ජනාධිපතික්‍රමය, නව ලිබරල්වාදය සහ ප්‍රජාතන්ත්‍රවාදය කුමුදු කුසුම් කුමාර ලංකාවේ ජනාධිපති පත්වන්නේ මහජන ඡන්දයෙනි. ජනපතිවරණයට එක් දේශපාලන පක්ෂයක නියෝජිතයෙකු ලෙස තරඟ කළද පදවි ප්‍රාප්ත වූ පසු ජනාධිපතිවරයා රටේ සමස්ත ජනතාවගේ ජනාධිපති ලෙස ඔවුනට සේවය කළ යුතු වෙයි. එහෙයින් රජය සැදුම් ගන්නා දේශපාලන සංවිධානවලට පිටස්තර වුවද රටේ විවිධ ජන කොටස් වෙතින් රජයට ඉල්ලීම් කෙරෙන විට ජනාධිපතිවරයා ඒවා තමන්ට පසමිතුරු ලෙස සළකා මර්ධනය කිරීමට යොමුවීම ජනාධිපති තනතුර හෑල්ලුවට ලක් කරයි. අවාසනාවට මෙන් ජනාධිපති තනතුර පිහිටුවූ ආරම්භක සමයේ සිටම මෙරට ජනාධිපතිවරුන් ක්‍රියාකොට ඇත්තේ මෙබඳු ආකල්පයකිනි. මා දකින පරිදි මීට හේතුව වන්නේ තම සිතැඟි පරිදි රජයේ ප්‍රතිපත්ති තීරණය කිරීමේ තනි අයිතිය තමා සතුයැයි ජනාධිපතිවරුන් තීරණය…
'kathika' social, cultural and political review
Tagged නව ලිබරල්වාදය
පුනර්ප්‍රකාශනය – ජනාධිපති මැතිවරණය සහ ඉන් ඔබ්බට: නව-ලිබරල්වාදය, ජාතික චින්තනය සහ පුරවැසිභාවය
‘කතිකා‘ අධ්‍යයන කවය 2005 සහ 2010 ජනාධිපතිවරණයන් හිදී ඒ පිළිබඳ අපගේ විශලේෂණය ඉදිරිපත් කළෙමු. අප ඉදිරිපත් කළ එම අදහස් පිළිබඳ අදත් පුරවරයේ මහජන වේදිකාවේ අදහස් දැක්වෙමින් පවතී. එම සාකච්ඡාව ගැඹුරු කරනු වස් දේශපාලනය පිළිබඳ උනන්දුවක් දක්වන ඔබේ අදහස් සඳහා විවෘත කරමින් අපි එම ප්‍රකාශ යලිත් මෙහි පළ කරන්නෙමු. නම් අඬ ගැසීම් සහ පදනම් විරහිත ලේබල් ඇලවීම් සඳහා නොව අදහස් විවේචනය සඳහා මෙම ප්‍රකාශ විවෘත යි. ජනාධිපති මැතිවරණය සහ ඉන් ඔබ්බට: නව-ලිබරල්වාදය, ජාතික චින්තනය සහ පුරවැසිභාවය – අර්ථවිවරණයක් – කතිකා අධ්‍යයන කවය 2005 ජනාධිපති මැතිවරණය නව-ලිබරල්වාදය සහ ජාතික චින්තනය යන මතවාදයන් දෙක අතර කෙරෙන තීරණාත්මක සටනක් ලෙස, ජාතික ඌරුවක (national ethos)…
උසස් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ: මහින්ද චින්තනයට එරෙහිව ‘එස්.බී.චින්තනය‘!
උසස් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ: මහින්ද චින්තනයට එරෙහිව ‘එස්.බී.චින්තනය‘! – කුමුදු කුසුම් කුමාර විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය යලිත් වරක් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට අවතීර්ණ වීමට තීරණය කොට තිබේ. උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඊට එරෙහිව සටන් ප්‍රකාශ කොට තිබේ. පසුගිය වසරේ විශ්ව විද්‍යාල ආචාර්යවරු දියත් කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සහ නොබෝදා අවසන් වූ අනධ්‍යන සේවකයන්ගේ ගේ වර්ජනය ද සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය දැක්වූ ප්‍රතිචාරය සළකා බලන කළ මෙවරද තම සටනට අමාත්‍යාංශය තෝරා ගන්නා මග වනු ඇත්තේ මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සදාචාරාත්මකභාවයක් නොමැති බව මහජනයා හමුවේ පෙන්වන අතර ඊට විසඳුමක් නොදී එය දිග්ගස්සා මෙම අරගලය කෙසේ හෝ පරාජය කිරීම ට…
හෘද සාක්‍ෂිය – විදුර මුණසිංහ
හෘද සාක්‍ෂිය විදුර මුණසිංහ ප‍්‍රභාකරන් හුදෙක් අපගේ ප‍්‍රතිවාදියා පමණක් නොව අපගේ පැවැත්මේ, අපගේ සුඛ විහරණයේ, සාමකාමී හිඳීමේ, අපගේ සතුටේ ප‍්‍රතිපක්‍ෂය විය. අපගේ සතුට, දුක, ශෝකය, උන්මාදය, චිත්තපී‍්‍රතියද පැවතුනේ ඔහු සමගිනි (මා මිතුරකුට අනුව ”අපිට රිදව රිදව අපිත් එක්ක අවුරුදු 30 ක් හිටපු මිනිහ”). ආදරය/ වෛරය, හොඳ/ නරක, කලූ/ සුදු ආදී සියලු ප‍්‍රතිපක්‍ෂයන්හි එකකට අනෙක නොමැතිව පැවතිය නොහැකිවාක් මෙන් අපගේ සාමාන්‍ය ජීවිතය සමග ප‍්‍රභාකරන් අවියෝජනීයව බැඳී සිටියේය. අපි ඔහුට අතිශයින් බිය වීමු. ඔහුගේ ලේ පිපාසය ඕනෑම මොහොතක මා ඇතුලු මා ආදරය කරන කවුරුන් හෝ බිලිගත හැකිවිය. දිනය – 2009. 05.19 වේලාව – රාතී‍්‍ර 11.17 විධිමත්ව යමක් ලිවීමට තරම් නිශ්චිතතාවයකින් තොරව මේ…
රාජ්‍ය නොවන සංවිධාන ජන පැලැන්තිය හා සමාජ ව්‍යාපාර
රාජ්‍ය නොවන සංවිධාන ජන පැලැන්තිය හා සමාජ ව්‍යාපාර Colours of Ceylonism නිදහසින් පසුව යටත්විජිත රටවල් වල උවමනා ආකාරයට ලංකාවේ සියල්ල සකස් කර ඔවුන්ට ගැලපෙන අපට නොගැලපෙන පාලක පන්තියකට රට බාර දී ගියහ. මෙම පාලක පන්තිය පෙර රදල හෙවත් අධිරාජ්‍යවාදීන්ට උදව් කල සිංහල දෙමළ හා මුස්ලිම් ජාතිකත්වයෙන් හෙබි විය. කාලානුරූපව සකස් වූ මෙම මධ්‍යම පන්තිය විසින් රටේ බලතල බාරගන්නා ලදී. මෙම බාරගැනීම සාර්ථකව සිදු වුවද පාලනය කිරීම සිදු කරන ලද්දේ අසාර්ථකවය. එම නිසා අධිරාජ්‍යවාදයට භාවිතා කල නොහැති ආකාරයට ඔුවුන් විසින් සකස් කරන ලද ව්‍යුහයන් ජරාජීර්ණ විය. පාර්ලිමේන්තුව, අධිකරණය, රාජ්‍ය යාන්ත‍්‍රණය මෙම ව්‍යුහ අතර කැපීපෙනෙන අක‍්‍රමිකතාවයන් සිදු කරන ලද ආයතනය බවට පත්විය.…
සංවාද
නව-ලිබරල් ජාතිකවාදයක් කතිකා.ලංකා වෙබ් අඩවියේ පළ වූවකි. කතිකා අධ්‍යයන කවය අප මෙම ලිපිය ලියන අවස්ථාව වනවිට යුද්ධය අවසන් වී නොතිබුණි. යුද්ධයෙන් පසු තත්ත්වය සැලකිල්ලට ගන්නේ නම්, මෙහි එන ඇතැම් අදහස් වෙනස් අයුරකින් ලියැවෙන්නට ඉඩ තිබුණි. 2005 ජනාධිපතිවරණය ආසන්නයේ “කතිකා” අධ්‍යයන කවය නිකුත් කළ ප්‍රකාශයක එම මැතිවරණය නව-ලිබරල්වාදය සහ ජාතික චින්තනය අතර අධිපතිභාවය සඳහා කෙරෙන තීරණාත්මක සටනක් ලෙස හැඳින්වූ අපි, මෙම සටන හුදු කතිකාවන් දෙකක් අතර පමණක් නොව, ජීවන ආකාරයන් දෙකක් අතරද, ඒනිසා එම කතිකාවන් මත පදනම් වූ විශ්වාස පද්ධතීන් දෙකක් අතර ද සටනක් වන්නේ යැයි කියා සිටියෙමු.