2010 මහ මැතිවරණයෙන් පසු: ආර්ථික වර්ධන වැඩ පිළිවෙල සහ පොදු යහපත අතර ගැටුමක්? අප සිටින්නේ මහ මැතිවරණය මුව විටය. බලයේ සිටින ආණ්ඩුව ජනාධිපතිවරණයේදී ඉහළ ජයග්‍රහණයක් ලබා ගැනීමෙන් අනතුරුව මහ මැතිවරණයෙන් පහසු ජයක‍් නොලබනු ඇතැයි සිතීම උගහටය. ජනාධිපතිධුරයේ බලතල සීමා කිරීමට සහ මනාප ඡන්ද ක්‍රමය සංශෝධනය කිරීම සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් කිරීමටත්, රට සංවර්ධනය කිරීමටත් තමන්ට තුනෙන් දෙකක බලයක් ලබා දෙන ලෙස ආණ්ඩුව ඉල්ලා සිටියි. ප්‍රධාන විපක්ෂය කියා සිටින්නේ ජීවන වියදම අඩු කිරීමට, විරැකියාවට පිළියම් යෙදීමට සහ දිළිඳුකම පිටුදැකීමට තමන් බලයට පත් කරන ලෙසයි. තමන් පත්කරන්නැයි අපේක්ෂකයෝ තම යහ ගුණ – දේශප්‍රේමය, ජනතාවගේ අවශ්‍යතාවන්ට සේවය කිරීම ඉන් ප්‍රධාන ය – ජනතාවට ඉදිරිපත්…
'kathika' social, cultural and political review
Tagged දේශපාලනය
Liberalism, Sinhala nationalism and the Presidential Election 2010: a belated rejoinder -“kathika” study circle
Liberalism, Sinhala nationalism and the Presidential Election 2010: a belated rejoinder -“kathika” study circle On the eve of the Presidential election 2010 the ‘‘Kathika’ study circle issued a statement on the election and there were some responses to it to which we could not attend at that time. In this article we address some key issues arising from some of the pertinent responses to our statement. The statement of the ‘Kathika’ study circle on the Presidential Election 2010, titled 2010 Presidential Election: Nationalism Or Liberalism? “Yes, Please!” sought to present an analysis of the political processes operative in the lead…
සුලුතරයන් කුමන මාවතක් තෝරා ගනු ඇත් ද? – සංකජය නානායක්කාර විසිනි
2010 ජනාධිපතිවරණය පිළිබඳ පසුවදනක්: වාර්ගික සුලුතරයන් කුමන මාවතක් තෝරා ගනු ඇත් ද? – සංකජය නානායක්කාර විසිනි මෙම මැතිවරණයේ දී දෙමළ සහ මුස්ලිම් ජනතාව ආණ්ඩුව තුළ සිටින තම ප්‍රජාවන්ගේ නියෝජිතයන් පුස්සන් බවට පත් කළෝය. මෙමගින් ඔවුන් කර ඇත්තේ ආන්ඩුව තුළ වූ තමන්ගේ කේවල් කිරීමේ බලය දිය කර හැරීමය. ඔවුන් ජනාධිපතිවරයා සිංහල අන්තවාදීන් ගේ ප්‍රාන ඇපකරුවකු බවට පත් කර ඇත. දෙමළ ඇතුලු වාර්ගික සුලුතරයන් හට තෝරා ගැනීම සදහා මාවත් දෙකක් ඇත. බෙදුම්වාදය එක් මාවතකි. මෙම මාවතේ තවදුරටත් ගමන් කළහොත් නුදුරු අනාගතයේ දී ලංකාවේ දෙමළ ජාතියක නෂ්ඨාවශේෂ පවා සොයා ගැනීමට අපහසු වේ. ටොරොන්ටෝවේ, ලංඩනයේ සහ පැරිසියේ දෙවැනි කැලෑසියේ පුරවැසියන් ලෙස ජීවත්වීම පමණි ඔවුන්…
2010 ජනාධිපතිවරණය- දුෂ්ඨ බලවේගයන්ගේ අශුද්ධ සන්ධානය – විදුර ප‍්‍රභාත් මුණසිංහ විසිනි
2010 ජනාධිපතිවරණය- දුෂ්ඨ බලවේගයන්ගේ අශුද්ධ සන්ධානය – විදුර ප‍්‍රභාත් මුණසිංහ විසිනි හෙට 2010 ජනාධිපතිවරණය පැවැත්වෙයි. මීට මාස 8 කට පමණ පෙර මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා සමග තරඟ කිරීමට සිතීම පවා කෙනෙකු කරන්නේ කෙසේදැයි ඇසූ සමාජයක් වෙනදා පුරුදු ඡුන්දයකදී මෙන්ම දෙපිලකට බෙදී සිටින්නේ එකී මහින්ද රාජපක්‍ෂ එහි අපේක්‍ෂකයකු ලෙස ඉදිරිපත්ව සිටියදීමය. ඔහුගේ ප‍්‍රතිවාදියා ලෙස යුධ ජයග‍්‍රහණයේදී ඔහු සමඟ සිටි ඔහුගේ යුධ හමුදාපතිවරයා ඉදිරිපත්ව සිටියි. දෙපාර්ශ්වයම යුධ ජයග‍්‍රහණයේ සුජාත අයිතිය තමන්ට හිමිවිය යුතු බව කියා සිටිති. මෙවන් සන්දර්භයක් තුල වර්තමාන නිමේෂයෙහි කිසියම් මූල බීජයක් යුධ ජයග‍්‍රහණයේ නිමේෂය හා බැඳී පවතින්නේ යැයි සිතිය හැක. එබැවින් වර්තමාන මෙහොත පිලනිබඳ උදහසක් දැක්වීමට ප‍්‍රවේශයක් ලෙස 2009. 05.…
සුලුතරයන් කුමන මාවතක් තෝරා ගනු ඇත් ද? –සංකජය නානායක්කාර විසිනි
2010 ජනාධිපතිවරණය: ජාතිකවාදයද නැතහොත් ලිබරල්වාදයද? දෙකම! – ‘කතිකා’ අධ්‍යයන කවය විසිනි PDF මාදිලියෙන් කියවන්න මෙතැන Download PDF here 2010 ජනාධිපතිවරණය, ලංකාව එහි අනාගත ගමන් මග සම්බන්ධයෙන් අතිශයින් තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ ඇති බව සළකුණු කරන්නේය යන්න අපගේ අදහසයි. මේ බව මෙරට මහජනයාද වටහා ගෙන ඇති බව ජනාධිපතිවරණය පිළිබඳ ඔවුන් දක්වන දැඩි උනන්දුවෙන් පෙනී යයි. ලාංකේය මහජනයා ජනාධිපතිවරණයේ ප්‍රධාන දෙපිළ අතර උග්‍ර ලෙස දෙකට බෙදෙමින් සිටිති. ජනාධිපතිවරණයේ ප්‍රධාන දෙපිළ අතර අපට දැකිය හැකි උග්‍ර ගැටුම ජාතිකවාදය සහ ලිබරල්වාදය යන ප්‍රතිවිරුද්ධ ලෙසින් වටහා ගැනෙන කතිකාවන් දෙකත්, ඒ මත ගොඩනැගුණු විශ්වාස පද්ධතීන් සහ ස්ථාපිතවී ඇති ජීවන ආකාරයන් පදනම් කොට ගත්තකි. මෙම ජනාධිපතිවරණය පැහැදිලිව…
ආදරණීය කෙලී සහ අනෙකුත් සහෝදරවරුනි, “වියවුල” හැම විටම ප්‍රගතිශීලී ප්‍රථිඵල ගෙන නොදෙනු ඇති බව අමතක නොකරන්න
ආදරණීය කෙලී සහ අනෙකුත් සහෝදරවරුනි, “වියවුල” හැම විටම ප්‍රගතිශීලී ප්‍රථිඵල ගෙන නොදෙනු ඇති බව අමතක නොකරන්න නිර්මාල් රංජිත් දේවසිරි විසිනි අතිශයින් භයානක නැඹුරුව වන්නේ සරත් ෆොන්සේකා ගේ ජයග්‍රහණය සඳහා වන මහජන ඉල්ලුම එන්නේ, ප්‍රජාතන්ත්‍රවාදී විපර්යාසයක් සඳහා අතිශයින් අනතුරුදායක වන, “දූෂණයෙන් තොර විනයගත සමාජයක්” සඳහා වන අවශ්‍යතාව දෙසිනි යන කරුණයි. දූෂණ-විරෝධී සටන් පාඨය නිවැරදි ය. නමුත් ජනතාවාදී දූෂණ-විරෝධී ආකල්පය ප්‍රබල ප්‍රජාතන්ත්‍ර- විරෝධී සහ ඒකාධිපතිවාදී මනෝභාවයක් ද කැටුව එයි.