Tagged දේශපාලනය

Featured

සමාජවාදය හෝ ම්ලේච්ඡත්වය : ඇමරිකානු වමේ ඉතිහාසය පුනර්ජීවනය කිරීම – එරික් රොස් විසිනි

තම ජනතාවට සැබවින්ම සේවය කරන සමාජයක් ගොඩනැගීම සඳහා, ප්‍රජාතන්ත්‍රවාදය යනු මැතිවරණ පැවැත්වීම පමණක් නොව, වරප්‍රසාද ලත් ස්වල්ප දෙනෙකුට වඩා බොහෝ දෙනා වෙනුවෙන් සටන් කිරීම කෙරෙහි අවධානය යොමු කරන සැබෑ ජීවන රටාවක් ලෙස තේරුම් ගන්නා දිගු කලක්  තිස්සේ පැවති ආන්තික සම්ප්‍රදායක් නැවත ලබා ගැනීම අවශ්‍ය වේ. (නිව් යෝර්ක් නගරයේ පුරපති ධුරය සඳහා වන මැතිවරණය 2025 නොවැම්බර්…

Featured

බිම් අඟලක් බලයෙන් අල්ලා ගැනීමේ සිට පූර්ණ අයිතිය දක්වා: සියොන්වාදී ආක්‍රමණික උපායමාර්ග-සීමාරහිතයි

බිෂොප් දුලිප් ද චිකේරා විසිනි එය පලස්තීන නිවාස කඩා බිඳ දමමින් ඔවුන්ගේ ඉඩම් අත්පත් කර ගනී, හිතුමතේට රඳවා තබාගෙන ඝාතනය කරයි; ඉන්පසු තම මිත්‍ර පාක්ෂිකයින් සමඟ එක්ව, ඊට විරුද්ධ වන්නන්ට යුදෙව්-විරෝධී යැයි චෝදනා කරයි. ගාසා තීරය ඊශ්‍රායලය විසින් මහා විනාශයකට ලක් කිරීමට විසඳුමක් ලෙස, ගාසා ජනගහනය අසල්වැසි අරාබි රාජ්‍යයන් විසින් ගාසා තීරයේ ජනගහනය අවශෝෂණය කර ගත යුතු යැයි…

Featured

ගෝලීය උතුරේ හීනවන-වර්ධනය සහ ගෝලීය යුක්තියේ අවශ්‍යතාවය – සමුද්‍රන් විසිනි

ජනතාවගේ අවශ්‍යතා ඉදිරියට ගෙන යන ප්‍රතිසංස්කරණ සඳහා අනෙකුත් වාමාංශිකයන් සමඟ මාක්ස්වාදීන් ද එක්ව සටන් කරති. නමුත් ඔවුන් ප්‍රතිසංස්කරණවාදය ප්‍රතික්ෂේප කරති. ධනවාදයට වඩා හොඳ විකල්ප ක්‍රමයක් උදා කළ නොහැකි ය යන ධනපති පන්තියේ මතවාදයට ප්‍රතිසංස්කරණවාදය සහාය වේ. ධනේශ්වර ක්‍රමය තුළ අරගල කර දිනාගත් අයිතිවාසිකම් පවා සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වීම ප්‍රාග්ධනයේ ප්‍රධාන පන්තිමය අවශ්‍යතාවලට යටත් ය යන්න ඉතිහාසය දෙන පාඩමයි.

Featured

රාජ්‍යය ද නැතහොත් වෙළඳ පොළ ද? දෙකම !

වෙළඳපොළට සෑම ගැටලුවක්ම විසඳිය හැකි යැයි අවධාරනය කරන නව-ලිබරල් මිථ්‍යාවේ අනෙක් පැත්ත නම්, ජනතාවගේ ජීවිතය දුෂ්කර කිරීම හැර රජයට කළ හැකි දෙය ස්වල්පයකි යන විශ්වාසයයි. නව-ලිබරල්වාදය සාමූහික යහපත පිළිබඳ අදහස නිදහස් වෙළඳපොළ ආර්ථිකය සහ රජය අතර ප්‍රශ්නයක් බවට පත් කරයි. පෞද්ගලික ධනේශ්වර අංශය සහ සාමූහික ජීවිතයේ දේශපාලන මෙවලම වන රජය අතර තෝරා ගැනීමක් ලෙස ප්‍රශ්නය මතු කිරීම, නොමඟ යවන සුළු ය……ආර්ථිකයේ තීරණාත්මක මූලධර්මය ලෙස වෙළඳපොළ ගැනීම යටතේ පවතින විශ්වාසය නම්, වෙළඳපොළේ හුවමාරුවේදී පුද්ගලයන් තමන්ට යහපත් දේ නිදහසේ තීරණය කරන බවයි. මෙහිදී, සාමූහික ජීවිතයේ යහපත, ප්‍රජාව සෑදෙන පුද්ගලයන්ගේ තනි තනි යහපත් දේවල එකතුව ලෙස සංකල්පනය කෙරේ. ‘පොදු යහපත’ පිළිබඳ එවැනි අවබෝධයක ප්‍රධාන සැලකිල්ල වන්නේ, පුද්ගල භාණ්ඩ සැපයීම තුළින් තනි තනි පුද්ගලයන්ගේ ‘සුබසාධනය’ යි. එබැවින්, පොදු යහපතේ මඟ පෙන්වන මූලධර්මය ලෙස අප වෙළඳපොළ ආර්ථිකය යෝජනා කරන විට, යටින් පවතින අදහස වන්නේ පුද්ගල යහපත උත්තරීතර වන අතර, පොදු යහපත එසේ නොවන බවයි.

Featured

කෙන්යාවෙන් ශ්‍රී ලංකාවට : විරෝධතා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ඉහළ අභිලාෂය

අහිලන් කදිර්ගාමර් මගේ හැදෙන වැඩෙන වියේදී, මම දිගු දුර දිවීමෙහි නිරත වූ විට, මම රූපවාහිනියෙන් නැරඹූ කෙන්යානු දුර දුවන්නන්ගේ වෙහෙසක් නොමැති ලෙසක් පෙණුනු රිද්මයට වශී වී සිටියෙමි. එම කඩිසර කෙන්යානු ගැහැණුන් සහ පිරිමින් මෙන් දිවීමේ මගේ සිහිනය කිසිදා ඉටුකර ගැනීමට නොහැකිව, මගේ පසුකාලීන වසරවලදී මම 1950 ගණන්වල යටත්විජිත විරෝධී මාවු මාවු කැරැල්ල සහ කෙන්යාවේ නිදහස…

Featured

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ  ඉලක්ක ශ්‍රී ලංකාවේ නීතිය බවට පත් වූ විට-අහිලන් කදිර්ගාමර්

ශ්‍රී ලංකාව මැතිවරණය සඳහා සූදානම් වෙමින් සිටියදීම,  නීත්‍යානුකූල භාවයකින් තොර පාර්ලිමේන්තුවක් හරහා නීති කඩිනමින් ගෙන යමින් තිබේ. එම බොහෝ කෙටුම්පත් නීති අතර – 2023 නොවැම්බර් මාසයේ දී සිය අයවැය කතාවේදී ජනාධිපතිවරයා කියා සිටියේ තමාට නව නීති හැටක් නිර්මාණය කිරීමට හෝ සංශෝධනය කිරීමට අවශ්‍ය බව ය – මේ වන විට වඩාත්ම කුප්‍රකට එකක් වන්නේ ආර්ථික පරිවර්තන…