ගම්ලත්ට පසු ගම්ලත්? හරීන්ද්‍ර.බී. දසනායකගේ “මාක්ස්වාදී කලා විචාරය තුළ ගම්ලත් ලකුණ”ට පිළිතුරක් දිමුතු සමන් වෙත්තසිංහ පසුගිය දිවයින (2013.04.04) වටමඬල අතිරේකයේ “මාක්ස්වාදී කලා විචාරයේ ගම්ලත් ලකුණ”යන මැයෙන් හරීන්ද්‍ර.බී. දසනායක විසින් රචිත ලිපියේ මා විසින් “සුචරිත ගම්ලත් මාක්ස්වාදීයෙක් වී ද ?” යනුවෙන් කතිකා වෙබ් අඩවියේ පල කරන ලද ලිපියේ සඳහන් වූ කරුණු කිහිපයක් ගැන සාකච්ඡාවට මුල පුරා තිබුණි.ඒ පිළිබඳ ඔහුගේ උනන්දුව අගයමි. තවද, ඒ සම්බන්ධයෙන් ඔහු විසින් සඳහන් කරන්නට යෙදුන කරුණු වල යම් යම් අතපසු වීම් කිහිපයක් තිබුණ හෙයින් සහ ඒවා දිවංගත මහාචාර්යවරයාගේ ශාස්ත්‍රීය කර්තව්‍යය පිළිබඳ වැරදි වැටහීම් ඇති කිරීමට තරම් ප්‍රබල යැයි පෙනී යන හෙයින් මෙම ඌණ පූරණය අවශ්‍ය යැයි සිතමි.