උතුරු-නැගෙනහිර ජනතාවත් ඔවුන් ගේ ආත්ම ගරුත්වය හා නිදහස් පැවැත්ම ගැනත් දකුණේ සිංහල සමාජය කතා කරන්නේ, ඒ සියල්ල දැන් මේ ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් නිවැරදි කර ඇත යන, සිංහලවාදී අභිමානයෙනි. ආණ්ඩුව කියන ආකාරයට දැන් එහි ගොඩ නැගෙන්නේ සුර පුරයකි. ‘‘නැගෙනහිර උදානය’’ හා ‘‘උතුරු වසන්තය’’ සමගින් ඒ පළාත් වල සංවර්ධනය දැන් දෝරේ ගලන්නේ ය. දකුණ පිළිගන්නට වඩා කැමති, එවැනි කතා ය. එහෙත් සැබෑව එය නොවේ යැයි කියන්නට එහි යන එන කොළඹ ඉහළ සමාජයේ ඉන්නා රාජ්‍ය නොවන විශේෂඥයෝ ද, ස්වාධීන යැයි කියා ගන්නා රාජ්‍ය නොවන මාධ්‍ය ලොක්කෝ ද ඉදිරිපත් නොවෙති. එබැවින් සිංහල සමාජයේ යටත් වැසියන් පමණක් නොව, පුරවැසියන් ද උතුරේ සහ…