ශ්‍රී ලාංකිකයින් ලෙස අපි බැරෑරුම් අභියෝග කීපයකට මුහුණ දෙමින් සිටිමු. දශක කීපයකට පෙර ලෝකයේ බෙහෙවින්ම ආදර්ශමත් ප්රජාතන්ත්රවාදී රටක් ලෙස පිළිගෙන තිබූ ශ්‍රී ලංකාව වර්තමානය වන විට ශීඝ්‍රයෙන් එහි වසන පුරවැසියන්ට ගෞරව සම්පන්න ලෙස සහ ආරක්ෂිත ලෙස වාසය කළ නොහැකි තැනක් බවට පත්වී තිබේ. මෙම ඛේදජනක තත්වයේ ඉතාමත්ම පැහැදිළි මතුපිට ප්‍රකාශන වන්නේ: x නීතියේ පාලනය මුළුමනින්ම බිඳ වැටීම x ආණ්ඩුකරණය සඳහා අත්‍යාවශ්‍ය වන්නා වූ ප්රජාතන්ත්රීය ආයතන පද්ධතිය ඛාදනය වී තිබීම x සමාජ විෂමතාවය පෙර නොවූ විරූ ආකාරයෙන් පුළුල් වී සමාජ අසාධාරණය සමාජ පද්ධතියේ මූලික ලක්ෂණයක් බවට පත්වී තිබීම x විවිධ වාර්ගික හා ආගමික කණ්ඩායම් අතර සහජීවනය බිඳවැටී අසමගිය සහ අවිශ්වාසය ව්‍යාප්තවීම…
'kathika' social, cultural and political review
Tagged නීතියේ පාලනය
ජිනීවා වියවුල: ජාතිය එක්සත් කිරීමට නීතියේ පාලනය, ප්රජාතන්ත්රවාදය සහ නිදහස අවශ්‍යයි
ජාතිය එක්සත් කිරීමට නීතියේ පාලනය, ප්රජාතන්ත්රවාදය සහ නිදහස අවශ්‍යයි ජිනීවා යෝජනාව සම්මත වීමෙන් පසු රජයේ රූපවාහිනී නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකදී ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂගෙන් අසන ලද “මෙම කාරණයේදී රටේ ජනතාව රජය සමග සිටින්නේද?” යන ප්‍රශ්නයට ඔහු දුන් පිළිතුර වූයේ ‘ජනතාවගේ දේශපාලන පක්ෂපාතීකම් කුමක් වුවත් ඔවුන් මේ මොහොතේ රට වෙනුවෙන් පැහැදිළිව එකට සිටින’ බව සහ ජනාධිපති මහින්ද රාජපක්ෂට ජනතා කැමැත්ත ඇති බවයි. තරුණ කටයුතු පිළිබඳ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ජන මාධ්‍යයන්ට කළ ප්‍රකාශ වලින් කියා සිටියේ ජිනීවා පරාජයෙන් උදාවන තත්වයට ‘අප ජාතියක් වශයෙන් එක්ව මුහුණ දිය යුතු’ බවයි. අමාත්‍ය වරයා තව දුරටත් කියා සිටියේ ජනතාවට ආණ්ඩුව සමඟ විවිධ ප්‍රශ්න, විවේචන තිබිය හැකි…