Tagged දේශපාලනය

ආගමික සහජීවනය දඹුල්ලේදී පරීක්ෂාවට ලක්වීම

ආගමික සහජීවනය දඹුල්ලේදී පරීක්ෂාවට ලක්වීම – නිර්මාල් රංජිත් දේවසිරි බොරලැස්ගමුවේ පිහිටි සුප‍්‍රසිද්ධ පිල්ලෑව පූජා ස්ථානය ඉදිරිපිට හොරණ පාරේ පිහිටුවා ඇති විශාල දැන්වීම් පුවරුවක අපූරු පාඨයක් දක්නට තිබේ. ඒ මෙසේය: ‘‘සියලූ ජාති ආගම් භේද වලින් තොර ශ‍්‍රී ලංකාව බෞද්ධ රාජ්‍යයක් වේවා’’. බැලූ බැල්මට ම මෙම ප‍්‍රකාශයේ එන සංඝඨක දෙක එකිනෙකට පරස්පර වේ. කෙසේ වෙතත් එය පරස්පර නොවන ප‍්‍රකාශයක් ලෙස කියවීමටද හැකියාව තිබේ. එක් ආකාරයක් නම් ‘‘සියලූ ජාති ආගම් භේද වලින් තොර’’ යන්න නිෂේධාත්මක ප‍්‍රකාශයක් ලෙස ගැනීමෙනි. ඒ හරියට ‘‘අපරාධ වලින් පිරි ලංකාව අපරාධ වලින් තොර දේශයක් වේවා’’ යන ප‍්‍රකාශයේ ‘‘අපරාධ වලින් පිරි ලංකාව’’ මෙනි. එසේ වුව ද මෙම ප‍්‍රකාශයේ ‘‘සියලූ ජාති…

‘ ඔබතුමාගේ ආණ්ඩුව නිදහස් අධ්‍යාපනය විනාශ කරමින් සිටියි‘ ජනාධිපති වෙත සන්දේශයක් – විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය

‘ ඔබතුමාගේ ආණ්ඩුව නිදහස් අධ්‍යාපනය විනාශ කරමින් සිටියි‘ ජනාධිපති වෙත සන්දේශයක් – විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය ශ‍්‍රී ලංකාව සිය ආකර්ෂණීය සමාජ දර්ශක පිළිබඳ නිදහස ලැබූ දා සිටම ලබන ගෞරවය හා අගයකිරීම් ලැබුණේ මූලික ආයතන දෙකක් ස්ථාපිත කිරීම හා ආරක්ෂා කිරීම නිසාය. ඒ මූලික ආයතන දෙක වූකලි නිදහස් සෞඛ්‍ය සේවය හා නිදහස් අධ්‍යාපන සේවයයි. මේ අංශ දෙක නිසා කිසිම කෙනෙකුට වෙනස්කම් කිරීමක් නොමැතිව මූලික අයිතිවාසිකම් දෙකක් ආරක්ෂා කිරීමට ශ‍්‍රී ලංකාවට හැකි විය. සංවර්ධිත යැයි ප‍්‍රසිද්ධ රටවල්, තමන්ගේ ධනවත්බව කෙසේ වෙතත්, මේ නිදහස් සෞඛය හා නිදහස් අධ්‍යාපනය යන ඉලක්ක දෙක සපුරා ගැනීමට තවමත් තැත් දරමින් සිටියි. ඒ නිසා අප ලබා ඇති…

පෙරටුගාමී සමාජවාදී පක්ෂයට අභියෝගයක් වන සරසවි නවක වධය

පෙරටුගාමී සමාජවාදී පක්ෂයට අභියෝගයක් වන සරසවි නවක වධය ජනතා විමුක්ති පෙරමුණෙ (ජවිපෙ) න් කැඩී ‘ජන අරගල කණ්ඩායම‘ ලෙස මෙතෙක් කටයුතු කළ පිරිස පෙරටුගාමී සමාජවාදී පක්ෂය නමින් මෙම සතියේ මහජන දේශපාලනයට පිවිසීම පිළිබඳ මෙරට වාමාංශික ජනයාගේ සුභාශිංසන හිමිවනු නිසැකය. සමාජයට අලුත්, සාධනීය දේශපාලන හඬක් එකතුවීම හැම විටමත් යහපත් දෙයකි. පෙරටුගාමී සමාජවාදී පක්ෂයට ලංකාවේ අප පසු කරමින් සිටින මෙම අවස්ථාව ට කළ හැකි දායකත්වය පිළිබඳ ලංකාවේ වාමාංශික ජනයා, විශේෂයෙන්ම තරුණ කොටස් බලාපොරොත්තු සහගතව සිටිති. ’71 ජීව ගුණය යළි පුබුදු කිරීම පැරණි වාමාංශික පක්ෂ ගිය පාරේම යමින් ජවිපෙ ත් තවත් එක් සම්ප්‍රදායික පාර්ලිමේන්තුවාදී දේශපාලන පක්‍ෂයක් බවට විපරිණාමය වී ඇති අවස්ථාවෙක ’71 ජීව ගුණය…

අධිකරණය විසින්ම අධිකරණයේ ස්වාධිපත්‍ය නැති කරලා

අධිකරණය විසින්ම අධිකරණයේ ස්වාධිපත්‍ය නැති කරලා නීතිපති දෙපාර්තමේන්තුව දේශපාලනීකරණය වී ඇතැයි හිටපු මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්.එම්.පී. වරාවැව පවසයි. ඔහු ඒ බව පැවසුවේ ජීවිතයට යුක්තිය සම්මන්ත්‍රණ මා‍ලාවේ තෙවැනි අදියරට එක් වෙමිනි. එය පැවැත්වුණේ මහනුවර ඊ.එල්.සේනානායක පුස්තකාල ශ්‍රවණාගාරයේදීය. එහිදී අදහස් දක්වමින් හිටපු මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්.එම්.පී. වරාවැව මෙසේ පැවසීය. http://www.newsfirst.lk/sinhala-news/?view=news_more&id=6522

අපරාධකාර දේශපාලනඥයා අපේම නිර්මාණයකි

අපරාධකාර දේශපාලනඥයා අපේම නිර්මාණයකි මානව ලෝකයේ අපරාධ සහ ප්‍රචණ්ඩත්වය තේරුම් ගැනීමට සමාජීය විද්‍යාවන් දරා ඇති උත්සාහයන් විවිධ කතිකාවන් බිහිකොට ඇත. ‘මානවයා ස්වභාවයෙන්ම ප්‍රචණ්ඩය’ යන හොබ්සියානු කතිකාව මෙන්ම ‘මානවයා ස්වභාවයෙන්ම අහිංසකය’ යන රූසෝවියානු කතිකාවද මානව‍යා පිළිබඳ පරම සත්‍යයන්ට වඩා සංස්කෘතික නිර්මිතයන් බව ‘ස්වභාවය සහ සංස්කෘතිය පිළිබඳ’ න්‍යායාත්මක විවාදය පිරික්සන්නෙකු නිගමනය කරන්නට ඉඩ තිබේ. මේ සමඟ සංසන්දනය කළ හැකි තවත් අදහසක් නම් ‘මානවයා යනු දේශපාලන සත්ත්වයෙකි’ යන ඇරිස්ටෝටල්ගේ සංකල්පීකරණයයි. ‘මානවයා ස්වභාවයෙන්ම ප්‍රචණ්ඩය’ යන මතය අප පිළිගතහොත් එම ප්‍රචණ්ඩත්වයට එරෙහිව ඉහලින් පාලනය පැණවිය යුතුය යන අදහසට එළඹෙන්නට අපට සිදුවෙයි. මීට වෙනස්ව, ඇරිස්ටෝටල්ගේ සංකල්පීකරණය හා සම්බන්ධ අදහසක් නම් මානවයා යනු තමන්ට තමන් හසුරුවා ගත…

‘56 පෙරළියට වසර 56යි ඒත් අපි තාම බිම! – ආචාර්ය මයිකල් ප‍්‍රනාන්දු

‘56 පෙරළියට වසර 56යි ඒත් අපි තාම බිම! – ආචාර්ය මයිකල් ප‍්‍රනාන්දු සාකච්ඡාව: විමලනාත් වීරරත්න ‘ 56 පෙරළිය නමින් අපි හඳුන්වන තත්ත්වය ඇත්තටම දේශපාලන පෙරළියක්ද? එක අතකින් මේක දේශපාලන පෙරළියක් ලෙස හැඳින්විය හැකියි. මොකද බි‍්‍රතාන්‍ය පාලකයන් ගියේ ඔවුන්ගේ නියෝජිතයන්ට මේ රටේ පාලනය භාරදීලයි. විශේෂයෙන්ම ඔවුන් සමාජවාදී රටවල් සමඟ සබඳතා නොපැවැත්වීමට වගබලා ගත්තා. ‘56 පෙරළිය කියන එකෙන් ඒ තත්ත්වය වෙනස් කැරුණක්. අන්තර්ජාතික වශයෙන් ලංකාවේ තත්ත්වය ඉන්පසු වෙනස් වුණා. එමෙන් අභ්‍යන්තරික වශයෙන්ද ධනවාදී ආර්ථිකය වෙනුවට මධ්‍යම ප‍්‍රතිපදාවක්යැ’යි ‘56 නිර්මාතෘවරුන් හඳුන්වපු එක්තරා සංවෘත ආර්ථික වැඩපිළිවෙලක් රට තුළ ක‍්‍රියාවට නැගුණා. බස් ජනසතුව, පාසල් රජයට ගැනීම හා ඊටත් පසුව කුඹුරු ඉඩම් පනත් වැනි දේවල් හරහා…