Tagged ජෝන් බෙලමි ෆොස්ටර්

Featured

ගෝලීය උතුරේ හීනවන-වර්ධනය සහ ගෝලීය යුක්තියේ අවශ්‍යතාවය – සමුද්‍රන් විසිනි

ජනතාවගේ අවශ්‍යතා ඉදිරියට ගෙන යන ප්‍රතිසංස්කරණ සඳහා අනෙකුත් වාමාංශිකයන් සමඟ මාක්ස්වාදීන් ද එක්ව සටන් කරති. නමුත් ඔවුන් ප්‍රතිසංස්කරණවාදය ප්‍රතික්ෂේප කරති. ධනවාදයට වඩා හොඳ විකල්ප ක්‍රමයක් උදා කළ නොහැකි ය යන ධනපති පන්තියේ මතවාදයට ප්‍රතිසංස්කරණවාදය සහාය වේ. ධනේශ්වර ක්‍රමය තුළ අරගල කර දිනාගත් අයිතිවාසිකම් පවා සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වීම ප්‍රාග්ධනයේ ප්‍රධාන පන්තිමය අවශ්‍යතාවලට යටත් ය යන්න ඉතිහාසය දෙන පාඩමයි.

Featured

නව මානව යුගයේ පාරිසරික මාක්ස්වාදය – නිමක් නැති ප්‍රාග්ධන සමුච්චයනය ද, නැතහොත් තිරසාර මානව සංවර්ධනය ද? 

” දහනවවන සියවසේදී මාක්ස් විසින් හඳුනාගත් පරිවෘත්තීය විඛණ්ඩනය, අද විසිඑක්වන සියවසේදී ධනවාදයේ වර්ධනය සහ එහි ගෝලීය ව්‍යාප්තියත් සමඟ බහුවිධ පැතිකඩ සහිත පාරිසරික ගැටලුවක් බවට පත්ව, මිනිසාගේ සහ අනෙකුත් ජීවීන්ගේ පැවැත්ම ඉතා දරුණු අවදානමකට ලක් කර ඇත. එදාම ඔහු ධනවාදී ක්‍රමයේ පරිවෘත්තීය විඛණ්ඩනය යථා තත්ත්වයට පත් කළ නොහැකි බවට නිරීක්ෂණය සටහන් කළේය. මෙහි අර්ථය නම් ධනවාදී ක්‍රමය තුළ එම විඛණ්ඩනය යථා තත්ත්වයට පත් කළ නොහැකි බවයි. “