශය දූෂිත සහ නිෂ්ඵල ව්‍යාපෘති පැටව් ගැසීම පමණි. මෙම ව්‍යාපෘති විසින් ඉඩකඩ ලබා දී ඇත්තේ පාලක කල්ලිය වටා රොද බැඳ සිටින පිරිස්වලට මහජන මුදල් සිතු මතේ ගසා කෑමට අවස්ථාව දීම පමණි.

මේ ඊනියා සංවර්ධනයේ ප‍්‍රතිඵලයක් ලෙස වර්තමානය වන විට සමාජයේ ඇති නැති පරතරය අති විශාල වශයෙන් පුළුල් වී ඇත. මේ ඊනියා සංවර්ධනයේ ප‍්‍රතිඵල කිසිවක් විශේෂයෙන්ම ග‍්‍රාමීය ප‍්‍රදේශවල ජනයාගේ ජන ජීවිතය සැබෑ ලෙස වැඩි දියුණු කිරීමට හේතු වී ඇත. කොළඹ නගරයේ අලංකාර උයන්වතු ඉඳිවෙද්දී ඈත ගම් දනව්වල ජනයා වන අලි ප‍්‍රහාර වලින් මිය යන්නේත්, කොළඹ නගරයේ ඉහළ මධ්‍යම පංතිකයින්ට ව්‍යායාම කිරීම සඳහා අධික වියදම් සහිත මංතීරු ඉඳි කරන්දී රජරට ප‍්‍රදේශවල ජනයා වකුගඩු රෝගයෙන් මියයන්නේත් එබැවිණි.

වෙනසක් සඳහා පොදු අපේක්ෂකයා දිනවමු!

අප මේ ඔබට යෝජනා කරන වෙනස කුමක් ද?

එය හුදෙක් එක් පාලක කල්ලියක් ඉවත් කොට තවත් එවැනි පිරිසක් පත්කර ගැනීමක් පමණක්ද?

කිසිසේත්ම නැත!

මේ අවස්ථාවේ අප කළ යුත්තේ අපේ සමාජයට දැන් අවශ්‍ය වී ඇති ගැඹුරු සමාජ දේශපාලන පරිවර්තනයක් සඳහා අවශ්‍ය පදනම් දැමීමටයි.ඒ සඳහා මහඟු අවස්ථාවක් අපට මේ ජනාධිපතිවරණයේදී උදා වී ඇත.
අප එසේ කියන්නේ ඇයි?

මේ ජනාධිපතිවරණ ව්‍යාපාරය දෙස බලන්න! ඒ ජනාධිපතිවරණය ව්‍යාපාරය මෙයෙවනු ලබන්නේ එක් දේශපාලන පක්ෂයක් හෝ කණ්ඩායමක් විසින් නොවේ. එය මේ රටේ විවිධ පුරවැසි සංවිධාන විසින් සිදුකරගෙන යනු ලබන සාමූහික පුරවැසි උත්සාහයකි.
ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීම පිළිබඳ අදහසම පුරවැසි සමාජය තුළින් ඉදිරිපත් වූ එකකි. එය පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ මූලිකත්වයෙන් ඇති ‘සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය’ සහ සෙසු පුරවැසි කණ්ඩායම් විසින් කාලයක් තිස්සේ හදා වඩා පෝෂණය කරගෙන එනු ලැබූ අදහසකි. දැන් එයට ලංකාවේ සිව් දිගින් විවිධ ජනවර්ග හා ආගම් වලට දේශපාලන පක්ෂ වලට අයත් ජන කොටස් සංවිධානාත්මක වශයෙන් සම්බන්ධ වී ඇත.

එම නිසා මෙය සම්ප‍්‍රදායික වශයෙන් දක්නට ලැබුණු මැතිවරණ ව්‍යාපාරයක් නොවන බව පැහැදිළිය. මේ නිසා මෙම ජනාධිපතිවරණ ව්‍යාපාරය දේශපාලන පක්ෂ භේද අමතක කොට සෑම සියලූ පුරවැසියෙකුගේම පොදු අභිලාෂ මුදුන් පමුණුවා ගැනීම සඳහා පුරවැසියන්ගේම මූලිකත්වයෙන් දියත් වී ඇති පුරවැසි ව්‍යාපාරයක් බව නිසැකව ප‍්‍රකාශකළ හැක.

මේ නිසා අපේ රට නැවත වතාවක්,
ශිෂ්ට සම්පන්න, සදාචාරවත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සමාජ සාධාරණත්වය, විවිධ ජනකොටස් අතරඅන්‍යොන්‍ය විශ්වාසය සහිත සමාජයක් බවට පත් කිරීම උදෙසා ඔබ සැමගේ ක‍්‍රියාකාරී දායකත්වය මේ ජනාධිපතිවරණ ව්‍යාපාරයට ලබා දීම අතිශය වැදගත්ය.

වර්තමාන පාලකයින් ඔබට ලබා දී ඇත්තේ මොනවාද?

අවුරුදු තිහක් පැවැති යුද්ධය අවසන් කොට, රටට සාමය උදා කොට රට සෞභාග්‍යය වෙත රැගෙන යමින් පවතින්නේ ය යන්න වර්තමාන පාලකයින් මේ වන විට ඔබ ඉදිරියේ තබන සුරංගනා කතාවයි. නමුත් මේ සුරංගනා කතාවට පසුපසින් සැඟවී ඇති සත්‍යය තත්වය කුමක් ද?

මේ තත්වය තේරුම් ගැනීම සඳහා
අපි ඔබෙන් සරළ ප‍්‍රශ්න කීපයක් අසමු!

x ඔබ ඔබගේ පවුලේ ආදායම් තත්වය ගැන සෑහීමකට පත් වන්නේද?

x ඔබගේ ආදායම ඔබගේ සහ ඔබගේ පවුලේ සෙසු සාමාජිකයින්ගේ දෛනික කටයුතු සඳහා ප‍්‍රමාණවත්ද?

x ඔබ මුහුණ දී සිටින ආර්ථික ගැටලූජය ගැනීම සඳහා රාජ්‍යය වෙතින් ප‍්‍රමාණවත් කාර්යභාරයක් ඉෂ්ට වන්නේ යැයි ඔබ සිතන්නේද?

x පුරවැසියන්ට අධ්‍යාපනය, සෞඛ්‍යය, පොදු ප‍්‍රවාහනය වැනි පොදු සේවා සැපයීම රාජ්‍යයේ වගකීමක් යැයි ඔබ සිතන්නේ ද?

x ඔබ ඔබගේ දරුවාගේ අධ්‍යාපනය සඳහා ඇති පහසුකම් පිළිබඳව ඔබ සෑහීමකට පත්වන්නේද?

x ඔබගේ සහ ඔබ පවුලේ සාමාජිකයින්ට රාජ්‍යයෙන් සැපයෙන්නා වූ සෞඛ්‍ය පහසුකම් පිළිබඳව ඔබ සෑහීමකට පත්වන්නේද?

x නිදහස් අධ්‍යාපනයක් සහ නිදහස් සෞඛ්‍යය සේවාවක් රටේ ඇතැයි කියන මුත් ඔබගේ දරුවන්ට රාජ්‍යයෙන් ලැබෙන අධ්‍යාපන පහසුකම් මෙන්ම ඔබට හා ඔබේ පවුලට රාජ්‍යයෙන් ලැබෙන සෞඛ්‍ය පහසුකම් පිළිබඳව ඔබ සෑහීමකට පත් වන්නේද?

x ඔබගේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ඔබගේ දෛනික ආදායමෙන් කොයිතරම් ප‍්‍රමාණයක් ඔබට වැය කිරීමට සිදුවී තිබේද?

x ඔබ හෝ ඔබගේ පවුගේ සාමාජිකයෙක් අසනීප වූ කල්හී වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා දැරීමට සිදුවෙන වියදම් පිළිබඳව ඔබ සිත් තැවුළෙන් පසුවන්නේ ද?

x ඔබට රාජ්‍යය හරහා කිසියම් සේවාවක් ලබා ගැනීමට අවශ්‍යව තිබෙන අවස්ථාවකදී (උදාහරණයක් ලෙස, හැඳුනුම් පත හෝ නැතිවුණු ලේඛනයක් නැවත ලබා ගැනීම, ඔබගේ දරුවා පාසැලකට ඇතුළු කරගැනීමේ දී හො වෙනත් අවස්ථාවලදී* ඒ ස්ථානවල ඔබ දන්නා හදුනන කෙනෙක් නැතිනම් ඔබගේ කටයුත්ත නිසි පරිදි කරගැනීමට නොහැකි වේ යැයි ඔබ කනස්සල්ලෙන් පසු වේද?

මෙකී ප‍්‍රශ්න සම්බන්ධයෙන් ඔබට ඇත්තේ අසතුටුදායක තත්වයක් නම්, එයින් හැගවෙන්නේ වෙනසක් පිළිබඳ තදින් සිතා බැලීමේ අවශ්‍යතාවය ඔබ ඉදිරියේ පවතින බවයි.

මීට අමතරව තවත් ප‍්‍රශ්න කීපයක් ඔබෙන් ඇසීමට අපි කැමැත්තෙමු.

x ඔබගේ දරුවන්ට උරුම වීමට ඇති අනාගතය පිළිබඳව ඔබ පසුවන්නේ සතුටුදායක මානසිකත්වයකින් ද?

x ඔබගේ දරුවන්ට ලැබෙන අධ්‍යාපනය ගැන ඔබ සතුටු වන්නේ ද?

x යුද්ධය නිමවී ඇතත් ඔබගේ දරුවන්ට, විශේෂයෙන් ඔබගේ දියණියන්ට සුරක්ෂිත වටපිටාවක් නිර්මාණය වී ඇතැයි ඔබ සිතන්නේ ද?

x ඔබගේ ඡුන්දයෙන් ඉහළ තනතුරුවලට පත්වී ඇති පාලකයින් ඔබ ඔවුන්ගෙන් අපේක්ෂා කළ ආකාරයේ හැසිරීමක් පෙන්නුම් කරයිද?

x පුරවැසියෙක් ලෙසට ඔබට රටේ ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් භුක්ති විඳීමට ඇති ඉඩකඩ පිළිබඳව ඔබ සෑහීමට පත්වන්නේද?

x පාලකයින් මහජන මුදල් වගකීීමක් සහිතව අරපරිස්සමින් පාවිච්චි කරන්නේ යැයි ඔබ සිතන්නේද?

x ලෝකයේ විශාලතම යැයි සැලකිය හැකි අමාත්‍ය මණ්ඩලය විසින් සහ ඒ එකිනෙක ඇමතිවරයා විසින් සිදුකරනු ලබල කටයුතු ගැන ඔබට සෑහීමකට පත් විය හැකි ද?

x සංවර්ධනයේ නාමයෙන් දැනට සිදු කෙරීගෙන යන කටයුතු සැබෑ ලෙස සමාජයේ වර්තමාන හෝ අනාගත යහපතට ඵලදායී ලෙස දායක වේ යැයි ඔබ සිතන්නේද?

x ග‍්‍රාමීය ප‍්‍රදේශවල ජනයා මුහුණ දෙන විවිධ සමාජ ආර්ථික ගැටලූ, නායයෑම් වැනි ආපදා, වන අලි තර්ජන වැනි විපත්, රජරට වකුුගඩු රෝගය වැනි සෞඛ්‍යය ගැටලූ වැනි දේට ප‍්‍රතිඵල දායී විසඳුම් මේ පාලකයින් සතුව තිබේ යැයි ඔබ සිතන්නේ ද?

x ග‍්‍රාමීය ජනයාගේ නිෂ්පාදන වලට කාර්යක්ෂම වෙළඳපොලක් සහතික කිරීම සඳහා බලධාරීන් සමත් වී ඇතැයි ඔබ සිතන්නේ ද?

x අධිකරණය පොලිස් සේවාව වැනි සේවාවන් අපක්ෂපාතී ලෙස සිය මහජන සේවාව සපුරන්නේ යැයි ඔබට සතුටු විය හැකිද?

x රාජ්‍ය බලය භුක්ති විඳින පිරිස් එම බලන වගකීම් සහිතව මහජනයාට කරදරයක් නොවන ආකාරයෙන් මහජන සුභසෙත සඳහා පමණක් භාවිත කරන්නේ යැයි ඔබ සිතන්නේද ?
x ජනමාධ්‍යයන්ට සිමා කිරීමක් නොමැතිව ඔබට අවශ්‍ය තොරතුරු ලබා දීම සඳහා අවශ්‍ය නිදහස තිබේ යැයි ඔබ සිතන්නේ ද?

x ඔබට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමේ අයිතිය හා හැකියාව සතතික වී ඇතැයි ඔබ සිතන්නේ ද?

x අපේ රට ජාත්‍යන්තර වශයෙන් ගෞරවාන්විත තත්වයකට පත් කිරීමට අවශ්‍ය ප‍්‍රඥාව මේ පාලක පිිරිස සතුව ඇතැයි ඔබ සිතන්නේ ද?

මෙකී ප‍්‍රශ්න වලට අදාළව ඔබට ඇත්තේ සතුටු විය හැකි පිළිතුරු නොවේනම්, එයින් පැහැදිළිවම පෙනී යන්නේ වෙනසක් සඳහා වහා වහා ක‍්‍රියාත්මක වීම අත්‍යාවශ්‍යය බවයි.

කෙසේ වෙතත් වර්තමාන පාලක පිරිසට මේ ගැටලූ වලට පිළිතුරු සැපයීමේ හැකියාවක් තිබේ ද යන්නත් සොයා බැලිය යුතුය. කෙසේ වෙතත් අපගේ අදහස වන්නේ කරුණු කීපයක් නිසා මෙම ගැටලූ වලට පිළියම් වර්තමාන පාලක පිරිස වෙතින් බලාපොරොත්තු වීම නිෂ්ඵල කාරණාවක් බවයි.
අප එසේ කියන්නේ ඇයි?

අප එසේ කියන්නේ කරුණු කීපයක් නිසාය.

දැනට වසර දහයක කාලයක් මේ රටේ රාජ්‍යය බලය දැරූ පිරිස වෙතින් මෙතෙක් කල් මේ ගැටලූවලට පිළිතුරු සැපයුනේ නැතිනම් තව දුරටත් මේ පිරිස වෙතින් එවැනි විසඳුම් බලාපොරොත්තු වීම ඉතාම අමනොඥ ක‍්‍රියාවකි.

මේ ප‍්‍රශ්න වලට විසඳුම් සැපයීමට වර්තමාන පාලක කණ්ඩායම අසමත් වී ඇතුවා පමණක් නොව තව දුරටත් එසේ කිරීමට අසමත්ය. මේ අනුව:
x වර්තමාන පාලක කණ්ඩායම ඉතාම දූෂිත කල්ලියක් බවට පත්වී තිබේ.

x එක් අතකින් ජනාධිපතිවරයාගේ පවුල තුළ බලය හා ධන මූලාශ‍්‍ර සංකේන්ද්‍රණය වී ඇති අතර මේ පිරිස් සිතුමතේ සහ සීමාන්තික ලෙස මහජන දේපළ කොල්ල කෑමේ හා අපහරණය කිරීමේ යෙදෙී සිටී.

x ජනාධිපතිවරයාගේ පුත‍්‍රයින්ගේ හැසිරීම මේ සම්බන්ධයෙන් ගත්කළ අපගේ ඇස්අරවන සුළුය. ජනාධිපති පුතුන් අතිවිශාල ලෙස මහජන ධනය තම පුද්ගලික ආශාවන් තෘප්ත කරගැනීම සඳහා යොදාගන්නා ආකාරය මේ පාලක පිරිස තවත් කාලයක් බලයේ සිටියහොත් මේ අයගේ හැසිරීම කෙසේ විය හැකිද යන්න තේරුම් ගැනීම දුෂ්කර නොවේ.

x මේ පාලක කල්ලිය වටා ගොණු වී සිටින්නේ ඉතාම සැක සහිත මාර්ග වලින් ප‍්‍රකෝටි ගණන් මුදල් උපයාගෙන ඇති පිරිසකි. මේ පිරිස කිසිදු හිරිකිතයකින් තොරව රාජ්‍ය බලය අපහරණය කරමින් සිටින අතර මේ අය සම්බන්ධයෙන් නීතිය ක‍්‍රියාත්මක කිරීමක් සිදුනොවේ. වරක් මෙවැනි සැක කටයුතු ලෙස ධනය රැස් කරගෙන ඇති සහ ආණ්ඩු පක්ෂයේ බලය සහිත පලාත්සභාවක ඇමති වරයෙකු ද වන එක් ධනකුවේරයෙකුගේ නිවසක් පොලීසිය විසින් පරීක්ෂාකරනු ලැබූ අවස්ථාවේ ජනාධිපතිවරයා කළේ පුද්ගලිකවම ඔහුගේ නිවසට ගොස් ඔහුගේ ආරක්ෂාව සහතික කිරීමයි.

x මෙම පාලක කල්ලිය වර්තමාන විධායක ජනාධිපති තරතුර ප‍්‍රමුඛ අධිකාරවාදී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ උපරිම ආරක්ෂාව හා රැකවරණය ලබමින් සිටී. එපමණක් නොව එම තනතුරේ වරප‍්‍රසාද උපරිම අයුරින් අවභාවිත කරමින් සිටී.

x ඉතාම සදාචාරවිරෝධී ලෙස විපක්ෂයේ මන්ත‍්‍රීන් බිලී බා ගනිිමින් පාර්ලිමේන්තුවේ තමන්ට ඇති මන්ත‍්‍රී සංඛ්‍යාව වර්ධනය කරගෙන ජනතා පරමාධිපත්‍යය හාස්‍යයට ලක්කරමින් තම බලය සදාකාලික කරගැනීම සඳහා අවශ්‍ය ව්‍යවස්ථා රැකවරණ සපයාගෙන ඇත.

x මේ තත්වය තුළ මෙම පාලක කල්ලියෙන් යහපත් ආණ්ඩුකරණයක් බලා පොරොත්තු වීම ඉබ්බන්ගෙන් පිහාටු බලාපොරොත්තු වීමකට වඩා වැඩි දෙයක් නොවේ.

මේ නිසා අප ඉදිරියේ ඇති එකම විකල්පය වශයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා ජනහිතකාමී ආණ්ඩුකරණයක් සඳහා පළමු වෙනුව මේ පාලක කල්ලිය බලයෙන් ඉවත් කිරීම අත්‍යවශ්‍ය වී ඇත.

කෙසේ වෙතත් පවතින ආණ්ඩුව ඉවත් කොටඅළුතෙන් බලයට පත්වන් ආණ්ඩුවෙන් ඉහත සඳහන් කළ ඔබගේ දැවෙන ප‍්‍රශ්න වලට පිළිතුරු බලාපොරොත්තු විය හැකිද?

මේ ප‍්‍රශ්නය වැදගත් ප‍්‍රශ්නයකි. ඒ මක් නිසා ද යත් ජනවාරි 8 වනදාට අළුතෙන් බලයට පැමිණීමට නියමිත පිරිස අළුත්ම පිරිසක් නොවේ. ඒ අය ද මේ රටේ සෑහෙන කාලයක් රාජ්‍ය බලය භුක්ති විඳි සහ සෑහෙන දුරට වර්තමාන අභාග්‍ය සම්පන්න තත්වයන්ට වගකිවයුතු අය ද වෙති.

ඒ නිසා ඒ අයට නැවත වතාවක් බලය ලබා දීමෙන් පලක් වේද?

මේ ප‍්‍රශ්නයට අපි පිළිතුරු කීපයක් යෝජනා කරමු.

x දැනට රට පත් වී ඇති අභාග්‍ය සම්පන්න තත්වයෙන් ගොඩ ඒම ඉතා හදිසි අවශ්‍යතාවයක් වන බැවින් අළුතෙන් බලයට පැමිණෙන පිරිස පිළිබඳව සිතමින් මේ හදිසි කාර්යය පසුපසට දැමීම අතිශය අනතුරුදායක ක‍්‍රියාවකි. ඒය හරියට ගිණිගෙන දැවෙන නිවසක් තුළ දැවී මියයාමට ආසන්නව සිටින මිනිසෙක් දැවෙන නිවසින් එළියට නොපැමිණ නිවසට පිටන් තත්වය යහපත්ද යන්න විමසමින් කල් මැරීම වැන්නකි.

x මේ මැතිවරණ ව්‍යාපාරය දියත් කරනු ලැබ ඇත්තේ තන් දේශපාලන පක්ෂයක් විසින් නොවේ. එය මේ වන විට පුළුල් පුරවැසි මෙහෙයුමක් බවට පත්වී ඇත. මෙම පුළුල් පුරවැසි ජාලය මැතිවරයෙන් පසු මහජනයාගේ අභිලාෂ වෙනුවෙන් කටයුතු කරන ආරක්ෂක දැලක් බවට ලත් කරගැනීමේ හැකියාව ඇත. ඇත්ත වශයෙන්ම එය එසේ කිරීමද අත්‍යවශ්‍ය වේ.

x පුදගලයින් මත විශ්වාසය තිබීම අවම කිරීම අවශ්‍යවේ. පුද්ගලයින්ට සහ විවිධ කල්ලි කණ්ඩායම්වලට බලය අවභාවිත කිරීමට හැකියාව ලැබී ඇත්තේ පුද්ගල ප‍්‍රතිරූප කෙරෙහි අධි විශ්වාසය තබා ඇති නිසාය. වර්තමානයේ ඇති වී ඇති ප‍්‍රජාතන්ත‍්‍රවීරෝධී ‘‘මහරජාණනි’’ මානසිකත්වය මේ තත්වයේ උච්චතම වර්ධනයයි. එම නිසා මෙම ව්‍යාපාරය විසින් මූලික වශයෙන් යෝජනා කරනු ලබන්නේ ආයතනික ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාදාමයකි. විශේෂයෙන්ම වර්තමාන අර්බුදයේ කෙන්ද්‍රයේම තිබෙන්නා වූ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම, 17 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ඇති කිරීමට උත්සාහ කරනු ලැබූ යහපාලනය සඳහා වූ විධිවිධාන යල බලගැන්වීම, දැනට අතිශය දූෂිත තත්වයට පත්වී ඇති මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීම යනාදිය මේ අතර වේ.

x අවසාන වශයෙන් කිව යුත්තේ ජනාධිපතිවරණය සඳහා මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඉදිරිපත් වී සිටින්නේ දෙශපාලන පක්ෂ සහ පුරවැසි සංවිධාන ගණනක් එකතු වී අත්සන් කරනැ ලැබ ඇති අවබෝධතා ගිවිසුමක් මත පදනම් වෙමිනි. මේ නිසා මෛත‍්‍රිපාල සිරිසේන මහතා ප‍්‍රමුඛ අළුතින් පත්වන ආණ්ඩුවට මේ අවබෝධතා ගිවිසුම නොතකා ක‍්‍රියාත්මක කිරීමට නොහැකි වනු ඇත.

අවසාන වශයෙන් අප ඔබ වෙත ආයාචනය කර සිටින්නේ මේ ජනතා විරෝධී ගමනට නැවතීමේ තිත තැබීම සඳහා මේ ජනාධිපතිවරණයෙදී මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ඡුන්දය පාවිච්චි කරන ලෙසයි. එසේම ඉන් පසුවත් යහපත් සමාජයක් සඳහා පුරවැසියන් ලෙස සාමූහිකව මැදිහත් වීමට සූදානම් වන ලෙස ද අපි ඔබට තවදුරටත් ඇයුම් කරමු.

සාධාරණ සමාජයක් සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය