වෙළඳපොළට සෑම ගැටලුවක්ම විසඳිය හැකි යැයි අවධාරනය කරන නව-ලිබරල් මිථ්‍යාවේ අනෙක් පැත්ත නම්, ජනතාවගේ ජීවිතය දුෂ්කර කිරීම හැර රජයට කළ හැකි දෙය ස්වල්පයකි යන විශ්වාසයයි. නව-ලිබරල්වාදය සාමූහික යහපත පිළිබඳ අදහස නිදහස් වෙළඳපොළ ආර්ථිකය සහ රජය අතර ප්‍රශ්නයක් බවට පත් කරයි. පෞද්ගලික ධනේශ්වර අංශය සහ සාමූහික ජීවිතයේ දේශපාලන මෙවලම වන රජය අතර තෝරා ගැනීමක් ලෙස ප්‍රශ්නය මතු කිරීම, නොමඟ යවන සුළු ය……ආර්ථිකයේ තීරණාත්මක මූලධර්මය ලෙස වෙළඳපොළ ගැනීම යටතේ පවතින විශ්වාසය නම්, වෙළඳපොළේ හුවමාරුවේදී පුද්ගලයන් තමන්ට යහපත් දේ නිදහසේ තීරණය කරන බවයි. මෙහිදී, සාමූහික ජීවිතයේ යහපත, ප්‍රජාව සෑදෙන පුද්ගලයන්ගේ තනි තනි යහපත් දේවල එකතුව ලෙස සංකල්පනය කෙරේ. ‘පොදු යහපත’ පිළිබඳ එවැනි අවබෝධයක ප්‍රධාන සැලකිල්ල වන්නේ, පුද්ගල භාණ්ඩ සැපයීම තුළින් තනි තනි පුද්ගලයන්ගේ ‘සුබසාධනය’ යි. එබැවින්, පොදු යහපතේ මඟ පෙන්වන මූලධර්මය ලෙස අප වෙළඳපොළ ආර්ථිකය යෝජනා කරන විට, යටින් පවතින අදහස වන්නේ පුද්ගල යහපත උත්තරීතර වන අතර, පොදු යහපත එසේ නොවන බවයි.
'kathika' social, cultural and political review
Tagged පොදු යහපත
අප පතන ‘පොදු යහපත’ කුමක් ද? – කුමුදු කුසුම් කුමාර
උත්කෘෂ්ඨම දේශපාලන ගැටළුව සදාචාරමය මිස සංවිධානමය නොවන්නේය. – ෂේඩියාඩ්‍රෑරි, The Political Ideas of Leo – Strauss ‘රාවය’ තම සංවත්සරය වෙනුවෙන් ‘සියලු දෙනාගේ ගෞරවයට හා විශ්වාසයට හේතුවන ආදරණීය ශ‍්‍රී ලංකාවක් ඇති කර ගන්නේ කෙසේ ද?’ යනුවෙන් ප්‍රශ්නයක් නැඟීමෙන් මතු කරන ප්‍රධාන කරුණු දෙකක් මම දකිමි. ඉන් පළමුවැන්න නම්, වත්මන් ලංකාව එබඳු රටක් නොවන බව අප පොදුවේ…
නායකයන් පතන දේශය අසතුටිනි – කුමුදු කුසුම් කුමාර
වීරයන් පතන දේශය අසතුටින් යැයි බර්ටෝල්ට් බ්‍රෙක්ට් තම කවියක ලීවේය. මෙම අදහස වත්මන් ලංකාවට ගැළපෙන පරිදි සංශෝධනය කොට ‘නායකයන් පතන දේශය අසතුටනි‘ යැයි කියන්නට කැමැත්තෙමි. මන්ද යත්, අගෝස්තු 17 වැනිදා මහ මැතිවරණයෙන් පසු ලංකාවේ දේශපාලන නායකයන් ක්‍රියා කරන ආකාරය පිළිබඳ මහජනයා අතර පැතිරෙමින් පවතින්නේ ‘අපට නායකයන් නැතැ‘ යි යන හැඟීම වන හෙයිනි. අගෝස්තු 17 වැනිදා…
